තමන්ව බේරා ගැනිම වෙනුවෙන් කිසිවෙකුත් ආණ්ඩුවට එක්වීමට අවශ්‍ය නොවන බව දැනට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවැසිය. කොළඹදී අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“මම ඊයේ ගියා රන්ජන් රාමනායක මැතිතුමාව බලන්න. එතකොට රන්ජන් රාමනායක මැතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ එතුමාව බේර ගන්න එතුමට නිදහස ලබ ගන්න කවුරුවත් ආණ්ඩුවට එකතු වෙන්න ඕන නෑ කියන එක.
ඒ වෙනුවෙන් එතුමව බිල්ලට දෙන්න ඕන නෑ කියලා තමයි එතුමා පැහැදිලව කියන්නේ. රන්ජන් රාමනායක මැතිතුමට ලබන අවුරුද්දේ මැයි මාසයේ කොහොමත් නිදහස ලැබෙන්න ඕන.
එතුමාගේ කල් ක්‍රියාව හොඳ වීම, බෝනස් ලැබීම නිසා ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි වෙනකොට එතුමා කොහොමත් නිදහස ලබනවා.
රාජපක්ෂලගේ දෙපතුල ළඟ වැඳ වැටිලා නිදහස ගන්න එතුමා සූදානම් නෑ. ඒ වගේම එතුමව විකුණනා අනිත් අය රාජපක්ෂලාගේ දෙපතුළ ළග වැද වැටෙන්න ඕන නෑ කියලත් එතුමා පැහැදිලිව කියන්න කැමතියි.
මම දැක්කා වික්‍රමසිංහ මහත්තයා කියලා තියෙනවා කොමිටියක් පත්කරනවා කියලා. මොන කොමිටිද? දුමින්ද සිල්වාට නිදහස ලැබුණේ කොමිටියකින්ද? රෝයල් පාක් එක්කෙනා නිදහස් කරන්න කොමිටි පත්කළාද?”