රට දැවැන්ත අර්බුදයකට වැටි තිබෙන අවස්ථාවේදී ඇමතිවරුන් ඉවත් කරමින් දේශපාලන නාඩගම් පෙන්වීමෙන් පළක් නොවන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර මහතා පවසයි.
හදිසි කැබිනට් සංශෝධන සම්බන්ධයෙන් අද කළ විමසුකදී ප්‍රතිචාර දක්වමන් ඔහු මේ බව පැවැසීය.
"අද රට දැවැන්ත අර්බුදයකට වැටිලා. ජනතාව වරු ගණන් පෝලිම්වල.ඉන්ධන නෑ,විදුලිය නෑ, තව ටික දවසකින් කන්නත් නෑ. මුදල් ඇමතිවරයා තමන්ගේ හෙන්චයියන් දාලා මේවා තමන්ගේ වැඩ නෙමෙයි කියන්න හදනවා.
මේ මුදල් ඇමති ෆේල්. දැන් ඒක වහන්න වෙන ගේම් එකක් ගහනවා.මේවා ඔක්කොම මොළ හතක් කියලා හත්පොලේ ගාගත්ත එක වහන්න කරන වැඩ.
ඇමතිිලා මාරු කරන්න ඕන නම් ඉස්සෙල්ලාම කරන්න ඕනෑ රට මේ තත්ත්වයට දාපු මුදල් ඇමතිි අයින් කරන එකයිි"