කොට්ටුකච්චිය රන්සේලගමට අද (26දා) අලුයම කඩා වැදුන වල් අලියකු නිවසක බිත්ති කඩා එහි ගබඩා කර තිබු වී තොගයෙන් කිලෝ 500 කට ආසන්න ප්රමාණයක් ගිල දමා ඇති බව නිවැසියන් පවසති.
තනියා නමින් හදුන්වන මෙම වල් අලියා අඩි 10 කට ආසන්න උසකින් යුක්ත බවත් මේ වන විට රන්සේලගම ඇතුළු ගම්මාන රැසක් භීතියට පත්කරමින් සැරිසරන බව ගැමියන් පවසති.
අද (26දා) අලුයම නිවසට කඩා වැදුන මෙම වල් අලියා නිවස වටා ගමන් කර පසුව වී ගබඩා කර තිබු කාමරය අසලට පැමිණ එහි බිත්ති තල්ලු කරමින් කාමරය තුළ අසුරා තිබු වී කිලෝ 500 කට ආසන්න උර 10ක් මෙසේ පැයකට ආසන්න කාලයකදී ගිල දැමු බව නිවැසියන් පවසති.
නිවසේ හිමිකරු වන පී.එම්.දයාවංශ මහතා පවසා සිටියේ මෙවැන්නකී.
“අපි කුඹුරු කලේ බොහෝම අසිරුවෙන්.කුඹුරත් කලින් අලි විනාශ කල නමුත් පැල් රකිමින් නිදිවරමින් ආරක්ෂා කරගෙන ගෙට ගෙන ආපු වී ටික තමා මේ තනියා කාලා ගියේ.බිත්ති කඩලා වී උර 10 ක් විතර කාලා ඉවර වුනාට පස්සේ තමා අලියා ගියේ.මම තිබුන අලිවෙඩි 10 ක් විතර ගැහුවත් ගානකට ගත්තේ නැහැ.
පස්සේ පන්දම් පත්තු කලා,හුලු අතු පත්තු කලා බැරිම තැන අලියාගේ ඇගට වැටෙන්න විසි කලා එතකොට තමා යන්න ගියේ.
වෙනදා වී විකුණනවා, නමුත් මේ පාර වී විකිණිම කලේ නැහැ, මොකද ඉස්සරහට අපිට කුඹුර කරන්න පුළුවන් වෙයිද කියලා සැක නිසා .

