රත්මලාන, සිල්වා මාවත ප්ර දේශයේදී නිවසකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසේ සිටි පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා පළාගොස් ඇතැයි පොලීසිය කියයි.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
අවුරුදු 30ක් වන පුද්ගලකේ මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇති අතර වෙඩි තැබිම සඳහා ටී.56 ගිනි අවියක් භාවිත කර තිබේ. ඝාතනයට හේතුව අණාවරණය වී නොමැති අතර මෘත ශරීරය කලුබෝවිල රෝහලේ තැන්පත් කර තිබේ.