අරගල භූමිය කුමන්ත්‍රණ කරන තිප්පොලක් නොවිය යුතුයි
වර්තමානයේ සිදු කරනු ලබන අරගලය සහ ගාලු මුවදොර අරගල භූමිය රට අස්ථාවර කරන සහ රටේ පාලකයන් නෙරපා හැර ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණ කරන තිප්පොලක් බවට පත් නොවිය යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
හදීසි අවස්ථා ප්රකාශනය පිළිබඳ අද (27දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ පසුබිමක මෙම අරගලය තවදුරටත් පවත්වාගෙන යෑමේ කිසිදු පදනමක් නොමැති බව සඳහන් කළ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා,
පසුගිය දින කිහිපයේ බොහෝ දෙනෙක් කතා කළේ ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන සිටින උද්ඝෝෂකයන් ඉවත් කිරීම සඳහා ආරක්ෂක අංශ අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳවයි. ගෝල්ෆේස් අරගල කරුවන් අරගලය නම් කළේ ගෝඨාගෝහෝම් ලෙසයි. එසේම ඔවුන් ගෝඨාගෝගම ලෙස ඒක නම් කර තිබුණා. අරගලකරැවන්ගේ ඒකායන අරමුණ වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් පහ කිරීමයි. ඔවුන් නිතරම කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ධුරයෙන් ඉවත්වෙනතුරු අරගලය නොනවත්වා පවත්වාගෙව යන බව. මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්වෙලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නව ජනාධිපතිවරයෙක් පත්කරගෙන ඉවරයි. ඒත් ගෝල්ෆේස් අරගලය තවමත් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී තිබෙන මොහොතක තවදුරටත් එම අරගලය පවත්වාගෙන යෑමේ කිසිදු පදනමක් නෑ කියන එකයි මගේ විශ්වාසය.
මෙම අරගල භූමිය සහ අරගලය රට අස්ථාවර කරන, රටේ පාලකයන් නෙරපා හැර ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණ කරන තිප්පොලක් බවට පත් නොවිය යුතුයි. අපි දන්නවා පසුගිය දිනවල සාමකාමී අරගලකරැවන් කියන කණ්ඩායම ඉදිරියට දාගෙන මේක සම්පූර්ණයෙන් මෙහෙයවූයේ පාතාලයෝ, කුඩුකාරයෝ, ඒ වගේම මංකොල්ලකාරයෝ. ඔවුන්ට නායකත්වය දෙන්න සමහර දේශපාලන පක්ෂ නායකයෝ පිටුපස සිටිමින් උදව් කළා. ඒ දේශපාලන කෝනයෙන් බලලා ඔවුන්ගේ දේශපාලන උවමනා එපාකම් ඉටු කර ගත්තා,යනුවෙන් සඳහන් කළේය.
popular news
-
janahitha Thursday, 28 July 2022 03:55 AM
Palamuva mara balaya yodamin jathika danaya kolla kana lada samaja dushakayanta marana danduvama panaviya haki leasa neethi panaviya yuthuya
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

