saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 5725 hours ago

LATEST

නීති විරෝධී මත්පැන් සමග අයෙක් දැලේ

calendar_today 2022 පෙබ 22 - 13:51 remove_red_eye - 134  

තලවතුගොඩ වික්‍රමසිංහපුර නිවාස සංකීර්ණයේ දෙමහල් නිවසක් තුළ නීති විරෝධී මත්පැන් පෙරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුට ගත් බව ශ්‍රී ජයවර්ධනපුර සුරාබදු ඒකකය පවසයි.

භානුක රාජපක්ෂ යළිත් කණ්ඩායමට එක්කරන ලෙස ක්‍රිකට් ආයතනයට බල කරමින් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් පාර්ලිමේන්තුවට භාර දෙයි.

Read More

තෙල් නැව බාන්න ආණ්ඩුවට ඩොලර් මිලියන 36ක් නොමැති නිසා ’වෙස්ට් කෝස්ට්’ බලාගාරයේ මෙගාවොට් 300ත් අද සිට අහිමි වන බවත්, විදුලිය අර්බුදය ප්‍රමුඛ ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව දැන් ගලේ පැහැරූ බළලුන්ගේ තත්ත්වයට පත්ව ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

කොළඹ 03 ප්‍ර දේශයේ කාමර 652ක් සහිත සුඛෝපබෝගී නගර හෝටලයක් ඉදිකිරීමට කැබිනට අනුමැතිය ලැබී තිබේ.

Read More

අබලන්ව භාවිතයෙන් ඉවත් කළ බස් රථ 200ක් ප්‍රතිසංස්කරණයකර, ධාවනයට එක් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

Read More

යම් විදිහකට මිල වෙනස්වීමක් ඉදිරියේ සිදුවෙන්න පුළුවන්. ඒක දැනටමත් අරගෙන නෑ. නමුත් ලෝක වෙළඳපොලේ මිල අඩුවීමක් වුණොත් එහි වාසියත් ජනතාවට ලබාදිය යුතුයි කියන තීරණයේ අපි දැඩි ලෙස ඉන්නවා.

Read More

සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් කරන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීීීීීමක් කළේය. ඒ් ඊයේ (21දා) පැවති කැබිනට් රැස්වීමේ දී විදුලි බල හා ඉන්ධන ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා වු අවස්ථාවේ දි ඇමතිවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

Read More

භානුක රට නියෝජනය කළ යුතු ක්‍රීඩකයෙක්. ඔහු තෝරා නොගැනීමට හේතු දන්වා තිබෙනවා. ඒ හේතු ප්‍රකාශ නොකර ඉමු. මේ භානුකගේ ක්‍රිකට් ජීවිතයේ අවසානය නෙමෙයි. ඔහු දක්ෂයෙක් හැකියාවක් තිබෙනවා. භානුක හොඳ COME BACK එකක් දේවි

Read More

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ ජීවිතයට තර්ජනයක් ඇත්දැයි යන්න පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවාව විසින් වාර්තාවක් කැඳවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති අතිඋතුම් බ්‍රයන් උඩග්වේ හිමිපාණන් ඊයේ (21දා) බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක වල සංචාරයක නිරතවිය.ප්‍රථමයෙන් හල්දුම්මුල්ල ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණ ආගමික වතාවන්ට එක්වූ උන්වහන්සේ අනතුරුව බදුල්ල ශාන්තමරියා ආසනමැදුර දේවස්ථානයට වැඩම කළහ.

Read More

“විශේෂ භාණ්ඩ හා සේවා බදු” පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වා තිබේ.

Read More

පල්ලම සේරුකැලේ රතඹලාඔය පැරණි පාලමේ යකඩ විවිධ පිරිස් ප්‍රසිද්ධියේ කපා ගෙන යාම සිදු වුවද බළධාරින් නිහඩව සිටින බව ජනතාව පවසති. ඔවුන් පවසන්නේ හලාවත ආණමඩුව මාර්ගය කාපට් කිරීමත් සමග රතඹලා ඔය හරහා ඉදිකර තිබූ පැරණි යකඩ පාලම ප්‍රමාණයෙන් කුඩා වීමත් සමග නව යකඩ පාලමක් ඉදි කිරීම සිදුවු බවයි.

Read More

ශ්‍රී ලංකාව අවට මුහුදේ නැංගුරම් ලා තිබෙන තෙල් නැව් තුනට කුමන ආකාරයකින් හෝ මුදල් ගෙවා මිලදී ගමු යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

විදුලිබල මණ්ඩලය විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති ණය මුදලින් රුපියල් බිලියන 20ක් ගෙවා ඇති බව වාර්තා වේ. ඒ අනුව තවත් රුපියල් බිලියන 80ක් ගෙවීමට ඇති බවද වාර්තා විය.

Read More

(LONG READS) සෑම වසරකම පෙබරවාරි 22 දින ලෝක බාලදක්ෂ දිනය ලෙස නම් කරන්නේ, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන් ස්මිත් බේඩ්න් පවෙල් මහතාගේ උපන් දිනය පෙබරවාරි මස 22 (1857/02/22) දාට යෙදී තිබීම නිසාය. එම දිනය වෙනුවෙන් මෙලෙස අතීත මතක දිගහරිනුයේ (බොරැල්ල) 29 කොළඹ කණ්ඩායමේ බාලදක්ෂයෙකු ලෙස කටයුතු කළ වර්තමානයේ අසූපස් වියේ පසුවන පියසේන වල්පොළ මහතායි.බාලදක්ෂ ව්‍යාපාරයට සාමාන්‍යයෙන් සාමාජිකයන් ලෙස බැඳෙන්නේ පාසල් වියේ පසුවන ළමයින්ය.

Read More

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ වෛද්‍යවරුන් තම නේවාසිකාගාරවල ජල පහසුකම් නොමැති බව පවසමින් අද (22දා) පෙරවරුවේ රාජකාරී වලින් ඉවත්ව සිටීම හේතුවෙන් රෝගීහු දැඩි අසීරුතාවයකට පත් වූහ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් එක් වරකදී ලබාගත් වැඩිම ණය මුදල ලබා ගත්තේ 2009 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේදී බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

වාහන ආනයන කිරීම තහනම් කිරීම හරහා ආර්ථිකයට ලැබීමට තිබූ වාසිය ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අහමිවී ගිය බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

පාස්කු කොමිෂමේ ජාතික ආරක්ෂාවට වැදගත් කරුණු කිහිපයක් හැරෙන්නට සෙසු සියලු කරුණු පාර්ලිමේන්තුවට හා ජනතාවට ලබාදී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

වත්මන් ආණ්ඩුවේ දීර්ඝතම වේලාවක් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ (21දා) පැවැත්විණි. ඒ අනුව පැය 05ක කාලයක් කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වා තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයට නම් කළ ක්‍රීඩකයන් 18දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ඉවත් කර තිබේ. ඒ ඔහු කිලෝමීටර 02 ධාවනය සාර්ථකව නිම කළද ’ස්කින්ෆෝල්ඩ්’ පරීක්ෂණය අසමත් වීම හේතුවෙනි.

Read More

ඛණිජතෙල් සංස්ථාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා අද (22දා) බැංකුවලින් ඩොලර් මිලියන 35ක් ලබා ගැනීමට ඊයේ (21දා) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසර ලබා දී තිබේ.

Read More

රුසියාවට තමන්ගේම ආරක්ෂාව සහතික කිරීම සඳහා පළිගැනීමේ පියවර ගැනීමට සෑම අයිතියක්ම ඇති බව ජනාධිපති පූටින් අවධාරණය කරයි.

Read More

2021 වර්ෂය සඳහා ලබා නොගත් අසනීප නිවාඩු වෙනුවෙන් ලබා දෙනු ලබන දිරි දීමනාව මෙතෙක් ලබා නොදීම හේතුවෙන් ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ සේවකයන්අද (22දා) දින සිට සියලු සේවා කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.

Read More

විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද (22දා) දිනයේදී පැය 02ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

Read More

පසුගිය සතියේ, කැමරූන් හි මහජන සෞඛ්‍ය අමාත්‍ය මලාචී මනාවුඩා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සෞඛ්‍ය සම්පන්නව සිටින ලෙසත්, ඕනෑම ආසාදනයක් රෝහලට වාර්තා කරන ලෙසත්ය.

Read More

අත්පිට මුදලට ඉන්ධන ලබා ගැනීම අභියෝගයක් වුවත් සංවර්ධනයට සහ කර්මාන්තවලට හානියක් නොවන අයුරින් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමට රජය කටයුතු කරන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

Read More

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් වසාදමා තිබූ ඔස්ට්‍රේලියාව, සිය ජාත්‍යන්තර දේශසීමා එන්නත් කරන ලද සංචාරකයන් සඳහා සම්පූර්ණයෙන්ම නැවත විවෘත කරයි.

Read More

ඉතිහායේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ඉහළම මූල්‍යමය ප්‍රගතියක් ලබා ඇති බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.