අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද 22වන අණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කර ඉදිරි දින කිහිපය තුළ ව්‍යාවස්ථානුකුලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අද (28) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිස්සංකරණ අමාත්‍යආචාර්ය විජයදාස රජපක්ෂ මහතා පැවසීය. පනත් කෙටුම් පත ගැසට් පත්රයක්මගින් ප්‍රසිද්ධියට පත් කර දින හතක් ගිය පසු පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කොට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා පැවැසීය
ව්‍යවස්ථා සංශෝධනයේ අංකය පිළිබඳව ජනතාවට යම් ගැටලුවක් ඇති බව දක්නට ඇතැයි අමාත්‍යවරයා පැවසීය. එය නිරවුල් කරමින් අමාත්‍යවරයා පැවසුවේ, “සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවට 21 වන ව්‍යාවස්ථා සංශෝධන කොටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ කළා. මම අමාත්‍යවරයෙක් ලෙස පත් වු පසු එම ව්‍යවස්ථා සංශෝධනයම ආණ්ඩුවේ ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පතක් ලෙස අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා.
නට ඇතැයි අමාත්‍යවරයා පැවසීය. මෙඒ සමඟම මම පෞද්ගලිකව ඉදිරිපත් කළ 22 වන ආණ්ඩුක්රව ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්කර ගත්තා. එය රජයේ යෝජනාවක් ලෙස 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳ ක්‍රියාදාමයේදී මුලින් ගනු ලබන සංශෝධන කොටුම්පත කුමක්ද යන්න සලකා බලා එය නැවත වතාවක් අංක 21 ලෙස නම් කරනවා. ඒ අනුව 22 වන සංශෝධනය මුලින් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගන්නා අවස්ථාව වන විට එය 21 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය ලෙස නම් කරනවා.
විපක්ෂය ඉදිරිපත් කළ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එළිදැක්විමට නොහැකි එකක්. එහි සැම වගන්තියක්ම නීතියක් බවට පත් වන්නට ජනමත විචාරණයක් අවශ්‍යය යන්න තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය දීලා තියෙනවා.”
