බූස්ස ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනිම සදහා පෝලිමේ තිබු ත්රිරෝද රථ පහකට හා මෝටර් රථයක් අනතුරකට ලක්කොට එක් අයෙකුට තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් පොලිස් පරික්ෂකවරයෙකු අද (19දා) අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල වරාය පොලිසියට අනුයුක්තව රාජකාරිකරණු ලබන පොලිස් පරික්ෂකවරයෙකි.
මෙම අනතුරෙන් තුවාල ලැබු ත්රිරෝද රථ රියදුරකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇත. පොලිස් පරික්ෂකවරයා රාජකාරියට වාර්තා කිරිම සදහා තම මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදි බුස්ස ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබාගැනිම සදහා පොලිමේ නවතා තිබු රථවාහන පෙලේ ගැටි ඇති අතර එම අනතුරෙන් ත්රිරෝද රථ 05කට සහ කාර්රථයකට හානිවි ඇති බැව් පොලිසිය පවසයි.
පොලිස් පරික්ෂකවරයා විසින් පැදවු මෝටර් රථයටද හානිවි ඇති අතර පොලිස් පරික්ෂකවරයාට නින්දයාම නිසා මෙම අනතුර වි ඇති බවද පැවසේ. රත්ගම පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක කුමාර ද සිල්වා මහතාගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වේ.
රවින්ද්රශ්රිලාල් / චන්දන සමරවික්රම

