රට මෙතැනට අරගෙන ගියේ කවුරුද? ඉදිරියේදී සාක්ෂි සහිතව - පා.ම ගම්මන්පිළ
මේ රට මෙතැනට අරගෙන ගියේ කොහොමද ඒකට වගකිවයුත්තෝ කවුරුද කියන එක නුදුරු දිනෙක මේ රටට මේ අපරාධය කළ ආකාරය පිළිබඳව අපි ඉදිරියේදී රට හමුවේ ලිඛිත සාක්ෂි සහිතව තබන්න සුදානම්. හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා අද (04දා) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
වැඩි දුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා...
ආර්ථිකය ගැන මෙලෝ හසරක් නොදන්න කෙනෙක් ආර්ථිකය මෙහෙයවීම නිසා අපේ රට දිනෙන් දින අගාධයට වැටෙන බව අපි දිගින් දිගටම ඇමති මණ්ඩලය තුලත්,එය ඵලක් නැති කල ආමාත්‍ය මණ්ඩලයෙන් පිටතත් කරුණු දක්වන්න පටන් ගත්තා.
ඒ වගේම අපි ඇමති මණ්ඩලය තුල දිගින් දිගටම සටන් කළේ මේ අර්බුදයට විසඳුමක් පේනතෙක් මානෙක නැති නිසා ජනතාව වික්ෂිප්ත වෙනවා, වාහාම විසඳුමක් හදමු කියලා. ආණ්ඩුව ඇතුලේ ඒ විසඳුම සකස් නොවුන නිසා අපි මුළු රටම හරි මගට යනුවෙන් මේ අර්බුදයෙන් ගොඩ යන්න විසදුම් යොජනාවලියක් ඉදිරිපත් කළා.
ඒ විසඳුම, විස දුමක් වගේ දැකලා ඒ විසඳුම ක්‍රියාත්මක නොකර මාවත් විමල් වීරවංශ අමාත්‍යවරයාවත් අමාත්‍යධූර වලින් ඉවත් කරන්න ආණ්ඩුව තීරණය කළා.
මේ රට මෙතැනට අරගෙන ගියේ කොහොමද ඒකට වගකිවයුත්තෝ කවුරුද කියන එක නුදුරු දිනෙක මේ රටට මේ අපරාධය කළ ආකාරය පිළිබඳව අපි ඉදිරියේදී රට හමුවේ ලිඛිත සාක්ෂි සහිතව තබන්න සුදානම් යැයි සඳහන් කළේය.
popular news
-
samson de silva Saturday, 05 March 2022 03:52 AM
Ekath ekkama 2019 paasku iridaa palliwalata bomba gahanna kumanthranaya keruwe kawda kiyalath dannawaanam kiyamuda? Den den rajapaksalage para wedaokkoma gena karunu eliyata ennayi yanne.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

