පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය අසලදී හා ගාලුමුවදොර අසලදී සිදු වූ සිදුවීම්වලට අදාළව අද (26දා) දිනය වනවිට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකොළොස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ප්‍රකාශ සටහන් කරගත් මන්ත්‍රීවරුන්ගෙන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර, මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පිරිස් හඳුනාගැනීම සඳහා හදුනාගැනිමේ පෙරට්ටු හයක් පැවැත්වීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
මීට අදාළව පෙරේදා දිනයේදී හඳුනාගැනීමේ පෙරෙට්ටු හතරක් පවත්වා තිබෙන බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන නියෝජිතයන් කිහිපදෙනෙකුද මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවත් ඔහු පවසා සිටියේය.
මෙම ස්ථාන දෙක අසලදී මෙන්ම එදින හා ඉන්පසුව රට තුළ සිදු වූ සිද්ධීන්වලට අදාළව ඊයේ දිනය වනවිට සැකකරුවන් 1878 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, ඉන් 831ක් රක්ෂිත බන්ධනගාරගත කර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.