දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට සැම එලවළු වර්ගයකම මිල ඉහල ගොස් ඇති බව හැටන් නගරයේ එලවළු වෙලෙන්දන් පවසති.
ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ගොවින්ට ලබාදිමට නොහැකි තත්ත්වය හමුවේ මෙසේ එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල යමින් පවතින බවයි වෙලෙදුන් කියා සිටින්නේ.
තක්කාලි කිලෝවක් රු 800 , කැරට් කිලෝවක් රු 400 , මාළු මිරිස් කිලෝවක් රු 400 , බටු කිලෝවක් රු 450 , අර්තාපල් කිලෝවක් රු 300 , ලික්ස් , බිට්රුට් සහ ගෝවා කිලෝවක් රු 300 මිලකටත් , අමු මිරිස් කිලෝවක් රු 600 වැනි මිලකට අලෙවි වන බවයි එම වෙලෙදුන් කියා සිටින්නේ.
මෙයට සමගාමිව පහතරට එලවළු මිල ද ඉහල ගොස් ඇති බවත්, එම එලවළු කිලෝවක් ද රු 400 කින් ඉහල මිලකට අලෙවි වන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.
එලවළු ගොවින්ට වගාවට අවශ්‍ය රසායනික පොහොර , කෘමි නාශක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති විම හමුවේ එලවළු වගාවේ අස්වැන්න අඩුවිම ප්‍රධාන හේතුවක් වි ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ඉකුත් කන්න සමයේ එලවළු ගොවින් සතුව රසායනික පොහොර , කෘමි නාශක සහ කෘෂි රසායනික තොග රැස් කර තිබු බවත්,මේ වන විට එම තොග අවසන් විම හමුවේ එලවළු වගාවට මේ වන විට විශාල බලපැමක් එල්ල වි ඇති බවයි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ.

