saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6144 hours ago

LATEST

බුර්කිනා ෆාසෝ ප්‍රහාරයෙන් අවම වශයෙන් 50ක් මරුට

calendar_today 2022 මැයි 26 - 22:00 remove_red_eye - 356  

බුර්කිනා ෆාසෝ හි නැගෙනහිර කලාපයේ මැඩ්ජෝරි දිස්ත්‍රික්කයේ නාඳුනන සන්නද්ධ මිනිසුන් විසින් බදාදා එල්ල කරන ලද ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 50දෙනෙකු මියගොස් තිබේ.

පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය අසලදී හා ගාලුමුවදොර අසලදී සිදු වූ සිදුවීම්වලට අදාළව අද (26දා) දිනය වනවිට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකොළොස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

පසුගියදා ඇමෙරිකාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් තවත් පාසල් සිසුන් 19දෙනෙකු සහ ගුරුවරුන් 2දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

Read More

ජපන් භාෂ ප්‍රවීණතාවයක් නොමැති, පාසල් හැර ගිය ළමුන් දහසකට ඉදිරි මාස කිහිපය තුළ ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙරට ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී කට්සුකී කොටාරා මහතාගෙන් ඉල්ලීමක් කළේය.

Read More

රන්ජන් රාමනායක මැතිතුමට ලබන අවුරුද්දේ මැයි මාසයේ කොහොමත් නිදහස ලැබෙන්න ඕන.එතුමාගේ කල් ක්‍රියාව හොඳ වීම, බෝනස් ලැබීම නිසා ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි වෙනකොට එතුමා කොහොමත් නිදහස ලබනවා.

Read More

ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Read More

හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ සිට දිනපතා කෙටි දුර ධාවනය වන ඇතැම් පෞද්ගලික බස් රථ වල රියදුරන් සහ කොන්දොස්තරවරුන් බස් රථයේ ටැංකියේ තිබෙන ඩිසල් ඉන්ධන බූලි වලට එකතු කිරිමේ ජාවාරමක නිරත වෙයි.

Read More

ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීම භෙට (27දා) සිදුනොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (26දා) පැවසීය.එම නිසා හෙට දිනයේත් ගෑස් පෝලිම් වල රැඳී නොසිටින ලෙස ඔවුන් පවසයි.

Read More

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ , හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන හිටපු යුද හමුදාපති ජෙනරාල් රත්නායක යන මහත්වරුන් මෙම ත්‍රිපුද්ගල කමිටුවට පත් කර ඇකර ඇති බවද වාර්තා වේ .

Read More

කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය අසල නවතා තිබූ කැබ් රථයට හෝමාගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති බන්දුල රන්ජන් ඉලේපෙරුම මහතා ගිනි තැබූ බව පවසමින් ව්‍යාපාරිකයෙකු පැමිණිල්ලක් කර ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි.

Read More

ඖෂධ නියාමන අධිකාරියේ වත්මන් ක්‍රියාකාරිත්වය හේතුවෙන්, රට තුළ ඖෂධ නිෂ්පාදනය කිරීමට මෙන්ම හා ඊට ඉදිරිපත් වන ආයතන සදහා අවසරය ලබා නොදීම හේතුවෙන් රට තුළ දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය අධෛර්‍යට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

Read More

වාහන වලට ඉන්ධන ලබා ගැනීමේදී එක වාහනයක් එක් දිනකදී විවිධ ඉන්ධනහල් වෙතින් ඉන්ධන ලබාගෙන ඇත්දැයි දැන ගැනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් යෙදවුමක් නිර්මාණය කර තිබේ.

Read More

අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් මත ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැංකු ක්ෂේත්‍රයට දැනුම් දී තිබේ. එසේම මූල්‍ය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම අවම කිරීම වෙනුවෙන් ඇත්තේ කුඩු කවුළුවක් බවද ඔහු ප්‍රකාශ කළේය.

Read More

අතිකාල දීමනා සහ නිවාඩු දින වැටුප් ලබාදෙන ලෙස ඉල්ලමින් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ සේවක සේවිකාවන් පිරිසක් අද (26දා) රෝහලේ ප්‍රධාන කාර්යාලය වටලා ගැටළුවට වහා විසඳුම් ලබාදෙන ලෙස වෛද්‍ය අධිකාරී ධනපාල රත්නායක මහතාගෙන් ඉල්ලා සිටියේය.

Read More

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් මෙරට ළමුන් සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත්, ඒ සඳහා නිසි මඟ පෙන්වීම් කළ යුතු බවත් පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාව අවධාරණය කරසිටියි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා කායවර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීම වහාම නතර කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26දා) උපදෙස් ලබා දී තිබේ.

Read More

“ගෝටාගෝගම” සිටින අරගලකරුවන් මෙන්ම දිවයින පුරා සිටින වෙනසක් ඉල්ලන තරුණයන්ගේ ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලය නිල වෙබ් අඩවිය වන pmoffice.gov.lk හරහා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ යෝජනා සහ අදහස් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

Read More

ජීවන වියදම ඉහල යාමට මුහුණ දීම සඳහා සහන අය වැයෙන් රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරිමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

Read More

අනතුරුව ඔහු නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජුනි 1 වන දින සිට රාජකාරි භාර ගැනීමට නියමිතව ඇත. ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම ධූරයට පත්වන විට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියේය. මේ අතර, වත්මන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි හොබවන මේජර් ජෙනරල් විකුම් ලියනගේ ජූනි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිත බවද යුද හමුදාව නිවේදනය කරයි.

Read More

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ කැස්බෑව මාවිත්තර නිවස ඇතුළු නිවාස තුනකට පහරදී දේපල කොල්ල කා ගිනි තැබූ බව කියන පුද්ගලයන් 24ක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

කටුනායක පොලිස් ඉතිහාසයේ විශාලතම නීතිවිරෝධී මත්පැන් වැටලීම ඊයේ (25දා) සිදු කරමින් රුපියල් කෝටියක් පමණ වටිනා නීතිවිරෝධී මත්පැන් තොගයක් සහ ඒවා පෙරීම සදහා භාවිතා කළ උපකරණ විශාල තොගයක් ද අත් අඩංගුවට ගෙන ඇති බව එම පොලීසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

Read More

සිය ටෙස්ට් දිවියේ 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත්විය. ඒ් බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අතරතුළදීය.

Read More

නව අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් ශ්‍රී ලංකාව මේ වන විට පත්කරගෙන සිටින අතර, ඉදිරි ගමන පිළිබඳව ජාතික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

රට තුළ පවතින ඖෂධ හිඟයත් සමග ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් එම ආයතනය ප්‍රතිචාර දක්වා තිබේ.

Read More

දිවයින පුරා සතොස ශාඛා වල අද (26දා) සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහල දමා ඇති බව පාරිභෝගිකයන් පැවසිය.

Read More

සිය ටෙස්ට් දිවියේ 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරිමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය. ඒ බංග්ලාදේශය හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීය. ශ්‍රී ලංකාව මේ වන විට කඩලු 5ට ලකුණු 400ක් රැස්කරගෙන සිටියි.

Read More

පවතින අර්බුද හමුවේ වුවද පොසොන් සැමරුම සඳහා කටයුතු සූදානම් වෙමින් පවතී. මෙවර එය පැවැත්වෙන්නේ 2330 වන වරටයි. මිහින්තලාව , අටමස්ථානය හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කරගෙන පොසොන් උත්සවය පැවැත්වේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙළිකර තිබේ. බ්ලූම්බර්ග් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අණාවරණය කළේය. 2025 වසරේදී ප්‍රාථමික අයවැයේ අතිරික්තය සියයට 2ක් කර ගන්නා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති බවත් එය ගැටලුකාරී තත්ත්වයක් බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

Read More

’මාලමුල්ලේ අයිස් චූටි’ නැමැත්තා රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් තොගයක් සමග ඊයේ (25දා) අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

ආණ්ඩුව විසින් 19 ප්ලස් ගෙනු ඇති බවට අදහසක් තිබුණත් ගෙන එන්නේ 19 මයිනස් බවත් ඔහු පැවැසීය. මෙවැනි ආකාරයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ලෝකය පිළි නොගන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.