saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 5907 hours ago

LATEST

පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක් දෙන්න ලෝක බැංකු සහාය පතයි

calendar_today 2022 ජන 20 - 16:42 remove_red_eye - 567  

පෞද්ගලික අංශයේ විධිමත් හා අවිධිමත් අංශයේ වැඩකරන සේවක සේවිකාවන්ගේ වෘත්තීය සුබ සාධනය ඇති කිරීම අරමුණු කරගෙන සමාජ ආරක්ෂණ හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් වන බැවික් ඒ සඳහා ලෝක බැංකුවේ සහයෝගය ලබාදෙන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා සිටියේය.

කොළඹ වරායට ආසනන්යේදී ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව සම්න්ධයෙන් කළ විමර්ශන කටයුතු සඳහා රහස් පොලිසියට බාරදුන් ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ දේශීය නියෝජිත ‘සී කොන්සෝටියම් ලංකා සමාගමේ ලැප්ටොප් පරිගණකට හානි සිදුවුයේ කෙසේදැයි සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට අද (20දා) නියම කළේය.

Read More

දිමුත් ආරම්භක පිතිකරුවා ලෙස නම් කර ඇති අතර නවසීලන්තයේ කේන් විලියම්සන් කණ්ඩායමේ නායකයා ලෙස නම්කර තිබේ.

Read More

ශ්‍රී ලාංකික හෙද හෙදියන්ට සහ අනෙකුත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා එක්සත් රාජධානියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිමය රැකියා අවස්ථා ලබා ගැනීම වෙනුවෙන් , ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සෞඛ්‍ය ආරක්ෂණ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජතික පක්ෂයට පාවා දීම නිසා අසරණ වී සිටීසැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට රැකවරණය ලැබුණේ පොහොට්ටුවබිහි කිරීම නිසා බවත් යහපාලනය පිටුපස ගිය මෛත්‍රී ඇතුළු නඩය ආණඩුවෙන් ඉවත් වුවද ආණ්ඩුව බිද නොවැටන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

නවීකරණය කරන ලද කොළඹ, මල් පාරේ පිහිටි “සිරිමතීපාය” අග්‍රාමාත්‍ය කාර්යාලය අද (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

Read More

විදේශිකයින්ට සපයනු ලබන සේවාවන් වෙනුවෙන් විදේශ විනිමය පමණක් ලබා ගන්නා ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලු ලියාපදිංචි සංචාරක ආයතනයන් දැනුම්වත් කර තිබේ.

Read More

වසර 40ක් බෞද්ධ සමිතියක් මගින් පාලනය වූ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පිහිටි බෞද්ධ මන්දිරය සුලු පිරිසකගෙ වුවමනාවට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට පැවරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ප්‍රදේශයේ මහා සංඝ රත්නය හා ජනතාව අද (20දා) මත්තේගොඩ බෞද්ධ මන්දිරය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි .

Read More

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා පීඨය ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් විවෘත කෙරිණි. අලුතින් පිහිටුවන ලද පීඨය 11 වන පීඨය වන අතර,මෙරට උසස් අධ්‍යාපනයේ ප්‍රමුඛ ආයතනයක් බවට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පත්වෙමින් තිබේ

Read More

ලෝකයේ අංක එකේ බිලියනපතියා වන ඉලෝන් මස්ක්ගේ ටෙස්ලා විද්‍යුත් කාර් නිපදවීමේ කර්මාන්ත ශාලාවක් ලංකාවේ ආරම්භ කිරීමට අවස්ථාවක් ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

ඉදිරියේ දී අපේ රටේ රබර් වගාව ද වන වැස්මට ඇතුළත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇති අතර එම වැඩ පිළිවෙළ කඩිනම් කරන ලෙස තමන් නිලධාරින්ට උපදෙස් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම වැඩ පිළිවෙළ යටතේ පරිසර අමාත්‍යාංශය විසින් 2022 වසර තුළ හෙක්ටෙයාර් 500ක රබර් වගා කිරීමට නියමිතය.

Read More

තමන් ප්‍රථමයෙන්ම දේශපාලකයන්ට ඇති වරදාන වරප්‍රසාද සියල්ලම අහෝසි කරන බව ඔහු පැවැසීය.වංචාව හා දූෂණය නතර කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග අනුගමනය කරන බවද ඔහු පැවැසීය.

Read More

රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කිරීමට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් නිකුත් කර තිබේ.

Read More

ඊයේ දිනයේදී ඇතැම් ආයතනවල රාජ්‍ය සේවකයන්ට මෙම මාසයට අදාළ වැටුප් පත ලබාදී තිබුණත් එම වැටුප් පතට රු 5000 දීමනාව එක්කර නොතිබුණ බවද වාර්ත වෙයි.

Read More

මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා කොවිඩ් ආසාදිතව තිබේ. ඔහුට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහු මෙසේ ආසාදිත බවට තහවුරු වී තිබේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (19දා) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 50කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

Read More

කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් ලබා නොගැනීම පිළිබඳ ආරවුලකදී ඔස්ට්‍රේලියානු රජය ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමෙන් පසුව, මේ සතියේ එරටින් පිටුවහල් කරන ලද ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩකයා, QuantBioRes කොටස් අයිතිය තමා සතුකර ගෙන තිබුණි.

Read More

2015 නොවැම්බර් මස 23වැනිදාත් දෙසැම්බර් මස 31වැනිදාත් අතර කාලය තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියම කර තිබියදී ජනාධිපතිවරණ පනතේ ප්‍රතිපාදනයන්ට පටහැණි වන ආකාරයට එම ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුළත් කර දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්‍ෂ 50ක් මුද්‍රණය කර බෙදාහැරීම මගින් රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළැයි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.

Read More

නිල සංචාරයක නිරත බංග්ලාදේශ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් එම් ෂහීන් ඉක්බාල් මහතා වෙත අද (19දා) ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදාවේ ගෞරවාචාර පිරිනමන ලදී.

Read More

2021 අවසානයේදී චීනයේ ඩිජිටල් යුවාන් ගනුදෙනු යුවාන් බිලියන 87.57 (එක්සත් ජනපද ඩොලර් බිලියන 13.78) ට ආසන්න වෙමින්, එරට මහ බැංකුවේ ඩිජිටල් මුදල් පිළිබඳ පර්යේෂණ සහ නියමු භාවිතය වේගවත් කර තිබේ.

Read More

වර්ථමානයේ රට තුල ප්‍රධාන අර්බුද 3ක් තිබෙන බවත් රටේ විදේශ විනිමය අර්බුදය අතීතයේ සිට තිබුණු බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ ඉදිරි දිනවලදී ආරක්ෂක සහතික පුළුල් කිරීම සඳහා වන සිය යෝජනා සඳහා ලිඛිත පිළිතුරු ලැබෙනු ඇතැයි මොස්කව් බලාපොරොත්තු වන බවයි.

Read More

පාස්කුදා ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ පැමිණිල්ල ලකුණු කළ ලේඛණ පරීක්‍ෂා කළා නම් ඔහුට එරෙහිව මෙම නඩුව නොදා ඉන්න තිබුණා යැයි ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (19දා) විවෘත අධිකරණයේදී පැවසීය.

Read More

කොවිඩ්-19 ව්‍යාප්තිය මැඬපැවැත්වීමට එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) යෝජනා කළේ, සෑම එක්සත් ජනපද පාසලක්ම පාහේ පාපන්දු, මල්ලවපොර, තූර්‍ය වාදක සහ අනෙකුත් ප්‍රධාන පාසල් ක්‍රියාකාරකම් අවලංගු කරන ලෙසයි.

Read More

අටුලුගම විදුහලක සිසුන්ට ගුරුවරුන්ට හා දෙමව්පියන්ට කෝවිඩ් 19 එන්නත ලබාදීම සඳහා වෛද්‍යවරයකු ගෙන් සමන්විත කණ්ඩායමක් එම පාසල කරා ගියද අවම වශයෙන් එකම සිසුවකු ගුරුවරයෙකු හෝ දෙමව්පියෙකු එන්නත ලබා ගැනීම සඳහා නොපැමිණි බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ලිඛිතව දැනුම්දී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

Read More

මෝල්ඩෝවා සහ ගෑස්ප්‍රොම් සෑම මසකම 20 වැනි දින මාසික පෙරගෙවුම් දිනයක් සමග එරටට ගෑස් සැපයීම සඳහා පසුගිය නොවැම්බර් 01දා පස් අවුරුදු කොන්ත්‍රාත්තුවකට පිවිස තිබුණත්, රටේ මූල්‍ය අර්බුදය සමග මේ තත්ත්වය ඇතිව තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2021 වසරට අදාළව නම් කරනු ලැබූ විස්සයි20 කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග නම්ව තිබේ. මෙම කණ්ඩායමේ නායකත්වය පාකිස්තානයේ බාබර් අසාම් වෙත හිමිව තිබේ.

Read More

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බවට වාර්තා වෙයි. මේ පිළිබඳව අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මිල්කේ සභාපතිවරයා සඳහන් කළේ මිල්කෝ ආයතනයට නව සභාපතිවරයෙක් පත්කර ඇති බවට තමන් දැනගත්තේද මාධ්‍ය හරහා බවයි.

Read More

පාර්ලිමේන්තුවේ ගෞරවය සහ සම්ප්‍රදායන් අනුගමනය කිරීමට දක්වන උනන්දුව ක්‍රමානුකුලව සෝදාපාලුවට ලක් වී ඇති ​බැවින්, පවතින සම්ප්‍රදායන් කාලෝචිත නොවන්නේ නම් සාකච්ඡා කර, ඒවා කාලෝචිත කරගත යුතු බව, පාර්ලිමේන්තුවේ සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය.

Read More

(LONG READS)රෝගයක් වශයෙන් අප හඳුන්වන්නේ වෙනදාට වඩා වෙනස් ආකාරයෙන් අපට දැනෙන කිසියම් පීඩාකාරී ලක්ෂණයක් බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. නමුත් මෙවන් තත්ත්වයක් ඇති විට මෙකල බොහෝදෙනා උත්සාහ දරන්නේ කුමන හෝ ගොඩ වෙදකමක් මාර්ගයෙන් මේ තත්ත්වය මගහැර දමා ගන්නටයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.