අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව පොලිස් බල ප්‍රදේශ්යේ දීඝවාපි පල්ලචේන ප්‍රදේශයේ විදුලිය සැර වැදීම නිසා ඇතෙකු මියගොස් තිබේ. මෙම ගම්මනායේ වැසියෙකු විසින් තම ඉඩමේ ආරක්ෂාව සදහා මෙම අනවසර විදුලිරැහැන් ඇද ඇති රාත්‍රි කාලයේ මෙම ප්‍රදේශයේ සැරි සරමින් සිටි ඇතා මෙම විදුලිරැහැනේ ගැටී මියගොස් තිබේ.
මියගිය ඇතා ගේ උස අඩි හතයි අගල් හතරක් වෙන අතර වයස අවුුුුුරුදු 10 පමණ වන සතෙක් බව වනජීවි නිළධාරින් පවසයි.පසුව ඉඩමේ මුරකරු අත් අඩංගුවට ගෙන අක්කරපත්තුව මහේස්ත්‍රාත් වෙතට ඉදිරිපත් කිරීමෙන් පසුව ඉඩමේ අයිතිකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට වනජීවී නිළධාරින්ට උපදෙස් දී තිබේ.පසුව වනජීවි නිළධාරින් විසින් ඉඩමේ අයිතිකරු අත්අඩංගුවට ගැනිමට කටයුතු කරමින් සිටී.
දීඝවාපි අවට ඇතුන් දෙදෙනෙකු සැරිසරන අතර මෙසේ මියගොස් ඇත්තේ ඉන් එක් ඇතෙක් බව වනජීවි නිළධාරින් සදහන් කරයි.
දැනට මෙම ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමට අම්පාර වනජීවි සෞඛ්‍ය ඒකකයේ පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා විසින් කටයුතු කරන බවද පැවසේ.
නැගෙනහිර පලාතේ වනජීවි සහකාර අධ්‍යක්ෂක ප්රසාන්ත විමලදාස මහතාගේ උපදෙස් මත අම්පාර වනජීවි අඩවි ආරක්ෂක කිත්සිරි මෙවන් මහතා ඇතුලු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
අම්පාර වසන්ත චන්ද්‍රපාල
