saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6121 hours ago

LATEST

පොදු ප්‍රවාහන සේවයේදී උපරිම මගීන් ගෙන යෑම කණගාටුදායකයි

calendar_today 2021 නොවැ 29 - 20:30 remove_red_eye - 204  

රාජ්‍ය හා පෞද්ගලික පොදු ප්‍රවාහන සේවයේදී අවම මඟීන් ගෙනයන තත්ත්වය වෙනුවට උපරිම මඟීන් රැගෙනයාමේ අතිශය කනගාටුදායක තත්ත්වයකට පත්ව ඇති බවත්, එසේ වුවහොත් නැවත නුදුරේදීම රට වසා අඩපණ කර යථාවත් කරගැනීමට සිදුවන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

අලුතින් සොයාගත් කොවිඩ්-19 ප්‍රභේදය වන ඔමික්‍රෝන් යනු මිනිසුන්ට එන්නත් විද ගැනීමට බලකෙරෙන පැහැදිලි ඇමතුමක් බව එක්සත් ජනපදයේ ඉහළම බෝවන රෝග නිලධාරියා අවධාරණය කරයි.

Read More

දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය බිඳවැටීමක් සිදුව තිබේ. කොත්මලේ උප පොලේ සිට බියගම උපපොල දක්වා විදුලිය ගෙනයන සම්ප්‍රේෂණ රැහැන් මාර්ගවල බිඳවැටීමක් නිසා මෙය සිදුව ඇති බවට වාර්තා වෙයි.

Read More

යාපනය චුන්නාගම් පොලිස් වසමේ කන්දරොඩෙයි ප්‍රදේශයේදී අද (29) අලුයම් කාලයේදී ගෑස් ලිපක් පුපුරා ගොස් ඇතැයි නිවැසියන් පවසයි.

Read More

කොවිඩ්-19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ සියලුම පළාත්වලට ව්‍යාප්ත වනවිට එරට ජනාධිපතිවරයා සිව්වැනි ආසාදන රැල්ල ගැන අනතුරු අඟවයි.

Read More

යුගදනවි ආයෝජනය පැහැදිලිවම අන්තර්ජාතික වශයෙන් මෙරට ආනාගතයේ භයානක ප්‍රතිවිපාක ගෙන දෙන තවත් ජාවාරමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

කල්පිටිය ප්‍රදේශයේ ඇති සංචාරක සංවර්ධනය අධිකාරිය යටතේ පවතින දූපත් 12 ක් සංචාරක කර්මාන්තයට යොදා ගැනීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයාට සහ සංචාරක සංවර්ධනය අධිකාරියට පසුගියදා දැනුම් දුන්නේය.

Read More

ලන්ඩනයෙන් අනාවරණය වූ නවතම ආසාදන සිද්ධීන් එකිනෙකට සම්බන්ධ නොවූ අතර, ඒවා කලින් තහවුරු වූ සිද්ධීන් සමග සම්බන්ධ වී නොමැති වීමද සැලකිය යුතු තත්ත්වයකි.

Read More

2015 වසරේ සිට මේ දක්වා ගෑස් සිලින්ඩර් පුපුරා යාමේ සිදුවීම් 233ක් පිළිබඳ වාර්තා වී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.

Read More

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වීමට හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග තීරණය කර තිබේ.

Read More

’’එන්නතට ස්තූතියි, මට මෘදු රෝග ලක්ෂණ පමණයි තියෙන්නෙ. ඒ නිසා මම නිවසේ සිට වැඩ කරනවා’’ සෞඛ්‍ය අමාත්‍ය වොජ්ටෙක් වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ගාල්ලේ දී ආරම්භ විය.

Read More

74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල-2022 සංවිධාන කමිටුවේ ප්‍රථම කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (29) දින පැවැත්විණි.

Read More

ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේද ලෝකය පුරා වේගයෙන් පැතිරීමේ ඉතා ඉහළ අවදානමක් පවතින බවත් මේ හේතුවෙන් ඇතැම් කලාපවල ඉතා දරුණු ප්‍රතිවිපාක ඇති වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටියි.

Read More

නුවරඑළිය නගරයේ ප්‍රධාන සංචාරක හෝටලයක පස්වන මහලෙන් බිමට ඇදවැටී එහි සේවය කරන ලද කළමණාකරුවෙකු අද (29) අලුයම් කාලයේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි නුවරඑළිය පොලීසිය පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග මාස 08 පමණ තාවකාලිකව නතර කර තිබු උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු (29) දින යලි ආරම්භ කෙරිණ.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය

Read More

මෙරට ඛණිජ තෙල් ලබා ගැනීමේ අයිතිය ඉන්දියාවට ලබා දී ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණයක් ලබා ගැනීමට සූදානම් වන බවට ආරංචියක් ලැබුණු බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී ඉන්දියාවට යනු ලබන්නේ එම මුදල ලබා ගැනීමට යන්න ප්‍රශ්න කරන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායත පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

Read More

රජයේ රෝහල් වෙත වෛද්‍ය උපකරණ සහ මානව සම්පත බෙදී යන ආකාරය සමබන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කර ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට පෙරේදා (27) දැනුම් දුන්නේය.

Read More

නුදුරු දිනකදී නැවත තෙල් පිරිපහදුව ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව ඉන්දන හිගයක් නිසා විදුලිය කැපීමක් සිදු වීමට කිසිසේත්ම හේතුවක් නොමැති බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී යොමු කල ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

Read More

ගෑස් සිලින්ඩර් පුපුරා යාම පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට වර්ථමානයේ හැකියාවක් නොමැති බවත් ප්‍රොපේන් සහ බියුට්‍රෙන් ප්‍රතිශත වැඩි වීම පීඩනයට බලපාන බවට මතයක් මේ පිළිබඳ පර්යේෂණ සිදු කරන මොරටුව විශ්ව විද්‍යාලයට තිබෙන බවත් සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

Read More

යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් ලබන මස 16, 17 දිනවල සලකා බැලීම සඳහා කැඳවීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කර ඇත.

Read More

මේ වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණිම ලක්ෂය ඉක්මවයි. පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් 28 වෙනි දා දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 101,872 කි. නොවැම්බර් මස 01 වෙනිදා සිට ඊයේ (28) දක්වා සංචාරකයන් 41,177 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

Read More

ප්‍රීමා පාන් පිටි කිලෝ 1ක මිල රුපියල් 17.50කින් ඉහළ දැමූ බව එම සමාගම පවසා සිටියි. ඒ අනුව එය නොවැම්බර් 27 වනදා සිට ක්‍රියාත්මක වන බවයි ඔවුන් සඳහන් කර සිටියි.

Read More

පොලිස්පති චන්දන වික්‍රමරත්න මීට සුළු මොහොතකට පෙර අධිකරණය වෙත පැමිණ තිබේ. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව විභාග කෙරෙන පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගය සඳහා සාක්ෂි ලබාදීමටයි ඔහු මෙලෙස පැමිණ ඇත.

Read More

ටෝකියෝ - නව කොවිඩ් 19 වෛරස් ප්‍රභේදයක් වන ඔමික්‍රොන් ලොව පුරා රටවල් කිහිපයකින් වාර්තා වීමත් සමග එයින් අරක්ෂාවීම සඳහා වීම සඳහා ලොව පුරා සිටින සියලුම විදේශීය අමුත්තන්ට ජපානයට ඇතුළුවීම අත්හිටුවන බව ජපානය සඳුදා නිවේදනය කළේය.

Read More

ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිත වූ දෙදෙනෙක් කැනඩාවේ, ඔටාවා අගනුවරින් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

Read More
Rain rain go away
29 11 2021 09:51:00
0 503

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙසට් තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා ඇතිව තිබේ. මේ වන විට සම්පූර්ණයෙම පාහේ පිටිය වැහි ආවරණ වලින් වසා තිබේ.

Read More

ඉලෝන් මස්ක්ගේ ස්පේක්ස් එක්ස් සමාගම ලොවට හඳුන්වාදී ඇති ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මූලික මට්ටමේ ක්‍රියාදාමයන් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

Read More

ඉන්දියාවෙන් ගෙන්වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල සෝටීස් (කෙටි කෑම) නිෂ්පාදනය සඳහා රටපුරා බෙදාහරින ජාවාරම්ක සුලමුල හෙළි කර ගැනීම්ට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට 28 දින පස්වරුවේ හැකි වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.