මම තවදුරටත් අධිපති ධුරයේ සිටිනවා - මහ බැංකු අධිපති
තමා අධිපති ධුරයෙන් ඉවත් වන බව සඳහන් කළේ, අගමැතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් හෝ නොමැති පසුබිම දිගින් දිගටම පවතින්නේ නම් පමණක් බවත්, දැන් එම තත්ත්වය පහව ගොස් ඇති නිසා ධුරයෙන් ඉවත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
"මා එම අදහස පළකළ අවස්ථාවේ අගමැති කෙනෙක් හිටියේ නෑ. කැබිනට් එකක් තිබුණේ නෑ. ප්‍රචණ්ඩක්‍රියා සිදුවුණා. දේශපාලන සමාජ අර්බුදයක් තිබුණා. අද තත්ත්වය ඊට වඩා වෙනස්වී තිබෙනවා. අගමැති කෙනෙක් ඉන්නවා. පාර්ලිමේන්තුව ක්‍රියාත්මකයි. අමාත්‍යවරු පිරිසක් ඉන්නවා. මුදල් අමාත්‍යවරයෙකු පත්විය යුතුයි. නමුත් පසුගිය 09 වැනි සඳුදා තිබූ තත්ත්වයට වඩා අද හොඳ තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා මම හිතන්නෙ නෑ, මම එදා කිව්වා වගේ ඉවත් වෙන්න අවශ්‍යතාවක් තියෙනවා කියලා."
popular news
-
PRIYANTHA Thursday, 19 May 2022 09:26 AM
Another FAILURE Nande(lal) HE ALSO RESPONSIBLE PRESENT SITUATION, BECAUSE WAS AT CENTRAL BANK AS SNR DEPUTY GOVERNOR. He think present situation is only about DOLLAR crisis. There is a rupee issue also but He didn't expose it
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

