විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් රුපියල් ලක්ෂ 12 කට අධික මුදලක් වංචාකිරීම සම්බන්ධයෙන් නඩු කටයුතු පවතිද්දී අධිකරණය මගහැර ඩුබායි රාජ්‍යයට පලාගොස් සිට දිවයිනට පැමිණෙමින් සිටී පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගත්බව පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ,අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
සැකකරු 2007 වර්ෂයේ සිට අවස්ථා කිහිපයකදී දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට යුරෝපා රටවල විදේශ රැකියා ලබාදෙන බැව් පවසා රුපියල් ලක්ෂ 12 කට ආසන්න මුදලක් වංචාකොට ඇතැයි පොලිසිය කීය.
ඒ සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා නගා අධිකරණයේ නඩු විභාග වන අතරතුර 2019 වර්ෂයේදී මාස දෙකක සංචාරකට බව පවසා ඩුබායි රාජ්‍යයට ගොස් එහි සැගව රැකියාවක නියැලී සිට ඇතැයි පොලිසිය පවසයි .
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු නිරීක්ෂණය කල පොලිසිය සැකකරු ඉකුත් 26 දා දිවයිනට පැමිණෙන බවට ලද තොරතුරක් අනුව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගේද සහායෙන් අත්අඩංගුවට ගත්බව වැටලීමට එක්වූ නිලධාරීයෙක් කීය.
අධිකරණය මගහැරීමේ චෝදනාව මත සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
පානදුර සුමිත් පොතුපිටිය