ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමට අනුව බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවට ආධාර කිරීම සම්බන්ධයෙන් වන මුලික එකඟතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනටමත් පළකර තිබෙන බව අග්‍රාමාත්‍යවරයා විසින් පත්කරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා කමිටු සභාපති සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
එහි නියෝජිතයින් පැමිණ අවසන් එකඟතාවයට පැමිණීමත් සමග ශ්‍රී ලංකාවට ආධාර ලැබෙනු ඇති බව ද ඔහු කීවේය.