සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන නායකයෙකු වන සින්නයියා ගුණසේකරම් නොහොත් කිඹුලාඇලේ ගුණා ගෙ ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු වන එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 8 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නම් රංජිත් කුමාර් නොහොත් "ගෝරිල්ලා රංජි" නැමැත්තා සහ ඔහුගේ සහෝදරයා බව පොලිසිය කියයි
එම පුද්ගලයන් සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ගෑම් 74 මිලිග්‍රෑම් 880 ක් පොලිසිය භාරයට ගෙන ඇත
දකුණු ඉන්දියාව හා මෙරට ආරක්ෂක අංශ ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන සින්නයියා ගුණසේකරම් නොහොත් කිඹුලා ඇලේ ගුණා නැමැත්තා ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන්නෙ රත්නම් රංජිත් කුමාර් නොහොත් "ගෝරිල්ලා රංජි "බව පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකක 2හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සි ආර් පාරමුල්ලගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බ්ලූමැන්ඩල් පොලිස් වසමේ මාදම්පිටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් දොළොස්වෙනි දින මාදම්පිටිය ප්‍රදේශයේ දී සිය බිරිඳ සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ප්‍රදීපන් නැමැති පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා උපදෙස් ලබා ලබාදී ඇත්තේ රත්නම් රංජිත් කුමාර නොහොත් ගෝරිල්ලා රංජි බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් ගෝරිල්ලා රංජි ගේ සහෝදරයා ගණේමුල්ල පදිංචිකරුවෙකු බවත් පොලිසිය පනසයි.
සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 45 සහ49 අතර පසුවන්නන් ය
පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වර්ණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දනය ඒකක දෙකෙහි 2හි ස්ථානාධිපතිවරයාට දෙකෙහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සි ආර් පාර මුල්ලගේ මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.