ශ්‍රී ලංකාව තුළ පවතින ෆෝමලින් අවශ්‍යතාවට සරිලන පරිදි එම තොග නොමැති බවට පැතිර යන ප්‍රකාශ සාවද්‍ය වන බව වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කිරීමක නිරත වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ඉදිරි මාසයකට ප්‍රමාණවත් ෆෝමලින් තොග මේ වනවිටද එම සංස්ථාව සතුව පවතින බවයි.
ඊට අමතරව ඇණවුම් කර ඇති තවත් ෆෝමලින් තොගයක් රැගත් නෞකාවක් ඉදිරියේදී මෙරටට ළඟා වන බවත්, ඒ අනුව එම තොගයත් සමග ඉදිරි මාස 7කට ප්‍රමාණවත් ෆෝමලින් තොග රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.
රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා පමණක් මෙරටට ෆෝමලින් ආනයනය කරනු ලැබේ.