උක් ටොන් එකකට රුපියල් 2000ක් වැඩිකර දෙන ලෙස ඉල්ලා සෙවනගල ලංකා සීනි සමාගමේ පාලන අධිකාරියට බල කරමින් උක් ගොවීන් 600ට ආසන්නන පිරිසක් අද (03දා) සෙවනගල ඩංඩුම මංසන්ධිය අවහිර කරමින් විරෝධතාවයේ නිරත විය.
පසුව පිරිස සෙවනගල ලංකා සීනි සමාගම ඉදිරියට ගොස් විරෝධතාවයේ නිරත විය.එහිදී පාලන අධිකාරිය සමග සාකච්ඡාවකට කිහිප දෙනෙකුට අවස්ථවක් ලැබුනු නමුත් සාකච්ඡා අසාර්ථක බව උක් ගොවීන් පැවසීය.
ගොවීන් ප්රකාශ කරන්නේ තමන් උක් වගාවෙන් ඉවත් වීමට කටයුතු කරන බවයි.
මේ අතර විරෝධතාවයේ නිරත පිරිසක් ෆෝක් ලිෆ්ට් රියදුරෙකුට පහරදීමට උත්සහ කිරීමත් සමග එහි උණුසුම් තත්වයක් ඇතිවීය.විරෝධතාකරුවන් බලහත්කාරයෙන් එම රියදුරු හරහා ඔහු වැඩ කල ෆෝක් ලිෆ්ට් එක ආදාරයෙන් යකඩ පට්ටල් කිහිපයක් ගෙනවිත් එක්අංගනයක ගේටටුවක් වසා දැමීමට කටයුතු කලහ.
සූරියවැව නුවන් ජයසේකර





