saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 5916 hours ago

LATEST

රිදියගමට එක්වූ අමුත්තා

calendar_today 2022 ජන 18 - 14:50 remove_red_eye - 1086  

රිදියගම සෆාරි උද්‍යානයේ ’’ලාරා ’’ නැමති සිංහ ධේනුව බිහිකළ පළමු සිංහ පැටවා වන ’’ඩෝරා’’ නමැති සිංහ පැටවා අද (18දා) සිට මහජන ප්‍රදර්ශනයට තබන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.

කොළඹ වරාය නගරය නැරඹීම සඳහා පුද්ගලයින් 89,540 දෙනෙක් ගත වු දින අට තුළ පැමිණ ඇතැයි වාර්තා වේ.

Read More

විදුලිය නිපදවීම වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන නොලැබීම වෙනුවෙන් අද (18දා) සිට විදුලි කප්පාදුවක් සිදුවීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර බැඳුම්කරය ගෙවා අවසන් කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ඇතැම් සංචාරක ආයතන ’විදේශිකයන්ට පමණයි’ යනුවෙන් වෙන් කර සේවාවන් සපයයි නම් ඒ වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

මොනරාගල ජීලෝන් කඳුවැටිය මාර්ගයේ ජලටැංකිය අසල 09 වංගුවේදී ඊයේ (17දා) සවස ට්‍රැක්ටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් ට්‍රැක්ටර් රථයේ රියැදුරු සහ එහි සහායක ජීවිතක්ෂයට පත්ව ඇති බව මොනරාගල පොලීසිය පැවසීය.

Read More

ශල්‍යාගාර භාර ප්‍රධාන හෙද නිලධාරිනියට පහරදුන් විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මහරගම අපේක්ෂා රෝහලේ හෙද නිලධාරීන් අද(18දා) විරෝධතාවක් සංවිධානය කර තිබුණි .

Read More

ඇල්පිටිය - පිටිගල මාර්ගයේ අමුගොඩ ප්‍රදේශයේ ඊයේ (17දා) රාත්‍රී සිදු වු යතුරුපැදි කැබ් රථ අනතුරින් එකම පවුලේ මව සහ පුතා මිය ගිය බව පිටිගල පොලිසිය පැවසීය.

Read More

ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර දීමේදී විදුලියෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

සේවක අර්ථ සාධක අරමුදල කොටස් හිමිකම්වල සිදුකළ ආයෝජනවල වටිනාකම 2021 වසර තුළ වාර්තාගත අන්දමින් ඉහළ ගොස් ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

2022 වසරේ ආහාර සුරක්ෂිතාව වෙනුවෙන් කටයුතු කළ යුතු වසරක් බවද වගා කළ හැකි සෑම ඉඩමක්ම වගා කිරීමට යොදා ගත යුතු බවද ජනපතිවරයා පැවැසීය. ඒ සඳහා බිත්ති පිංතාරු කළ තරුණයින්ට හා පුරන් කුඹුරු අස්වද්දපු තරුණයින් ආරාධනා කරන බවත් ජනපතිවරයා පැවැසීය.

Read More

තමා ජනපතිවරයා ලෙස පත්වීමෙන් පසුව අධිකරණයේ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ පත්වීම් දේශපාලනීකරණය කිරීමට කටයුතු නොකළ බවද ඔහු පැවැසීය.

Read More

රට ගොඩනැගීමට සියලු මන්ත්‍රීවරුන්ට ජාතික වගකීමක් ඇති බවත් ඒ සඳහා සියලු දෙනාට ආරක්ෂා කරන බවත් ජනපතිවරයා පැවැසීය.

Read More

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය අද (18දා) අරම්භ වෙයි. ඒ සඳහා එක්වීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටියි.

Read More

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

එතනෝල් ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ව්‍යාපාරිකයෙකුට ගුවන්තොටුපළ ප්‍රභූ පර්යන්තය භාවිත කිරීමේ පහසුකම් සලසා දීමට රාජ්‍ය අමාත්‍යවරයෙක් විසින් කටයුතු කළ බවට වාර්තාව වූ සිද්ධිය සම්බන්ධ විමර්ශන වාර්තාව මේ වන විට ජනාධිපතිවරයාට භාරදී තිබේ.

Read More

’’අපි බාධක ඉවත් කළ යුතුයි, තාප්ප ඉදි නොකළ යුතුයි. වසා නොදැමිය යුතුයි. ඒ වෙනුවට අපි විවෘත කළ යුතුයි. අපි සෙවිය යුත්තේ ඒකාබද්ධතාව මිස, විසංයෝජනය නොවෙයි. විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීමේ මාර්ගය මෙයයි’’ චීන ජනපති ලෝක ආර්ථික සංසදය (WEF) අමතමින් පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය උසස් ස්ථානයකට පත්වෙමින් තිබෙන බවත් අද (17දා) රාත්‍රීයේ ශ්‍රී ලංකාව තුළ විදේශීය සංචාරකයන් 46,942 කු රැදී සිටින බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කළේය.

Read More

සිය පියා සමග අද පස්වරුවේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව පියාගේ ගෙලෙහි එල්ලී සිටි සිසුවා එක්වරම දෑත් මගහැරී මුහුදේ ගසා ගෙන ගොස් ඇතැයි පැවසේ.

Read More

’’පසුගිය වසර දෙක සරල නමුත් ම්ලේච්ඡ සත්‍යයක් පෙන්නුම් කර තිබෙනවා. අපි කිසිවෙකු හැර ගියහොත්, අපි සියල්ලන්ම අත්හැරීමක් සිදුවෙනවා.’’ එක්සත් ජාතීන්ගේ මහලේකම් පැවසීය.

Read More

නව වැනි පර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය හෙට (18දා) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතය. පසුගිය වසරේ අයවැය විවාදයෙන් පසුව පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.

Read More

ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍ර්‍රාප්ත වී තිබේ. 71 වැනි වියේ පසුවූ ඒ් මහත්මිය මිය යන විට ඉතාලියේ මිලාන් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටියාය.

Read More

ප්‍රංශ ක්‍රීඩා අමාත්‍යාංශයද ප්‍රංශයේ නව එන්නත් අනිවාර්ය කිරීමේ නීතියෙන් නිදහස් වීමක් කිසිවෙකුට නොමැති බව ප්‍රකාශ කිරීමෙන් පසුව, ජොකොවික් තවදුරටත් එන්නත ලබා නොගන්නේ නම් ඔහුට ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමද තහනම් විය හැකි බව කීය.

Read More

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දැඩි ආරක්ෂාව මධ්‍යයේ වරාය පොලිසියේ රඳවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Read More

මේ වනවිට යුරෝපා කලාපය තුළ කොවිඩ්-19 පූර්ණ එන්නත්කරණය සමග මෙම ලොක්ඩවුන්, මුඛ ආවරණ සහ සමාජ දුරස්ථ ක්‍රියාමාර්ග ක්‍රමයෙන් අඩුවෙමින් පැවතීම නිසා යළිත් ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය හිස ඔසවමින් ඇති බව කියයි.

Read More

නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ලෙඩ නිවාඩු වාර්තා කොට වෘත්තීය ක්‍රියාමාර්ගයකට හෙට (18දා) එළඹෙන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පැවසීය.

Read More

මෙම හුන්ගා-ටොන්ගා-හුන්ගා-හාඅපායි ගිනිකන්ද පසුගිය දශක කිහිපය තුළ නිතිපතා පුපුරා ගිය නමුත් සෙනසුරාදා පුපුරා යාමේ බලපෑම ෆීජි, නවසීලන්තය, එක්සත් ජනපදය සහ ජපානය දක්වා ඈත ප්‍රදේශයන්ටද දැනුණි.

Read More

ලෝක සිතියමේ ආසියාවට යටින් එල්ලිලා තියෙන එක තමයි මුතු ඇටේ කියලා අපිට උගන්නල තියෙන්නෙ, ඒක වැරදියි. මේ සිතියම අනිත් පැත්ත හරවල බලන්න ඕනේ දැන් උඩින්ම තියෙන්නේ ලංකාව. මේක ආක්‍රමණය කරපු පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි දැන් ආක්‍රමණය කරන ඇමරිකාව, ජපානය, ඉන්දියාව, චීනයට ලංකාව මග ඇරලා යන්න බැහැ.

Read More

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි බැතිමතුන් පිරිසක් ගමන් ගත් මොටර් රථයක් අද (17දා) අනතුරට පත් විමෙන් මොටර් රථයේ රියදුරා ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම තුවාලකරුවන් වැඩි දුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කළ බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

Read More

අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ගැනීම ‌සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ලංකා ඉන්දීය තෙල් සමාගම සමග සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස තමන් ලංවිම සභාපතිවරයාට දැනුම් දුන් බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.‍

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.