saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 5719 hours ago

LATEST

ප්‍රංශය ඇතුළු රටවල් රැසක වැසියන්ට ඉවත් වන්න කියයි

calendar_today 2022 පෙබ 23 - 22:45 remove_red_eye - 384  

යුක්රේනය විසින් පෙර දින ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය හේතුවෙන්, යුක්රේනයේ සිටින ප්‍රංශ ජාතිකයන් වහාම රට හැර යා යුතු බව යුරෝපීය සහ විදේශ කටයුතු පිළිබඳ ප්‍රංශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

පළාත්සභාවල නිල කාලය අවසන්වී වසර හතරකට අධික කාලයක් ගත වී තිබෙන හෙයින් එම මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

Read More

යුක්රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශ හැර අනෙකුත් සියලුම භූමි ප්‍රදේශවල හදිසි තත්ත්වයක් පැනවීමට කටයුතු කළ බව එරට ඉහළම ආරක්ෂක නිලධාරියා රට හමුවේ ප්‍රකාශ කළේය.

Read More

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ඔමික්‍රෝන් ආසාදිත නිරෝගී පුද්ගලයන්ගෙන් අධි අවදානම් සහිත පුද්ගලයන්ට වෛරසය බෝවන බැවින් පෙරට වඩා දැඩිව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

Read More

වර්ථමානයේ කොත්මලේ සහ වික්ටෝරියා බලාගාර වල ජලය භාවිතා කරන ආකාරය අනුව ඉදිරියේදී මෙම බලාගාර දෙකෙහි කඩා වැටීමක් සිදු වුනොත් සමස්ථ විදුලි පද්දතියම කඩා වැටීමේ අවධානම තිබෙන බවට වන අනතුරු ඇගවීම ආණ්ඩුවට සිදු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව හැඳල, තොටුපලවත්ත කැළණි ගං මෝය ආශ්‍රිත ප්‍රදේශයේ අද (23දා) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 400කට ආසන්න තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

2022 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් වන Raid Amazones - 2022 තරගාවලියේ නිල ගුවන් සේවා සහකරු ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය පත් කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය ප්‍රවෘත්ති නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටී .

Read More

ලෝක බාලදක්ෂ දින සැමරුම හා ජනාධිපති බාලදක්ෂ සහතිකපත් ප්‍රදානය අද (23දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

Read More

බද්දේගම මැතිවරණ කොට්ඨාසයේ යක්කලමුල්ල තෙල්ලඹුර මීගහවෙල මාර්ගය රුපියල් මිලියන 22.5 වියදමින් කාපට් කිරීම සිදුකර ඇති අතර එහි තත්වය ප්‍රමිතියෙන් තොර බව සඳහන් කරමින් යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ (පොදු පෙරමුණ) සභාපති ඇතුළු මන්ත්‍රීවරු සහ ප්‍රදේශවාසීන් අද (23දා) කොට්ටව මංසන්ධියේදී ගාල්ල - උඩුගම මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුහ.

Read More

පුත්තලම දිස්ත්‍රික්කයේ ඉන්ධන හල් තුළ පවතින ඉන්ධන ප්‍රමාණයන් පිළිබදව තොරතුරු ලබා ගැනිම පාරිභෝගික අධිකාරියේ පුත්තලම කාර්යාල නිළධාරින් විසින් කටයුතු කර තිබුණි.

Read More

මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර මහත්මිය ඝාතනය කොට ඇගේ ජංගම දුරකථනය කොල්ලකෑමේ චෝදනාවලට ‘පේන්ට් බාස්’ නමැත්තා වරදකරු කරමින් කොළඹ මහාධිකරණය ඔහුට මරණ දඬුවම නියම කිරීම අභියාචනාධිකරණය විසින්ද අනුමත කළේය.

Read More

ශ්‍රි ලංකා යුද හමුදා ගුවන් සංක්‍රමික (Air Mobile) පුහුණු පාසල වෙතින් ආරම්භ කරනු ලැබු පාඨමාලා අංක 24 හැදෑරු නිලධාරින් 06 දෙනෙකු සහ සෙසු නිලයින් 324 දෙනෙකු අද (23දා) නිකවැව ගුවන් සංක්‍රමික පුහුණු පාසලේදී ගුවන් සංක්‍රමික නිල ලාංඡන පැලදීමෙන් පසු විසිරයන ලදි.

Read More

රාජ්‍ය සේවය ඉතා විශාලයි. ජනතාවගේ සෑම අවශ්‍යතාවයකටම රාජ්‍ය සේවකයෙකුගේ මැදිහත් වීම සිදු වේ. එම නිසා සියලුම රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින් ජනතා සේවය ඉටුවනු දැකීමතම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් සිය අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන්ට චෝදනා කරමින් ප්‍රහාර එල්ල කළ බවත්,ඒවාට තමන් ලබාදෙන ප්‍රතිප්‍රහාර දරුණු විය හැකි යැයි ඔවුන්ට දන්වන බවත් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

Read More

අවුරුදු 15 මාස 9ක් වයසැති දැරියක් ගණිකාවක් ලෙස විවිධ පුද්ගලයන් වෙත අලෙවි කිරීම සම්බන්ධයෙන් අවුරුදු 36ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ජය ශ්‍රී සංගීත කණ්ඩායම ගායනා කරන ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම හා අන්තර්ජාලය තුළ පළකිරීම තහනම් කරමින් කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කර තිබූ වාරණ නියෝගය අද ඉවත් කරනු ලැබීය.

Read More

යාපනය කෝපායි පොලිස් වසමේ රාසාවින් ප්‍රදේශයේ පිහිටි නිවෙසක වයෝවෘද්ධ කාන්තාවක් ඝාතනය කොට තිබියදී මළ සිරුර ඊයේ (22දා) සවස සොයාගත් බවට පොලීසිය පවසයි.

Read More

තංගල්ල අවට ප්‍රදේශයේ මේ දිනවලදී ඩීසල් නොමැති වීම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාට සිය ජිප් රථයට අවශ්‍ය ඩීසල් නොමැති බව කියමින් තංගල්ල ධීවර වරායේ බෝට්ටුවකින් ඩීසල් ගෙන එය සිය රථයට පුරවා ගැනීමට අද(23දා) කටයුතු කළේය.

Read More

ඊයේ පාස්කු ප්‍රහාරයේ වෙළුම් ගණනාවක් පාර්ලිමේන්තුවට ලබා දුන්නා. මේ වෙළුම් දෙන්න තිබුණේ අවුරුද්දකට කලින්. දැන් වෙළුම් දීලා වැඩක් නෑ. ඒක දෙන්න ඕන නඩුව දෙන්න කලින්. දැන් නඩුවලින් විත්තිකාරයන් නිදහස් වෙනවා. දැන් වෙළුම් මොකටද? මේකේ වටිනාකම තිබෙන්නේ බෝතල් කාරයෙකුට විතරයි.

Read More

කොළඹ සිට බෝට්ටුවකින් යාපනයේ සංචාරයකට පැමිණි ඇමරිකානු ජාතිකයෙකු පැමිණි බෝට්ටුවේ තිබු උපකරණ සියල්ලක්ම සොරාගෙන ඇතැයි අදාල සංචාරකයා විසින් අද (23දා) යාපනය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

Read More

යහපාලන ආණ්ඩුව විසින් පිහිටවු දූෂණ මර්දන කමිටුව හා ලේකම් කාර්යාලය මගින් සිදුකරන ලදැයි පැවැසෙන අක්‍රමිකතා සොයා බැලීම සඳහා පත්කළ විශේෂ ජානාධපිත පරීක්ෂණ කොමිෂන් සභාව සාක්ෂි විමසීම ආරම්භ කිරීමට නියමිතය.

Read More

පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව පත්කළ ජනපති කොමිෂමේ පසුගියදා පර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව පිටු 69100කින් සමන්විත වෙයි. එයට වෙළුම් 88ක් ඇතුළත් වෙයි.

Read More

මාර්තු 04දා සඳෙහි ඈත පැත්තට කඩා වැටීමට නියමිත රොකට් බූස්ටරයක් ​​චීනයේ Chang’e-5 මෙහෙයුමේ කොටසක් නොවන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැංග් වෙන්බින් මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ පාලන මැදිරිය තුල සුරක්ෂිතව තබා තිබූ වෙළෙද පොළේ මිළ අධික වටිනාකමකින් යුත් මරාන්ට්ස් වර්ගයේ ජංගම පටිගත කිරීමේ යන්ත්‍රයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය කියයි.

Read More

විදුලි කප්පාදුව හේතුවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශාල ප්‍රශ්නයක් වන බවත් මෙම විදුලි කප්පාදුව උසස් පෙළ විභාගය අවසන් වන මාර්තු 05 වැනිදායින් පසුව සිදු කිරීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට සඳහන් කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් මාතෘ හා ළමා සායන මගින් ලබා දෙන ත්‍රිපෝෂ මෙවර ලබාදී ඇත්තේ දින නමයකින් කල් ඉකුත්වන ත්‍රිපෝෂ බව ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් හා කිරිදෙන මව්වරුන් චෝදනා කරති.

Read More

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මියට අද (23දා) පිලියන්දල පොලිසිය හමුවේ පෙනී සිටීමට දැනුම් දුන්නද ඇය ඒ සඳහා නොපැමිණි බව පිළියන්දල පොලිසිය කියයි.

Read More

කොළඹ සිට මාතර බලා ගමන් ගත් ශ්‍රීලංගම බස් රථයක් ඩීසල් නොමැතිව අද (23දා) උදෑසන කළුතර නගර මධ්‍යයේ නතරවීමෙන් එහි ගමන් ගත් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි පැවසේ.

Read More

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පී.සී.ආර්. පරීක්ෂණයකින් යළිත් කොවිඩ් ධනාත්මක වී තිබේ. මේ අනුව හෙටින් ආරම්භ වීමට නියමිත ඉන්දීය විස්සයි20 තරගාවලිය වනිඳු හසරංගට අහිමි වෙනු ඇති බව වාර්තා වෙයි.

Read More

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ස්වාභාවිකව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහුගේ ජීවිතය අනතුරේ බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.