කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය අසල නවතා තිබූ කැබ් රථයට හෝමාගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති බන්දුල රන්ජන් ඉලේපෙරුම මහතා ගිනිතැබූ බව පවසමින් ව්‍යාපාරිකයෙකු පැමිණිල්ලක් කර ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි.
ඉකුත් 9දා උප සභාපතිවරයාගේ කහතුඩුව පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසට කලහකාරී පිරිසක් පහරදී අලාභහානි කිරීම සම්බන්ධව කහතුඩුව පොලිසිය මගින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් ඇතුළු දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබිණි.
එම නඩුවට අදාළව එකම පවුලේ සහෝදරයන් දෙදෙනා කැබ් රථයකින් පැමිණ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාගේ කාර්යාලය ඉදිරිපිට කැබ් රථය නවතා අධිකරණය වෙත යාමේදී යතුරුපැදියකින් පැමිණ තිබූ උප සභාපති වරයා තමන්ව ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කළ බව ඔවුන් පවසයි.
තමන් ඒ පිළිබඳ අධිකරණ මුර පොළේ පොලිස් නිලධාරීන්ට දැනුවත් කළ බවත් ඔවුන් පැමිණීමත් සමඟ උප සභාපතිවරයා පිටව ගිය බවත් එම සහෝදරයන් පවසයි.
නඩුවට අදාළව අධිකරණය තුළ සිටින අවස්ථාවේදී තමන් පැමිණි කැබ් රථයේ රෝද හතරට කිසියම් අයකු ගිනි තැබූ බවට දැනගැනීමට ලැබීමත් සමගම තමන් කැබ් රථය අසලට යාමේදී එහි සිටි පිරිස එය නිවා දමා තිබූ බවත් ඔවුන් කළ පැමිණිල්ලේ සඳහන් වේ.
එලෙස ගිනි තැබුවේ ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ උපසභාපතිවරයා බව හැඩහුරු කමින් තමන්ට එහි සිටි පිරිසගෙන් දැනගැනීමට ලැබූ බවත් ඔවුන් කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
කැබ් රථයේ රෝද හතර පිහිටා තිබෙන මාර්ගයේ කිසියම් දියරයක් වැගිරී තිබෙන අයුරුත් වම්පස පිටුපස රෝදයට ඉහළින් බඳෙහි ගින්නකින් නිකුත් වු දැලි බැඳී ඇතැයි පොලිසිය කියයි.
නීතිඥ කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ සීසීටීවී කැමරා පරික්ෂා කිරීමට නියමිත බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මේ පිළිබඳ හෝමාගම ප්‍රාදේශීය භාවයේ උප සභාපති බන්දුල රංජන් ඉලේපෙරුම මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය.
මගේ නිවසට අලාභානි කිරීමෙන් අනතුරුව ,මට ජීවිත තර්ජන ද ආවා,මා ඉන්නේ හැංගිලා,මම සභාවාරයටවත් ගියේ නැහැ.මම මේ පිළිබඳ කිසිවක් දන්නෙත් නැහැ.
කැස්බෑව පොලිසිය පරීක්ෂණ පවත්වයි.