ඖෂධ නියාමන අධිකාරියේ වත්මන් ක්‍රියාකාරිත්වය හේතුවෙන්, රට තුළ ඖෂධ නිෂ්පාදනය කිරීමට මෙන්ම හා ඊට ඉදිරිපත් වන ආයතන සදහා අවසරය ලබා නොදීම හේතුවෙන් රට තුළ දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය අධෛර්යට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.
එසේම පුද්ගලයන්ගේ සහ ආයතන වල පරිත්‍යාග හරහා කළමනාකරණය වෙමින් පවතින වත්මන් සෞඛ්‍ය සේවාව සඳහා ලබාදෙන පරිත්‍යාග ලබා ගැනීමේදී ද, ඖෂධ නියාමන අධිකාරියේ ගතානුගතික, සාම්ප්‍රදායික, අසංවේදී තීරණ ගන්නා සම්ප්රදාය බරපතල බාධාවක් වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
ඩොලරයකට ලබාගත හැකි ඖෂධය සදහාම, ඩොලර් 10ක පමණ අනවශ්‍ය මිලක් ගෙවීමට සිදුවීම අපේ රටේ ආර්ථිකයට කිසිසේත් නොගැලපෙනවා යැයි එම සංගමය පවසයි .
ආසියාතික කලාපයේ ඖෂධ නිෂ්පාදනය සඳහා නම් දරා සිටින, එමෙන්ම දියුණු රටවලට පවා ඖෂධ අපනයනය කරන රටවල පවා අනුගමනය නොකරන ක්‍රමවේද හා ලිපිගොනු මාෆියාව හරහා, ඖෂධවල තත්ත්වය විමසීම සඳහා පවතින ක්‍රමවේදය හරහා ඖෂධයේ කිසිදු වෙනසක් නොමැතිව, ලිපි ගොනු ලබා ගැනීම සඳහා පමණක් වැය වෙන මුදල හේතුවෙන්, ඖෂධ මිල දස ගුණයකින් පමණ වැඩිවන අවස්ථාවන් නිරීක්ෂණය කල හැකි බව ඔවුන් සඳහන් කරයි.
රටවල් ගණනාවක, ක්‍රම කිහිපයකින් කොටස් කිහිපයක් එකට ඈඳා ගනිමින් නිර්මාණය කර ඖෂධ නියාමන අධිකාරියේ නියාමන පනත හේතුවෙන්, ඖෂධ නියාමනය, තත්ත්ව පාලනය සහ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය රටේ සෞඛ්‍ය සේවාවවට වග නොකියන, අසංවේදී තත්වයකට පත්ව ඇතැයි එම සංගමය පැවසීය.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාවක දී ද බොහෝ පාර්ශවයන් විසින් ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියා කලාපය විවේචනය කළ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයට වග කියන කියන ඖෂධ නියාමන අධිකාරියක් සකස් කරගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ එකගතාවයක්ද පළවී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.