එප්පාවල කටියාව යාය 07, පොකුණුගම ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි කටියාව ප්රියංකරගම පොලීසිය පවසයි.
තම හොඳම මිතුරා අතින් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එප්පාවල කටියාව යාය 07, පොකුණුගම පදිංචි තෙන්නකෝන් ධම්සිරිගේ දිනේෂ් මධුසංඛ තෙන්නකෝන් නම් (25) හැවිරිදි විවාහක පුද්ගලයෙකි. ඊයේ (27දා) රාත්රී 7.30 ට පමණ මෙම ඝාතනය සිදු කර ඇතැයි පොලීසිය පවසයි. දිනේෂ් මධුසංඛගේ හොඳම මිතුරා විසින් මෙම ඝාතනය සිදු කර ඇතැයිද, ඝාතනය සිදු කර පැය කීපයක් තුළ ඝාතකයා අත්අඩංගුවට ගත් බවද ප්රියංකරගම පොලීසිය පවසයි.ඝාතකයා 32 හැවිරිදි තිදරු පියෙකු බවද පොලීසිය පවසයි.
ඝාතනයට ලක් වූ දිනේෂ් මධුසංඛට මෙන්ම ඝාතකයා විසින් තමන්ගේම බිරිඳටද තියුණු ආයුධයකින් ඇණ ඇතැයිද පොලීසිය පැවසීය.
ඝාතනයට ලක් වූ දිනේෂ් මධුසංඛගේ ශරීරයේ පිහි පහර 7-8 ක් ම දක්නට ලැබුණු බවත්, රෝහල් ගත කරන විටත් ඔහු මියගොස් සිටි බවත් එප්පාවල රෝහල් ආරංචි මාර්ග පවසයි, රෝහල් ගත කළ කාන්තාවගේ එක් අතක පමණක් තියුණු කැපුම් තුවාලයක් තිබූ බවත්, වැඩිදුර ප්රථිකාර සඳහා ඇය අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යැවුන බවත්, ඇගේ තත්වය එතරම් බරපතල නොවන බවද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
ඝාතනයට ලක් වූ දිනේෂ් මධුසංඛ තම හොඳම මිතුරාගේ ඉල්ලීමට අනුව ඔහුගේ යතුරු පැදියට ඉන්ධන ලබා ගැනීමට ඉන්ධන පිරවුම්හලට ගොස් ඉන්ධන ලබා ගෙන නැවත යතුරු පැදිය මිතුරාගේ නිවසට ගෙන ගොස් භාරදීමට ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව ඇතැයි පොලීසිය පවසයි.
මරණකරු ඝාතනය කළ පුද්ගලයාගේ නිවසට පැමිණ, නිවස තුළට ගොස් ඔහු සමඟ කථා බහ කරමින් සිටි අතරතුර, එක් වරම , එකම ඉඩමේ නිවසට යාබදව පිහිටි ඝාතකයාගේ මවුපියන්ගේ නිවසට දිනේෂ් නැමැත්තා ඇඳගෙන විත් එම නිවස ඉදිරියේදී තියුණු ආයුධයකින් ශරීරයේ ස්ථාන කීපයකටම ඇණ මෙම ඝාතනය සිදු කර ඇත.එම ගැටුම වැලැක්වීමට යාමේදී ඝාතකයාගේ බිරිඳගේ එක් අතකටද ඝාතකයා ඇණ ඇතැයි පොලීසිය පවසයි.
ඝාතනය සිදු කර පැය 2 ක් තුළ ඝාතකයා අත්අඩංගුවට ගත් බවත්, ඔහුගෙන් ප්රශ්න කිරීම් මේ වන විටත් සිදු කරමින් පවතින බවත් ප්රියංකරගම පොලීසිය පවසයි.ඝාතනයට ලක් වූ දිනේෂ් මධුසංඛගේ මළ සිරුර මේ වන විට එප්පාවල ප්රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.සිද්ධිය සම්බන්ධයෙන් ප්රියංකරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.
