පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාව අතරතුර දී මහජන සාමය කළමණාකරන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ත්‍රීරෝද රථයකින් රැගෙන එමින් සිටි කඳුළුගෑස් උන්ඩ සොරා ගෙන ගෙන තිබූ පුද්ගලයෙකු ඇතුල්කෝට්ටේ අලකේශ්වර මාවත නිවසක දී ඊයේ (26 දා)අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.
එම සැකකරු සන්තකයේ තිබී කඳුළුගෑස් උණ්ඩ පහක් සොයා ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් එම සැකකරු 26 හැවිරිදි පුද්ගලයකු වන අතර වැඩිදුර විමර්ශන සඳහා කඳුළු ගෑස් උන්ඩ සමඟ වැලිකඩ පොලිසිය වෙත භාරදී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.