වර්තමානයේ රට පත්ව ඇති තත්ත්වයට අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළුව ඊයේ පැවැති සම්මන්ත්‍රණයට එක්වූ සියලු දෙනා වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්කයන් රාස මානික්කයන් පැවැසීය.
වාලච්චේනේ පැවැති වැඩසටහනකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“ඊයේ දවසේදී අපි දැක්කා විමල් වීරවංශ ඇමතිතුමා ඇතුළුව මේ රටේ දේශප්‍රේමීන් යැයි කියා ගන්නා මන්ත්‍රීවරු තිස්දෙනෙකුත් හිටපු ජනපතිත් එකතු වෙලා හරි අතට රටද මොකක්දෝ කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා.
ඇත්තටම මේ මන්ත්‍රීවරු තිස්දෙනා හා පක්ෂ නායකයෝ පසුගිය අවුරුදු දෙකේ කෝමා තත්ත්වයෙන් හිටියද කියලා අහන්න වෙනවා. අපි දිගින් දිටම ආර්ථිකය ගැන කියපු දේවල් විමල් වීරවංශ මහත්තයා ඊයේ ඇවිල්ලා එයා හොයා ගත්තා වගේ ප්‍රසිද්ධියේ කතාවක් කරනවා.
අද මේ රට බංකොලොත් වෙලා තියෙන්නේ විමල් වීරවංශ වගේ බොල් දේශප්‍රේමීන් නිසා තමයි. එම්.සී.සී. ගිවිසුම ගැන බොරු කියලා, අර ගිවිසුම ගැන කියලා රටට එන මුදල් නැති කරලා අද නැවතත් ඒ බොරුවම කියන්න පටන් අරන්.
මුදල් ඇමති වැඩ කරන්නේ නැත්නම් අයින් කරන්න කියන්නකෝ. ජනාධිපතගේ මල්ලි නිසාද අයින් කරන්නේ නැත්තේ. මහ බැංකු අධිපති වැඩ කරන්නේ නැත්නම් අයින් කරන්න. රටේ ආර්ථිකය විනාශ වීමට විමල් වීරවංශ ඇමතිතුමා, හිටපු ජනපතිතුමා ඇතුළු ඒ තිස්දෙනාම වගකියන්න ඕන”
