යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියාවට වන්දි ගෙවීමට සිදුවෙනු ඇති බවත් විනාශ වූ සෑම දෙයක්ම නැවත ගොඩ නගන බවත් යුක්රේන ජනපති සෙලෙන්ස්කි පවසයි. සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
"ඔබ (රුසියාව) අපගේ සියලුම ආසන දෙව්මැදුර සහ පල්ලි විනාශ කළත්, ඔබ අපගේ ඇදහිල්ල, යුක්රේනය සහ දෙවියන් වහන්සේ කෙරෙහි අපගේ අවංක විශ්වාසය, මිනිසුන් කෙරෙහි ඇති විශ්වාසය විනාශ නොකරනු ඇත.
විනාශ වුණ සෑම නිවසක්ම, සෑම වීදියක්ම, සෑම නගරයක්ම අපි නැවත ගොඩනඟමු. අපි රුසියාවට කියනවා - 'හානිවීම්' සහ 'දායකත්වයන්' යන වචන ඉගෙන ගන්න. ඔබ අපේ රාජ්‍යයට එරෙහිව, අපගේ සෑම යුක්රේන ජාතිකයෙකුටම එරෙහිව කළ දේ සඳහා ඔබ අපට සම්පූර්ණයෙන්ම ආපසු ගෙවනු ඇත.”
ඔහු සෘජුවම රුසියානු ජනති ව්ලැඩිමීර් පුටින් වෙත පැවැසුවේ "ගෙදර යන්න. ඔබේ නිවසට." යනුවෙනි.
ඔහු පවසන්නේ රුසියාවේ පමණක් නො ලොව පුරා සිටින රුසියානු භාෂාව කථාකරන අය පුටින් විසින් ආරක්ෂා කළ යුතු බවයි.
සෙලෙන්ස්කි රුසියාවේ ආක්‍රමණය වෛරසයකට සමාන කරන අතර, යුක්රේනය සිය පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වී වසර දෙකකට පසුව "තවත් වෛරසයක ප්‍රහාරයට ලක්ව දැන් සතියක් ගතවී ඇත." ඇතැයි ඔහු පවසයි.
"අපේ නිදහස හැරෙන්නට අපට අහිමි වීමට කිසිවක් නැත.” යැයි ඔහු පවසයි.