saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5881 hours ago

LATEST

අවශ්‍ය වුණොත් සිවුවැනි මාත්‍රාව දෙනවා

calendar_today 2022 ජන 16 - 16:45 remove_red_eye - 231  

තවත් වසර දෙකක් ඇතුළත මෙරට භාවිතා කරන ඖෂධවලින් 70%ක් රට තුළම නිෂ්පාදනය කිරීම සම්බන්ධව අවධානය යොමුව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි .

මුදල් වැඩිපුර අච්චු ගහලා තිබෙනවා. ඒක කළේ පාලනය කරන්න පුළුවන් විදිහටයි. ඒකෙන් අහිතකර බලපෑමක් වුනොත් ඒක අනිත් පැත්ත හරවන්න අපි දන්නවා. සියලු මුදල් සංසරණයට යොදවලා නැහැ. ඒකට පිළියම් අපි දන්නවා. එක දෙයක් අල්ලගෙන කෑ ගැහුවට වැඩක් නැහැ. මහ බැංකුවේ ඉන්නව මේවා ගැන දන්නා අය. ෆේස්බුක් ආර්ථික විශේෂඥයෝ කියන දේවල් ඇත්ත නොවෙයි. ණය ගෙවීම සම්බන්ධව කිසිදු ප්‍රශ්නයක් නැහැ .

Read More

සමහරු හිතනවා අපි ඉන්නේ අර්බුදයේ උච්ඡස්ථානයේ කිහලා. එහෙම එකක් නෑ. මාර්තු මාසය වෙද්දී අපි අර්බුදයේ උච්ඡස්ථානයට යාවි අර්බුදය විසින් තමයි දේශපාලනයේ දිශානතිය තීරණය කරන්නේ.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් ආහාර, අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ හා ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1500ක ණය පහසුකමක් ලබාදීමට ඉන්දියාව එකඟ වී තිබේ.

Read More

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පලමු තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

Read More

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීමට පැමිණි නොවැක් ජොකොවිච්ට එම තරගාවලියට ක්‍රීඩා කිරීමකින් තොරව ඔස්ට්‍රේලියාවෙන් පිටව යෑමට සිදුව තිබේ.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් ජපානයෙන් ඩොලර් බිලියන 2ක සිට ඩොලර් බිලියන 3.5ක් දක්වා වන ණය මුදලක් ලබාගැනීමට සාකච්ඡා අරම්භ කර ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

විදේශීය රටවල් ඉලක්ක කර ගෙන වගා කරන ලද පලතුරු කෘමින් හා පිටි මකුණන් ගේ හානියට ලක්ව විනාශ වී යාමේ අවදානමක පිළිබඳව පසුගිය දෙසැම්බර් මාසයේ කළ හෙලිදරව්වෙන් පසුව තරුණයන් දෙදෙනෙකු දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන සියයට සීයක් කෘමීන් විනාස කරන දියරයක් නිෂ්පාදනය කොට පළතුරු වගාවන් බේරා දීමට ඉදිරිපත්ව සිටිති.

Read More

මෙතෙක් කල් පැවැති දේශපාලන ගමන් මග වෙනස් කිරිමේ දේශපාලන ආර්ථික උපාය මාර්ගයන් මේ රටට අවශ්‍ය කරණවා. අපි ඒ සදහා දේශපාලන ගමන් මගක් හදලා තියෙනවා.ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණෙන් ඔබිබට ගිය ජාතික ජනබල වේගය ගමන් මාර්ගය.ඒ තමයි අපි සියලු දෙනාටම එකතු වන්න පුලුවන් මධයස්ථානය.

Read More

සිරිපාගම - ඊයේ (15දා) සවස ශ්‍රීපලාබද්දල ප්‍ර දේශයේ කලු ගඟේ දිය නාමින් සිටි පිරිසක් සැඩ පහරකට හසුව තිබේත මෙහිදී අවුරුදු 22ක හා 40ක පුද්ගලයන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති අතර අවුරදු 10ක දරුවෙක් අතුරුදන්ව තිබේ. කොස්ලන්ද - ඊයේ (15දා) මක්දෙණිය ගඟේ දිය නාමින් සිටි තරුණයින් 4ක් අතරින් එක් තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. උඩවලව - ඊයේ (15දා) උඩලව ජලාශයේ ජලය බෙදා හරිනු ලබන අලේ දිය නාමින් සිටි අවුරදු 57ක පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව

Read More

ලෝකයේ අනෙකුත් රටවල මෙන්ම ඔමික්‍රොන් ප්‍ර භේදය ලංකාවේ ප්‍රමුඛතම ප්‍ර භේදය බවට පත්වෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

Read More

දේශපාලනඥයන්ද ඇතුළු රජයේ නිළධාරින් වැටුප් හා දිමනා ලබන්නේ ජනතා මුදලින්. ජනතා මුදලින් අපි ලබන වැටුපට අපි සාධාරණය ඉටු කළ යුතුයි. ජනතා මුදලින් වැටුප් හා දිමනා ලබන අය ඊට සරිලන ලෙස සේවය ඉටු කළේ නැත්නම් ඔවුන් ඊළග ආත්මයේ උපදින්නේ කපුටෝ, ගෙම්බෝ වෙලා.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දෙවන වරට උපත ලද කලු හංස පැටවුන් තිදෙනකු මහජන ප්‍රදර්ශනයට යොමුකර ඇත.

Read More

වහින වෙලාවට කරන්නේ වළාකුළුවලට උඩින් ඉන්නවා. උකුස්සෝ කියන එක හොඳයි අපිත් උපක්‍රම තියෙන හැකියාවන්, දක්ෂතා තියෙන අය කියලා තමයි ඒකෙන් කියන්නේ.

Read More

ජනතාව ඉදිරියේ තැබූ පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරනවා ... රු 95ට හරි වී මිලදී ගෙන ගොවියා ආරක්ෂා කරනවා ... මාධ්‍යවේදීන්ට සංවර්ධනයේ පාර්ශ්වකරුවෙකු වීමට ආරාධනා ... බොරු ප්‍රචාරයන්ගෙන් අධෛර්යමත් නොවන්නැයි ඉල්ලීමක් .

Read More

කොවිඩ්-19 පාලනය කිරීම සඳහා චීන රජයේ ක්‍රියාමාර්ග ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහාද සාර්ථකව ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව රටේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව පවසයි.

Read More

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත්වීමට විරාත් කෝලි කටයුතු කර තිබේ. දකුණු අප්‍රිකාව හා පැවැති ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව ඔහු මෙසේ ටෙස්ට් නායකත්වයට සමුදීමට තිරණය කර තිබේ.

Read More

රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් හෙවත් රුපියල් මිලියන 26 ක් වටිනා මෙතැම්පටමයින් (Methamphetamine ) අඩංගු එක්ස්ටසි (Ecstasy ) නැමැති මත් පෙති තොගයක්, නෙදර්ලන්තයේ සිට ත්‍යාග පාර්සලයක් ලෙස කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී අද (15දා) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .

Read More

ඉන්දියාවේ බිහාර් යනු වසර ගණනාවක් පුරා මත්පැන් විකිණීම සහ පරිභෝජනය තහනම් කර ඇති වියළි කාලගුණයක් සහිත ප්‍රාන්තයකි. කෙසේ වෙතත්, අසල්වැසි ප්‍රාන්තවලින් නීතිවිරෝධී මත්පැන් ප්‍රාන්තය තුළ පහසුවෙන් ලබාගත හැකි බව සොයාගෙන ඇත.

Read More

ටොංගා දූපත ආසන්න මුහුදු පතුළේ ගිනිකන්දක් පිපිරීයාම හේතුවෙන් සුනාමි රළ ඇතිවී තිබේ. ගනිකන්ද පිපිරීමත් සමග ඇතිවූ සුනාමි රළ අඩි 4කට වඩා වැඩිවූ අතර එයින් ආරක්ෂාවිම වෙනුවෙන් ටොංගා වැසියන් උස් ස්ථාන බලා දිවගොස් තිබේ.

Read More

මධ්‍යම අධිවේගයේ මිරිගම - කුරුණෑගල කොටස අද පස්වරුවේ ජනතා අයිතියට පත්කරනු ලැබීය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කොටස ජනතා අයිතියට පත්කරනු ලැබීය.

Read More

එක්සත් ජනපදයේ බටහිර ඔරිගන් ප්‍රාන්තයේ ඉයුජින් නගරයේ ප්‍රසංග ශාලාවකින් පිටත සිකුරාදා රාත්‍රියේ ඇති වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ඉන්දියානු රජයේ සහ වත්මන් රජයේ මුල්‍ය ප්‍රතිපාදන මත වතුකරය පුරා ඉදි කල වතු නිවාස දහසක් වතු කම්කරු අයිතියට පත් කිරිම යෞවන කටයුතු සහ ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගොපාල් බග්ගේ, වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15දා) කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදි සිදු කෙරිණ.

Read More

සුප්‍රසිද්ධ හයිටි දේශපාලනඥයෙකු වන ජෝන් ජොයෙල් ජෝසප් සිකුරාදා ජැමෙයිකාවේදී අත්අඩංගුවට පත්වූ බව පොලීසිය පවසයි.

Read More

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් යුද හමුදාව විසින් එන්නත්කරණ මධ්‍යස්ථාන 20ක් ආරම්භ කර තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් වසා දැමීමෙන් පසු උගන්ඩාවේ පාසල් ජනවාරි 10 වැනි දින නැවත විවෘත කරන ලදී.

Read More

ඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 160ක් සොයා ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියයි. සාම්පල 182ක් අතරින් මෙම ආසාදිතයන් 160 හමුවී තිබේ.

Read More

ලංකා විදුලි බල මණ්ඩලයට විදුලිය නිපදවීම වෙනුවෙන් අවශ්‍ය ඩීසල් තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාදීම හේතුවෙන් අද දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි.

Read More

ශ්‍රී ලංකවේ හරිත සංවර්ධන කටයුතු සඳහා චිනයේ බීජින් නුවර පිහිටා ඇති ජාත්‍යන්තර යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් සඳහා ශ්‍රී ලංකාව ඉල්ලුම් කර ඇති බව වාර්තා වෙයි.

Read More

ප්‍රකාශයට පත්කර ඇති මිළ ගනන් සැහැල්ලු වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර අවම මිල රුපියල් 100යි, මීරිගම සිට යග්ගපිටිය දක්වා රුපියල් 250ක මුදලක්, දෙවැනි පංතිය රෝද හය අවම ගාස්තුව රුපියල් 150යි (අන්තර්හුවමාරු දෙකක් අතර) උපරිම ගාස්තුව රුපියල 350යි. ඇක්සල් 3ට වැඩි වාහන සඳහා අවම ගාස්තුව රුපියල් 150යි, උපරිම ගාස්තුව රුපියල් 550යි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.