ඉදිරි දින කිහිපය ඇතුලත ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළදපොලට නිකුත් කරන බව ලාෆ් සමාගම සඳහන් කරයි. ණය වර ලිපි විවෘත කිරීමට හැකි වීම මත ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළදපොලට නිකුත් කිරීමට හැකියාව ඇති බව එම සමාගම පවසයි.
ඒ අනුව තම පාරිභෝගිකයින් සඳහා අවශ්‍ය ගෑස් විධිමත් ලෙස වෙළද පොලට නිකුත් කිරිමට කටයුතු කරන බව ලාෆ් සමාගම පැවසීය.
පසුගිය කාලය තුල වෙළඳපොලට ලාෆ් ගෑස් නිකුත් නොකිරීම හේතුවෙන් එම පාරිභෝගිකයින් දැඩි අපහසුකාවට පත්විණි.