saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5843 hours ago

LATEST

කථානායක IDH රෝහලට

calendar_today 2022 ජන 29 - 15:37 remove_red_eye - 510  

කොවිඩ් ආසාදිත වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අංගොඩ බෝවන රෝග විද්‍යාතනයට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටනකට යාමට රජය කටයුතු කරමින් සිටින බවත් ඒ් පිළිබඳව වන සාකච්ඡා සාර්ථක බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

හැකියාවන් වර්ධනය කර ගනිමින් වෘත්තීය ජීවිතයේ ඉදිරියටම යෑම තරුණ නිලධාරීන්ගේ යුතුකම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

එක එක කණ්ඩායම් එක එක් පුද්ගලයන් ලොක්කන් කියාගෙන සිටින පුද්ගලයන් ලොකු වින්දනයක් ලබාගෙන ජනාධිපතිකමට සුට් මහනවා. එසේ සූට් මහන අයගෙන් මම විමසා සිටින්නේ රටේ සංවර්ධනයක් කිරීමට හැකියාව තිබෙනවා ද? ජනතාවට සේවයක් කිරීමට හැකියාවක් තිබේද? කියායි.

Read More

අතරමන්ව සිටි හඳුන් දිවි පැටවෙකු අල්ලා නල්ලතන්නිය වනජිවි නිලධාරින්ට භාර දිමට හැටන් රුවන්පුර ජනපදයේ පදිංචි කරුවන් පියවර ගෙන තිබේ.

Read More

රාජ්‍ය හා පෞද්ගලික ආයෝජනයක් ලෙස ඉදිකිරීමට යෝජිත තලපත්පිටිය මහල් නිවාස සංකීර්ණයේ (THE RESIDENCIS KOTTE) ඉදිකිරිම් කටයුතු (31දා) ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල පාරේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු භූමියේදී සිදු කෙරේ. මෙහි සමස්ථ ආයෝජනය රු. බිලියන 1361.4 කි.

Read More

වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් අලුවිහාරේ මහතා කියා සිටියේ සමගි ජනබලබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විටත් නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය වැඩ වැඩපිළිවෙළ ආරම්භ කොට තිබෙන බවත් දැනටමත් අමාත්‍යංශ නිලධාරීන් පත් කොට එහි වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බවයි.

Read More

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ 16 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී කඩුවෙල දෙසට ධාවනය වූ ලොරි රථයක ටයරයක් ආපදාවට ලක්වීම හේතුවෙන් මාර්ගය අයිනේ නතර කර අලුත්වැඩියා කටයුතු කරමින් සිටියදී, කඩවත දිශාවට ධාවනය වූ ලොරි රථයක් නතර කර තිබූ ලොරි රථයේ පිටුපස ගැටීමෙන් අද (29දා) අලුයම සිදු වු අනතුර නිසා ගිනි ගැනීමකටද ලක්ව ඇත.

Read More

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සහ කතානායක නිල නිවෙසේ සේවකයන් කිහිප දෙනෙකුටද කෝවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි වාර්තා වේ.

Read More

ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේදී භාණ්ඩ අපනයනය ඇ.ඩො.බිලියන 12ක සීමාව පසු කරමින් ඇ.ඩො.බිලියන 12.5ක් උපයාගෙන තිබේ.

Read More

මෙය කොවිඩ්-19 ඇති කරන බහුවිධ ප්‍රභේද ඇතුළුව සියලුම කොරෝනා වෛරස්වලින් ආරක්ෂාව සපයනු ඇතැයි අපේක්ෂා කරන එන්නතකි.

Read More

පානදුර පිහිටි ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙක් රුපියල් 150,000 ක අල්ලස් මුදලක් ලබාගනිද්දී අද (28දා) අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා පැවසීය

Read More

ශ්‍රී ලංකාව සහ තම රජය අතර පවතින වෙළෙඳ ගනුදෙනු ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු වී ඇති බව තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුට් චව්සෝග්ලු (Mevlüt Çavuşoğlu) මහතා පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයද පෙන්වා දෙන්නේ දැනට භාවිතයේ පවතින එන්නත් ලබාගත් අයට පවා ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වීමට ඉඩක් පැවතියත්, එමගින් රෝගය උත්සන්න වීම හෝ දැඩි සත්කාර එක්කයකට යොමුවීමට ඇති හැකියාව සම්පූර්ණයෙන්ම පාහේ අවම කරන බවයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොවිඩ් ආසාදිත වී තිබේ. අද දිනයේදී ඔහු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදි මේ බව තහවුරු වී තිබේ.

Read More

චීනය සඳෙහි ධ්‍රැවීය ප්‍රදේශ ගවේෂණය කිරීමට සූදානමින් සිටින අතර, මිනිසුන් සහිත චන්ද්‍ර ගොඩබෑමක් ගැනද කල්පනා කරමින් සිටියි.

Read More

තමාගේ සිවිල් අයිතිසිවාසිකම් අහෝසි කිරීමට සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා කියයි.

Read More

නිලධාරීන්ගේ පුහුණු ඇකඩමියට අයත් ගුවන් යානය බිහාර් ප්‍රාන්තයේ අගනුවර වන පැට්නා සිට කිලෝමීටර් 100ක් පමණ දකුණින් පිහිටි ගයා දිස්ත්‍රික්කයෙන් ගුවන්ගත වූ විගස මෙසේ කඩා වැටී ඇත.

Read More

මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙක් නඩු තුනකින් නිදහස් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

2021 වසරේ මරණ අනුපාතිකය පෙර වසරට සාපේක්ෂව 15.1%කින් වැඩි වී ඇති බවත් සංඛ්‍යාලේඛන පෙන්වාදී ඇති අතර, එය වසංගතය මගින් උග්‍ර වූ බවද ඒජන්සිය පවසයි.

Read More

අධිකරණ අමාත්‍යංශයේ යුක්තියට ප්‍රවේශයක් (Access to Justice ) අධිකරණාභිමාන උතුරු පළාත් ජනඅභිමුව ජංගම සේවයට සමගාමීව රුපියල් මිලියන 309ක පිරිවැයක් දරමින් ඉදි කරන ලද මුලතිව් දිසා මහෙස්ත්‍රාත් අධිකරණය නිරීිෂණය කර නිල වශයෙන් විවෘත කිරීම අද (28දා) අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

Read More

’’සියක් නගර” සංවර්ධන වැඩසටහන යටතේ ඌවේ ප්‍රධාන ආර්ථික වෙළද මධ්‍යස්ථානයක් වන හපුතලේ නගරයේ කඳු පාමුල පිහිටි බෙරගල නගරය තුළ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ කටයුතු මේ වන විට කඩිනමින් අවසන් කරමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුඛයේ ශල්‍ය කර්මයකට ලක්වූ බවට පසුගියදා පළ කළ වාර්තා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරනු ලැබීය.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම වෙරළ තීරයන් එක් දිනකදි පිරිසිදු කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද ’’සයුර රකින රැල්ල’’ වැඩසටහනේ ප්‍රධාන වැඩසටහන පසුගියදා ගාල්ල දෙවට වෙරළ තීරයේදී පැවැත්විණ . මෙම වැඩසටහන සඳහා වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා සහ වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා ද සහභාගී වී සිටියහ.

Read More

කුලී ත්‍රීරෝද රථ සඳහා මනු සවි කිරීම, පරීක්ෂා කිරීමේ වැඩසටහන පෙබරවාරි මස පළමු වැනිදා සිට ආරම්භ කරන බව ඊයේ (27දා) දැනුම් දුන්නත් ප්‍රවාහන අමාත්‍යංශයේ උපදෙස් මත නැවත දැනුම් දෙන තුරු එය කල් දමා ඇති බව මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.එන්.අකුරන්තිලක මහතා අද (28දා) සඳහන් කළේය.

Read More

ඉතාලියේ ශ්‍රී ලංකා කොන්සල්ජනරාල්වරිය ලෙස සේවය කරමින් සිටියදී , එරට දී මිය ගිය ශ්‍රී ලාංකීය ප්‍රවීන ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ඊයේ (27දා) රාත්‍රී ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන ඒමට පියවර ගෙන තිබුණි .

Read More

තුර්කියේ විදේශ අමාත්‍ය මෙව්ලට් කැව්යුස්ග්ලූ මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා අද (28දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය සභාවට අයත් ගලි බවුසරය තුළ තිබියදී ටී81 වර්ගයේ ජීව උණ්ඩ 85ක් හමුව ඇතැයි පුලස්තිපුර පොලිසිය පවසයි.

Read More

ගම්පහ පොලිස් අධිකාරී කොට්ඨාසයට අයත් පූගොඩ පොලිස්ථානාධිපතිවරයාට පහර දීමක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබේ .

Read More

දැනට අපේ රටේ බහුලව භාවිතා කරන ප්ලාස්ටික් හැඳි නිසා සිදුවන පාරිසරික හානිය ගැන අදහස් පළ කළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අප රට තුළ මාසයකට ප්ලාස්ටික් හැඳි මිලියන 50ක් වශයෙන් වසරකට ප්ලාස්ටික් හැඳි මිලියන 600ක් භාවිතයෙන් පසු පරිසරයට මුදා හරින බව සඳහන් කළේය. විශේෂයෙන් යෝගට්, අයිස්ක්‍රීම් වැනි ආහාර ගැනීම සඳහා මෙන්ම ආහාර සකස් කරන ආයතන විසින් ද බහුලව ප්ලාස්ටික් හැඳි පාරිභොගිකයින් වෙත නිකුත් කෙරේ. මේවා භාවිතා කරන්නේ එක් වරක් පමණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.