අරුන්දික නිර්දෝෂි බව කෙහෙළියගේ කමිටුව කියයි
රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේ දී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ සිදුවීමට හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කිසිඳු අනුදැනුමක් හෝ බලපෑමක් සිදුකර නොමැති බවත් ඒ අනුව හිටපු අමාත්‍යවරයා නිර්දෝෂි පුද්ගලයෙකුට බවට නිගමනය කරන බවටත් සිදුවීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ අමාත්‍ය අනුකමිටුව තීරණය කර තබේ.
රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේ දී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ සිදුවීම සම්බන්ධ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී ඇති අත එම වාර්තාවේ මේ බව දැක්වෙන බව ජනපති මාධ්‍ය ඒකකය පවසයි.
එසේම සිදුවීම සම්බන්ධයෙන් නීතිය අපක්ෂපාතීව ඉටු කිරීම සඳහා ද අරුන්දික ප්‍රනාන්දු මහතා ඉඩ ලබාද ඇති බව කමිිටුව පවසයි.
පසුගිය පෙබරවාරි 01 වන දින රාත්‍රී රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂා කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සභාපතීත්වයෙන් කමිටුවක් ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබිණ. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රමේෂ් පතිරණ යන මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.
කමිටුව අදාළ සිදුවීම, වාර්තා ආශ්‍රිතව නිරීක්ෂණය කර, කරුණු සහ නිර්දේශ ඇතුළත් වාර්තාවක් සකස් කර තිබේ.
එම සිදුවීම තෙවන හා සිව්වන වසරවල ඉගෙනුම ලබන සිසුන්ගේ වගකීම් විරහිත ක්‍රියාවක් විනා සැලසුම්සහගතව හා චේතනාන්විතව සිදුකළ ගැටුමක් නොවන බව ලබාගත් වාර්තා පරිශීලනයෙන් දක්වා ඇතැයි ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
වාර්තාවේ නිරීක්ෂණයන්ට අනුව සිද්ධියට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර, යම් ක්‍රියාවන් කළ බවට පිළිගැනීම නිසා මුදල් හා ශරීර ඇප මත මුදාහැර ඇති බවත් අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා සිය මිතුරන් සමග ප්‍රමාදයකින් තොරව අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් කමිටුව සඳහන් කර තිබේ.
පොල් සංවර්ධන අධිකාරියට අයත් රථයක් අදාළ සිද්ධියට යොදාගැනීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම වාහනය භාර රාජ්‍ය ආයතනයටත්, මෙය පූර්වාදර්ශයට ගෙන බාහිර පාර්ශ්වයන්ට නේවාසිකාගාර පරිශ්‍රයන්ට අනවසරයෙන් ඇතුළු වීම වැළැක්වීම සඳහා සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම ආරක්ෂාව සහතික කිරීමේ නිශ්චිත වැඩපිළිවෙළක් සැකසීමටත් කමිටුව නිර්දේශ කර ඇත.
popular news
-
sg Thursday, 03 March 2022 06:52 PM
There are no stupid people all over the country. To be disciplined politicos and they must be responsible actions of their children.
Reply : 0 0
චමින්ද Friday, 04 March 2022 01:19 PM
පැරණි කියමනක් තිබුනා හොරාගෙ අම්මගෙන් පේන ඇහුවා වගේ කියලා මේකත් එහෙම එකක් .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

