කථානායකවරයා විසින් සිදුකළ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ නාරාහෙන්පිට ඉන්ධන පිරවුම්හලින් ඉන්ධන අත්පිට මුදලට තාවකාලිකව ඉන්ධන ලබාදීම සිදුකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙම ඉල්ලීමට අනුව සතියක කාලයක් සඳහා මේ ආකාරයට ඉන්ධන ලබාදීමට සැලසුම් කර තිබෙන අතර, පිරවුම්හලට අවශ්‍ය ඉන්ධන තොග තෙල් සංස්ථාවෙන් අඛණ්ඩව ලබාදීමටත් වැඩපිළිවෙළක් සකස් කර තිබේ.
මේ ආකාරයට ඉන්ධන ලබාගැනීමේදී අදාළ වාහනය තුළ මන්ත්‍රීවරයා සිටිය යුතු බවත් සඳහන් කර තිබේ.