ජුලි 10 දා සිට ඉන්ධන අඛණ්ඩව දෙනවා - රුසියාව සමග සාකච්ඡාවට ජනපති සූදානම්
ජුලි මස 10 දා සිට ඉන්ධන අඛණ්ඩව ලබාදීමේ වැඩසටහනක් සකස් කර ඇති බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසිය.
ඉදිර වසර සඳහා ඖෂධ ගෙන්විමට මේ වන විට මුදල් වෙන්කර ඇති බවත් ජුලි මස 5 දා සිට ඉදිරි මාස තුනක කාලයක් සඳහා අවශ්‍ය ගෑස් ලබාදීමට මේ වන විටත් වැඩපිළිවෙළක් සකස් කර අවසන් බව ඔහු පැවැසීය.
"මේ වන විටත් ජනපතිතුමා රුසියානු ජනපතිවරයා සමග දුරකතයෙන් කථා කර යම් එකඟතාවයකට එළැඹීම සඳහා තානාපති මාර්ගයෙන් මේ වන විට අවශ්‍ය සාකච්ඡා පවත්වලා රුසියානු ජනපතිවරයාට ලිපියක් යවලා ඒ අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට රුසියාවත් සමග සාකච්ඡා වෙමින් යනවා.
ඒ වගේම ඉන්ධන ලබාගැනිම සඳහා ඉදිරි කාලයේදි එක්සත් අරාබි එමිර් රාජ්‍යයට යාමටත් ජනපතිවරයා බලාපොරොත්තු වෙනවා. ජනතාව මුහුණ දුන් බරපතල ප්‍රශ්න කිහිපයකට මේ වන විට රජය සාධනීය විසඳුම් ලබාදී තිබෙනවා."
popular news
-
HUBERT Wednesday, 29 June 2022 01:38 AM
This unpleasant man is still in the limelight
Reply : 0 0
janahitha Wednesday, 29 June 2022 03:21 AM
mahajana mudal kolla kanalada ayage pinthura puavath ath vala nodamimata siyaluma puvath path ekanga viya yuthuya
Reply : 0 0
ආර්.එම්.එච්. අරුණ ශාන්ත Wednesday, 29 June 2022 09:32 PM
මහින්දානන්ද කෘෂිකර්මයට කරපු වැඩෙන් ඉදිරියෙදි ජනතාවට කන්න නැතිවුනා.ඊලඟට ඉනධන ටිකටත් වැඩේ කරන්න වගෙයි.පරෙස්සමට ඉවසගෙන ඉන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

