හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ සිට දිනපතා කෙටි දුර ධාවනය වන ඇතැම් පෞද්ගලික බස් රථ වල රියදුරන් සහ කොන්දොස්තරවරුන් බස් රථයේ ටැංකියේ තිබෙන ඩිසල් ඉන්ධන බූලි වලට එකතු කිරිමේ ජාවාරමක නිරත වෙයි.
ඩිසල් ඉන්ධන ලබා ගැනිම සදහා බස් රථය පොලිමේ රදවා මෙම ජාවාරම සිදු කරන බව ඩිසල් ඉන්ධන ලබා ගැනිම සදහා පොලිමේ රැදි සිටින සෙසු වාහන හිමියන් පැවසිය.
බස් රථ වලට සිමාවකින් තොරව ඩිසල් ඉන්ධන නිකුත් කිරිමේදි මෙවැනි බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් සිදු කරන මෙම ක්රියාව හේතුවෙන් ඇතැම් වාහන හිමියන්ට ඉන්ධන ලබා ගැනිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇත.