ජනපති අපේක්ෂකත්වයට එන්න බැසිල්ට උවමනාවක් තිබුණා
පසුගිිය ජනපතවරණ සමයේදීි වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ජනපති අපේක්ෂකත්වයට පැමිණිමට සූදානමක් තිබුණ බව හිටපු අමාත්‍ය විමල් විිරවංශ මහතා පැවැසිය.
අද කොළඹද පැවැතිි මාධ්‍ය හමුවකදීී ඔහු මේ බව පැවැසීය. 2015 ජනපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසුව ඔහු විපක්ෂනායකම බලාපොරොත්තු වූ බවද ඔහු පැවැසීය.
බැසිිල් රාජපක්ෂ මහතා හා ප්‍රතිපත්තිිමය ගැටුමක් පැවැතිි බවත් එය වරින් වර එළියට පැමිණි බවත් ඔහු පැවැසීය.
වත්මන් ජනපතිවරයා මේ අවස්ථාවේදීත් තමන්ගේ පවුල වෙනුවෙන් පෙනී සිටීමට සිදුවුණා.
බැසිල් රාජපක්ෂ මහතාගේ පාලනයට ජනපතිවරයාට නතු වෙන්න වෙලා තියෙනවා.
"ශ්රිි ලංකා පොදුජන පෙරමුණ තනිි පෛෟදග්ලිික දේපළක් වෙලා තියෙනවා. එයිින් අත්මිදෙන්න ජනපතිවරයාට බැරිවෙලා තියෙනවා. අපිට තනතුරු නොතබුණත් තිබුණත් අපේ දේශපාලනයට එහෙමයි. අපිි ජනවරමට අනුකූලව කටයුතු කරනවා පමණයි. ආණ්ඩුව ජනවරමට පටහැනිව යන විට අපි කතා කරලා තයෙනවා.
අපි සමුළුවෙන් කළේ ආර්ථික අර්බුදය ගැන රටට කීමයි. ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට අපි දෙන්නා ඉවත් කළාම ඩොලර් පැටව් ගහනවා. විිදුල බල කප්පාදුව නැතවෙනවා්. තෙල් එනවා. එහෙම හරි කමක් නෑ රට ආර්ථිික අර්බුදයෙන් ගොඩ යනවනම්"
popular news
-
Deepal Nirosh Friday, 04 March 2022 07:41 AM
කතාව 100%ක් ඇත්ත නම් මේ කාරියම 2024 දිත් තමුන් දෙපළටම පැවරෙන බව මතක තියා ගත්තොත් හොඳා. ඔය ඇමතිකම් දැරීමට වඩා ද්විත්ව පුරවැසියෙකු නායකත්වයට පැමිණිම වැළැක්වීම අති උතුම් සද්කාර්යයක්. ඇමතිධුර අතහැරීම කාරිය සඵල කිරීමේ ප්රාරම්භයක්ම වේවා...!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

