විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන තොග බලාගාරවලට නිසි ලෙස නොලැබීම නිසා අද (04දා) දිනයේදීත් පැය 07 විනාඩි 30ක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව අද පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දිවා කාලයේ පැය 5ක් සහ පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා රාත්‍රී කාලයේ පැය 02 විනාඩි 30ක් ලෙස විදුලිය කප්පාදු කිරීම සිදු වේ.
මේ අනුව E, T, U, V, W යන කලාපවලට උදෑසන 08.00 සිට දහවල් 01.00 දක්වා පැය පහක් විදුලිය කප්පාදු කිරීම සිදුවන අතර, එම කලාපවලට සවස 06.00 සිට රාත්‍රී 08.30 දක්වා කාලය තුළ පැය දෙක හමාරක විදුලි කප්පාදුවක් සිදු කරනු ලබයි.
F, P, Q, R, S යන කලාපවලවට දහවල් 01.00 සිට සවස 06.00 දක්වා පැය පහක කාලයක් විදුලි කප්පාදු කෙරෙන අතර, එම කලාපවලට රාත්‍රී 08.30 සිට රාත්‍රී 11.00 දක්වා පැය දෙකහමාරක කාලයක් විදුලි කප්පාදුව සිදු වේ.
ඊයේ (03දා) දිනයෙදිත් විදුලි කප්පාදු කිරීම මේ ආකාරයට සිදු වූ අතර, මේ නිසා ජනතාව, කර්මාන්ත ශාලා හිමියන් සහ ව්‍යපාරිකයෝ දැඩි දුෂ්කරතාවට පත් වූහ.
ඉන්දික හේවාවිතාරණ





























