saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5886 hours ago

LATEST

ප්‍රධාන ආරක්ෂකගේ සිරුර ගණිතාගාරයේ බාල්කයක

calendar_today 2022 ජන 19 - 10:47 remove_red_eye - 971  

පානදුර රාජකීය විදුහලේ ප්‍රධාන ආරක්ෂක නියාමකවරයාගේ සිරුර විදුහලේ ගණිතාගාර ගොඩනැගිල්ලේ බාල්කයක එල්ලෙමින් තිබියදී අද (19දා) උදෑසන හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි.

ශ්‍රී ලංකාව මේ දක්වා ආනයනය කර ඇත්තේ ඔක්ටේන් 92 හා 95 තෙල් බවත් ඔක්ටේන් 91 තෙල් ආනයනය කර නොමැති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

මහ බැංකුව ඩොලර් ලබාදීම හේතුවෙන් නැව් දෙකක ඉන්ධන ගොඩබෑමට හැකිවූ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

මේ මස 27වැනිදා පිරිපහදුව නැවත විවෘත කරන බවට තෙල් සංස්ථා බලධාරීන් ප්‍රකාශ සිදුකළද, සිංගප්පුරු සමාගමෙන් ඇනවුම් කර තිබෙන බොරතෙල් තොග නැවට පැටවීමවත් මෙතෙක් කටයුතු ආරම්භ කර නොමැති බවත්, මේ නිසා නියමිත දිනට පිරිපහදුව ආරම්භ කිරීමට නොහැකි වන බවත් තෙල් විදුලි වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය සඳහන් කරයි

Read More

ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉවත්වීමත් සමග එම අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ජනපති ලේකම් ලෙස පත්වීම් ලබා තිබේ. ඔහු අද (19දා) සිය ධුරයේ රාජජකාරී ආරම්භ කිරීමට නියමිතය.

Read More

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් කැළණිතිස්ස බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියා විරහිත වී ඇති බව වාර්තා වෙයි. මේ අනුව අද දිනයේදීද ඇතැම් ප්‍ර දේශවලට විදුලිය කප්පාදුවක් සිදුවීමට ඉඩ තිබේ.

Read More

තෙල් සංස්ථා ගබඩාවල ඉන්ධන ඇත්තේ තවත් දින 10කට බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ අනුව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 30000ක් හා ඩීසල් මෙට්‍රික් ටොන් 50000ක් පමණ ගබඩාවල පවතින බව ඔහු සිය ෆේස්බුක් ගිණුමට සටහනයක් තබමින් පවසයි.

Read More

වැඩිවන ආසාදන නොතකා, පසුගිය සතියේ ලක්ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන් බටහිර බෙංගාලයේ සහ උත්තර් ප්‍රදේශ් හි ගංගා ගං ඉවුරේදී මාකාර් සංක්‍රාන්ති උත්සවය සැමරීම සඳහා ශුද්ධ වූ ස්නානය වෙනුවෙන් එක්රැස් වූහ. මෙම වන්දනාකරුවන්ට ආසාදනය වී වෛරසය රටේ විවිධ ප්‍රදේශවල ඔවුන්ගේ නගර සහ ගම්වලට ගෙන යා හැකි බවට මෙම සිදුවීම කනස්සල්ලට පත්ව ඇත.

Read More

දිවා - රාත්‍රි තරගයක් ලෙසින් මෙම තරගය පල්ලෙකැලේ පිටියේදී පැවැත්විණි. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාවේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 8ට ලකුණු 302ක් රැස්කළේය. එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවා 50කදී කඩුුලු 9ට රැස්කළ හැකිවූයේ ලකුණු 280ක් පමණි.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වන විට හදීසියේම නින්දෙන් අවිදි වෙලා මෙන් ආණ්ඩුව විවේචනය කරන බවත් ආණ්ඩුවේ සිටම එතුමන් විපක්ෂයේ බලා පොරොත්තු ඉටු කරමින් සිටින බව දක්නට ලැබෙන බව ද සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂුද්‍ර මූල්‍ය , ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

Read More

අඟහරුවාදා වනවිට එක්සත් ජනපදය පුරා කොවිඩ්-19 ආසාදිතයන් 66,000,000කට වඩා වාර්තා වී ඇති අතර, එය එක්සත් ජනපද ජනගහනයෙන් පහෙන් එකක් පමණ වේ.

Read More

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේි දක්ෂ කිර්තිමත් ගුවන් හමුදාපතිවරයෙකු වු එයාර් චීෆ් මාර්ෂල් පිඑචි මෙන්ඩිස් මහතා 2022 ජනවාරි මස 18 වන දින අභාවප්‍රාප්ත වු අතර අවසන් ගෞරව දැක්විම සඳහා දේහය ගල්කිස්ස ප‍්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.දේහය පිළිබද අවසන් කටයුතු 2022 ජනවාරි මස 19 වන දින පස්වරු 02.00 ට ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේදි පුර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරිමට නියමිතය‍.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 900ක් ලංකා විදුලි බල මණ්ඩලයට ලබා දීමට එකඟ වී ඇති අතර , ඉන්දීය ඔයිල් සමාගම විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත් වාර්තා වේ.

Read More

මෙට්සෝලාගේ තේරී පත්වීම යන්නෙන් අදහස් වන්නේ යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සභාපති, යුරෝපීය කොමිසමේ සභාපති (උර්සුලා වොන් ඩර් ලේන්) සහ යුරෝපීය මහ බැංකුවේ ප්‍රධානියා (ක්‍රිස්ටීන් ලගාඩ්) යන තිදෙනාම පළමු වැනි වතාවට කාන්තාවන් වීමය.

Read More

ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.

Read More

බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට අමතරව, මැන්ගෝ දූපතේ 65 හැවිරිදි කාන්තාවක් සහ නොමුකා දූපතේ 49 හැවිරිදි පුද්ගලයෙකු මිය ගිය බව අගමැති කාර්යාලය නිකුත් කළ එම ප්‍රකාශය තහවුරු කළේය. එසේම තුවාලකරුවන් රැසක් වාර්තා කර ඇත.

Read More

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංක පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

යුක්රේනය සම්බන්ධයෙන් නැගෙනහිර සහ බටහිර අතර උග්‍රවන ආතතීන් මධ්‍යයේ ඒකාබද්ධ අභ්‍යාස සඳහා රුසියානු හමුදා සහ යුද මෙවලම් බෙලරුසියාවට පැමිණීමට පටන් ගෙන ඇති බව සඳහන් වෙයි.

Read More

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම පිළිබඳව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් පැහැදිලි කිරීමක් කර තිබේ.

Read More

රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කර තිබේ. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේ ඔහුට හිමිව තිබූ ආණ්ඩු පක්ෂයේ 29වැනි ආසනයේ සිට 71වැනි ආසනය දක්වා අසුන් කිහිපයන් පිටුපසට දමා ඇත.

Read More

රිදියගම සෆාරි උද්‍යානයේ ’’ලාරා ’’ නැමති සිංහ ධේනුව බිහිකළ පළමු සිංහ පැටවා වන ’’ඩෝරා’’ නමැති සිංහ පැටවා අද (18දා) සිට මහජන ප්‍රදර්ශනයට තබන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.

Read More

කොළඹ වරාය නගරය නැරඹීම සඳහා පුද්ගලයින් 89,540 දෙනෙක් ගත වු දින අට තුළ පැමිණ ඇතැයි වාර්තා වේ.

Read More

විදුලිය නිපදවීම වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන නොලැබීම වෙනුවෙන් අද (18දා) සිට විදුලි කප්පාදුවක් සිදුවීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර බැඳුම්කරය ගෙවා අවසන් කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ඇතැම් සංචාරක ආයතන ’විදේශිකයන්ට පමණයි’ යනුවෙන් වෙන් කර සේවාවන් සපයයි නම් ඒ වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

මොනරාගල ජීලෝන් කඳුවැටිය මාර්ගයේ ජලටැංකිය අසල 09 වංගුවේදී ඊයේ (17දා) සවස ට්‍රැක්ටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් ට්‍රැක්ටර් රථයේ රියැදුරු සහ එහි සහායක ජීවිතක්ෂයට පත්ව ඇති බව මොනරාගල පොලීසිය පැවසීය.

Read More

ශල්‍යාගාර භාර ප්‍රධාන හෙද නිලධාරිනියට පහරදුන් විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මහරගම අපේක්ෂා රෝහලේ හෙද නිලධාරීන් අද(18දා) විරෝධතාවක් සංවිධානය කර තිබුණි .

Read More

ඇල්පිටිය - පිටිගල මාර්ගයේ අමුගොඩ ප්‍රදේශයේ ඊයේ (17දා) රාත්‍රී සිදු වු යතුරුපැදි කැබ් රථ අනතුරින් එකම පවුලේ මව සහ පුතා මිය ගිය බව පිටිගල පොලිසිය පැවසීය.

Read More

ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර දීමේදී විදුලියෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

සේවක අර්ථ සාධක අරමුදල කොටස් හිමිකම්වල සිදුකළ ආයෝජනවල වටිනාකම 2021 වසර තුළ වාර්තාගත අන්දමින් ඉහළ ගොස් ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.