වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් යල කන්නයේ අස්වැන්නෙන් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ වෙනුවෙන් රුපියල් මිලියන 10,500ක මුදලක් වැය කිරීමට යෝජිතව තිබේ.
ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබන සතියේ දී ගැනීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.