ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය උසස් ස්ථානයකට පත්වෙමින් තිබෙන බවත් අද (17දා) රාත්‍රීයේ ශ්‍රී ලංකාව තුළ විදේශීය සංචාරකයන් 46,942 කු රැදී සිටින බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කළේය.
සිය පියා සමග අද පස්වරුවේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව පියාගේ ගෙලෙහි එල්ලී සිටි සිසුවා එක්වරම දෑත් මගහැරී මුහුදේ ගසා ගෙන ගොස් ඇතැයි පැවසේ.
Read More’’පසුගිය වසර දෙක සරල නමුත් ම්ලේච්ඡ සත්‍යයක් පෙන්නුම් කර තිබෙනවා. අපි කිසිවෙකු හැර ගියහොත්, අපි සියල්ලන්ම අත්හැරීමක් සිදුවෙනවා.’’ එක්සත් ජාතීන්ගේ මහලේකම් පැවසීය.
Read Moreනව වැනි පර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය හෙට (18දා) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතය. පසුගිය වසරේ අයවැය විවාදයෙන් පසුව පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.
Read Moreප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්ර්රාප්ත වී තිබේ. 71 වැනි වියේ පසුවූ ඒ් මහත්මිය මිය යන විට ඉතාලියේ මිලාන් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටියාය.
Read Moreප්‍රංශ ක්‍රීඩා අමාත්‍යාංශයද ප්‍රංශයේ නව එන්නත් අනිවාර්ය කිරීමේ නීතියෙන් නිදහස් වීමක් කිසිවෙකුට නොමැති බව ප්‍රකාශ කිරීමෙන් පසුව, ජොකොවික් තවදුරටත් එන්නත ලබා නොගන්නේ නම් ඔහුට ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමද තහනම් විය හැකි බව කීය.
Read Moreබොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දැඩි ආරක්ෂාව මධ්‍යයේ වරාය පොලිසියේ රඳවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
Read Moreමේ වනවිට යුරෝපා කලාපය තුළ කොවිඩ්-19 පූර්ණ එන්නත්කරණය සමග මෙම ලොක්ඩවුන්, මුඛ ආවරණ සහ සමාජ දුරස්ථ ක්‍රියාමාර්ග ක්‍රමයෙන් අඩුවෙමින් පැවතීම නිසා යළිත් ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය හිස ඔසවමින් ඇති බව කියයි.
Read Moreනව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ලෙඩ නිවාඩු වාර්තා කොට වෘත්තීය ක්‍රියාමාර්ගයකට හෙට (18දා) එළඹෙන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පැවසීය.
Read Moreමෙම හුන්ගා-ටොන්ගා-හුන්ගා-හාඅපායි ගිනිකන්ද පසුගිය දශක කිහිපය තුළ නිතිපතා පුපුරා ගිය නමුත් සෙනසුරාදා පුපුරා යාමේ බලපෑම ෆීජි, නවසීලන්තය, එක්සත් ජනපදය සහ ජපානය දක්වා ඈත ප්‍රදේශයන්ටද දැනුණි.
Read Moreලෝක සිතියමේ ආසියාවට යටින් එල්ලිලා තියෙන එක තමයි මුතු ඇටේ කියලා අපිට උගන්නල තියෙන්නෙ, ඒක වැරදියි. මේ සිතියම අනිත් පැත්ත හරවල බලන්න ඕනේ දැන් උඩින්ම තියෙන්නේ ලංකාව. මේක ආක්‍රමණය කරපු පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි දැන් ආක්‍රමණය කරන ඇමරිකාව, ජපානය, ඉන්දියාව, චීනයට ලංකාව මග ඇරලා යන්න බැහැ.
Read Moreශ්‍රි පාද වන්දනාවේ පැමිණි බැතිමතුන් පිරිසක් ගමන් ගත් මොටර් රථයක් අද (17දා) අනතුරට පත් විමෙන් මොටර් රථයේ රියදුරා ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම තුවාලකරුවන් වැඩි දුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කළ බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.
Read Moreඅඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ගැනීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ලංකා ඉන්දීය තෙල් සමාගම සමග සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස තමන් ලංවිම සභාපතිවරයාට දැනුම් දුන් බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ජනතා අයිතියට පත් පත්කිරීමෙන් අනතුරුව පළමු පැය 12 තුළ රුපියල් 2,805,100 ක ආදායමක් උපයා තිබේ.
Read Moreශ්‍රී ලංකාවට මෙම වසරේ මුල් දෙසතිය තුල සංචාරකයින් 39172 දෙනෙකු පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මෙම දෙසතිය තුල මෙරටට වැඩිම සංචාරක පිරිස රුසියාවෙන් පැමිණ තිබේ. ඒ සංචාරකයින් 6963 වේ.
Read Moreහෙට දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17දා) මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreකූරගල ඓතිහාසික පුදබිමෙහි පිහිටා ඇති ඇසිදිසි සුගත මහා සෑයේ පූජා වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය ඊයේ (16දා) දින සවස්වරුවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
Read Moreලක්විජය බලාගාරයේ මෙහෙයුම් හා නඩත්තු සඳහා තාක්ෂණික උපදේශන සේවා ලබාගත් චයිනා මැෂිනරි ඉංජිනේරින් කෝපරේෂන් සමාගම (සී.එම්.ඊ.සී) සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 17.5ක හිඟ මුදලක් ගෙවිමට සිදුව ඇති බව වාර්තා වෙයි.
Read Moreජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කෝවිඩ් වසංගතයෙන් පසු විවෘත කර ජනවාරි මස 14, 15, 16 යන තෙදින තුළ වාර්ථාගත රුපියල් 10,344,221.94 ක මුදලක් ආදායම් ලෙස උපයා ගැනීමට සමත්ව ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.
Read More2022 අවසානය වනවිට කොවිඩ්-19 වසංගතය අවසන් වනු ඇති බවට තමාට විශාල විශ්වාසයක් පවතින බව චීනයේ, ෂැංහයි හි ඉහළම බෝවන රෝග විශේෂඥයෙකු වන ෂැං වෙන්හොං පවසයි.
Read Moreදුම්රිය ධානවය කිරීමේදී හා දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ඇති වී තිබෙන ගැටලු විසඳන බවට බලධාරීන් ලබාදුන් පොරොන්දු කඩ වී තිබෙන නිසා ඉදිරියේදී ඕනෑම මොහොතක දුම්රිය ස්ථානාධිපති වැඩවර්ජන සිදුවිය හැකි බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලාංකිකයන් විදෙස් ගතව උපයන මුදල් ශ්‍රී ලංකාවට එවීමේ විශාල පහළ යෑමක් පසුගිය වසර තුළදී මෙන්ම දෙසැම්බර් මාසය තුළදී දක්නට ලැබේ.
Read Moreඑන්නත් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔස්ට්‍රේලියාව තුළ වසංගතයට එරෙහිව සෑම අයෙකුටම එකලෙස ක්‍රියාත්මක නීතියට පිටින් යෑමට එහිදී ටෙනිස් ලෝක ශූරයාටද අවස්ථාවක් නොමැති විය.
Read More’’ඔමික්‍රෝන් ප්‍රභේදයත් එක්ක ලෝකෙන් කොවිඩ් 19 රෝගය තුරන් ව යාමේ යම්කිසි හැකියාවක් තියෙනවා. එහෙම වුණොත් අපි හිතන්නේ නෑ සිව්වෙනි මාත්‍රාවක් ගැන කතා කළ යුතුයි කියලා. ඉදිරියේ දී අවශ්‍ය වුණොත් එහෙම සිව්වැනි මාත්‍රාවක් කරා යන්න අපි ළඟ සැලසුම් තියෙනවා.’’
Read Moreආසියානු සංවර්ධන බැංකුවේ ණයවලින් ලබාගත් රුපියල් මිලියන 88ක් වටිනා ජාන අනුක්‍රමික විශ්ලේෂණ යන්ත්‍රය මාස පහක කාලයක් තිස්සේ මහරගම අපේක්ෂා රෝහලේ කොරිඩොවේ තබා තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.
Read Moreදකුණු කොරියානු ජනරජයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් පවසන පරිදි, මෙම මාසයේ සිව්වැනි පරීක්ෂණයේදී, උතුරු කොරියාව නැගෙනහිර මුහුදට තවත් මිසයිල දෙකක් අත්හදා බලා තිබේ.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටසත් පොතුහැර - ගලගෙදර කොටසත් 2024 වර්ෂයේ දී ජනතා අයිතියට පත්කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreමෙම කාර්ය මණ්ඩලය 2021 ඔක්තෝබර් 16 වැනි දින චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන මූලික මොඩියුලය වෙත පිටත්ව ගියේ, මාස හයක කාලයක් එහි රැඳී සිටීමේ මෙහෙයුමක් සඳහාය.
Read Moreකෝවිඩ් මරණ 14ක් ඊයේ (15) දින සිදුවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreඋතුරු මැසිඩෝනියාවේ පාර්ලිමේන්තුව මැසිඩෝනියාවේ සමාජ ප්රජාතන්ත්රවාදී සංගමයේ (SDSM) සභාපති දිමිතාර් කොවසෙව්ස්කි, රටේ නව අගමැති ලෙස තෝරා පත්කර ගෙන තිබේ.
Read More