හොරණ කොළඹ මාර්ගයේ කෝරලඉම ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවකයන් ප්‍රවාහනය කරන බස් රථයක් අද (23දා) අලුයම එකිනෙක ගැටීමෙන් සේවක සේවිකාවන් 25ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය පවසයි.
ලෝකයේ තෙල් මිල අඩුම රටවල් අතරින් ලංකාව ඉන්නේ 22 ස්ථානයේ. අපිට වැඩිය ඉදිරියෙන් ඉන්න රටවල් 21කම තෙල් නිපදවන රටවල්. ලංකාව අපනයනයෙන් ඩොලර් මිලියන 1000ක් හොයන විට තෙල් වලට ඩොලර් මිලියන 500ක් ගෙවන්න වෙනවා. ඉන්ධන ආනයනය සඳහා මුදල් වෙන්කර ගැනීම අභියෝගයක්. මේ අවස්ථාවේදී තෙල් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.
Read Moreහෙරොයින් ග්‍රෑම් 54කුත් මිලිග්‍රෑම් 730 සිය කළිසම් සාක්කුවේ තබාගෙන සිටි පුද්ගලයෙකු පුත්තලම රෝහල් පරිශ්‍රයේ දී කල්පිටිය පොලිසිය විසින් ඊයේ (22දා) රාත්‍රියේ දී අත් අඩංගුවට ගෙන ඇත. ඉන්පසු කරන ලද පරීක්ෂාවේ දී අණාවරණය වී ඇත්තේ,මෙම පුද්ගලයා රාජකාරිය නිමවා සිය ඥාතියෙකු බැලීමට රෝහලට පැමිණි සිටි,පුත්තලම කොට්ඨාශයට අයත් නොරොච්චෝල පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු බවයි.
Read Moreපෙබරවාරි 26 වැනිදා ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය සපායා දිනය වෙනුවෙන් වෙන්වන අතර එහි දී මෙරට ප්‍රධාන මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෝ 11 දෙනෙක් මෙරට ඉතා වටිනා මැණික් ගල් 25ක් එහි ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
Read More(EXCLUSIVE)ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ඩොලර් අර්බුදය සහ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට ලබාදෙන පුහුණුව තාවකාලිකව නවතා දැමීමට එංගලන්තයේ රාජකීය කායික රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (Royal College of Physicians) තීරණය කිරීම කොළඹ විශ්ව විද්‍යාලයයේ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයද නිල වශයෙන් පිළිගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ අරමුණින් ආරම්භ කෙරෙන ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන සදහා මේ වසරේ දෙවන කාර්තුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක් ලබාදීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා එකඟත්වය පල කරයි. සංචාරක කර්මාන්තය පිලිබදව පසුගියදා (21) මුදල් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පල වූ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඩීසල් මෙට්‍රික් ටොන් 35000ක් රැගත් ඉන්ධන නැවට ඊයේ (22දා) රාත්‍රියේ ඩොලර් මිලියන 35.3ක මුදල ගෙවීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව එම නැවෙන් ඉන්ධන ගොඩ බෑම ඉතාමත් ඉක්මනින් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreඋතුරු, උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත්වලත් මාතලේ හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට අද (23දා) දිනයේදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreවර්තමානයේ ජනතාව මුහුණදෙන ප්‍රශ්න පිළිබඳ සලකා බලා, දැනට පවතින ඉන්ධන මිල ඒ ආකාරයෙන්ම ඉදිරියටත් පවත්වාගෙන යෑමට ඊයේ(22දා) පැවැති විශේෂ කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreආසියානු කලාපයේ මැලේසියාව ඇතුළුව, සංචාරයන් සඳහා ඉතා ඉහළ අවදානම් (4 වැනි මට්ටමේ) ගමනාන්ත ලැයිස්තුවට තවත් රටවල් 4ක් ඇතුළත් කිරීමට රෝග පාලනය සහ වැළැක්වීම සඳහා එක්සත් ජනපද මධ්‍යස්ථාන කටයුතු කර තිබේ.
Read Moreවිදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද (23දා) දිනයේ පැය 04.30ක සහ පැය 04.40ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
Read Moreවයස අවුරුදු 12න් පහළ දරුවන් සඳහා කෝවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබාදීමට අදාළ නිර්දේශ මෙම සතිය තුළදී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබීමට නියමිත බව සඳහන් වේ.
Read Moreඑය ලෝක ශූර කාල්සන්ට එරෙහිව රමේෂ්බාබු ප්රඤ්ඤානන්දා ලැබූ පළමු වැනි ජයග්‍රහණය වූ අතර, 2013 වසරේදී ලෝක ශූරයා වීමෙන් පසුව සුපිරි ක්‍රීඩක කාල්සන්ව පරාජයට පත්කළ ලාබාලතම ක්‍රීඩකයා බවටද ඔහු පත්විය.
Read Moreපසුගියවසර 10 තුළ මෙරට සිදු වූ අලි මිනිස් ගැටුම් තුළින් මිනිස් ජීවිත හානි 1,061ක් සහ අලි මරණ 3,338ක් වාර්තා වී ඇති බව වනජීවී රැකවරණ සහ වන සම්පත් රාජ්‍ය අමාත්‍ය විමලවි දිසානායක මහතා පැවසීය.
Read More95 හැවිරිදි බ්‍රිතාන්‍ය රැජින වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව බකිංහැම් මාලිගය පසුගිය ඉරිදා තහවුරු කළේය.
Read Moreඅපි ප්‍රසම්පාදන කටයුතු ඉතාමත් නිවැරදිව රාජ්‍ය නිලධාරීන් හරහා සිදු කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දූෂණයට විරුද්ධයි. ඒ අනුව අපේ රජය දූෂණයට විරුද්ධයි. ඒ අනුව පැහැදිලිව කියනවා අපි දූෂණයෙන් තොරව සෑම දෙයක්ම කරන්නේ. මේ ටෙන්ඩර් දුන්නම ඕන දෙයක් කරන්න.
Read Moreඑක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අඟහරුවාදා ප්‍රකාශ කළේ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමග බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබූ හමුව අවලංගු කළ බවයි.
Read Moreමරේ තේ වතුයායට අයත්, මුල්ගම උඩ කොටසේ මානා පතනක හා ටර්පන්ටයින් වගාවක අද (22දා) පස්වරු 04.00 ට පමණ ඇතිවූ ගිනිතැබීමක් නිසා මේ වන විට අක්කර 04 ක පමණ ප්‍රමාණයක් ගින්නෙන් විනාශයට පත්ව ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි. ප්‍රදේශයට පවතින දැඩි වියළි කාළගුණය හා හා සුළං තත්වය නිසා මෙම ගින්න සීඝ්රයෙන් පැතිර යමින් පවති.
Read Moreපොලිසිය පැවසුවේ තුවක්කුකරු අවසානයේදී පොලීසියට යටත්වීමෙන් පසුව ඉදිරිපස වීදියේ බිම වැතිර සිටි බවයි. ඔහු වෙත රොබෝවරයකු යොදවා පුපුරණ ද්‍රව්‍ය සඳහා පරීක්ෂාවක් කළ බවද සඳහන් විය.
Read Moreමුලතිව් ඔඩ්ඩුසුඩාන් පොලිස් වසමේ තන්නිමුරිප්පු වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක තිබූ ඉපැරණි ගල්කණු ගලවා රැගෙනයමින් සිටි හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු ඇතුළු පුද්ගලයන් නවදෙනකු අද (22දා) අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
Read Moreවිදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරමේ නියුතු ’’පානදුර සළිදු’’ නැමැත්තා ට අයත් බව කියන රුපියල් අසූ ලක්ෂ එක්දහසක ජාවාරම් මුදලක් පානදුර , විහාරස්ථානයක කළුගල් ගොඩක සගවා තිබියදී සොයාගෙන, ජාවාරම් මුදල් එකතු කරන පුද්ගලයෙකු හෙරොයින් මත්කුඩු පැකට් කිහිපයක්ද සමගින් අද (22දා) අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
Read Moreනිවාඩු අවසන් වී යළි හමුදා කදවුර වෙත යතුරුපැදියෙන් පැමිණෙමින් සිටී සිටි සෙබලෙක් අද (22දා) කොට්ටාව පිංහේන හංදියේදී ලොරි රථයකට යට වී මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදයේ සාමාජික ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් ඉල්ලීම් 06 ක් මුල් කර ගනිමින් සිය කාර්යයන් , කාලසටහනකට අනුව පමණක් වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයකට පිවිස සිටින බව එම සංසදය අද (22දා) නිකුත් කළ නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටිිිියේය.
Read Moreජාතික පාරිභෝගික මිල දර්ශකය මෑත කාලයේ වාර්තා කළ ඉහළම අගය පසුගිය ජනවාරි මාසයේදී වාර්තා වී තිබේ.
Read Moreමෙරට ජාතික ආර්ථිකයට කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරික කොටස 50% ට වැඩි දායකත්වයක් ලබා දෙන බවත් මූල්‍ය ආයතන අතර මෙම පිරිස අවිධිමත් ක්‍රමවේද භාවිතා කරන ව්‍යාපාරික කණ්ඩායම් ලෙස පිළිගැනීම මග හරිමින් විධිමත් ක්‍රමවේද භාවිතා කරන පිරිසක් බවට පත් කිරීමේ අරමුණින් සමෘද්ධි අමාත්‍යාංශය මෙහෙයවීමෙන් ව්‍යාපාර සේවා මධ්‍යස්ථාන දිවයින පුරා ආරම්භ කරමින් පවතින බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා
Read Moreදකුණේ කළමනාකරණ සේවා නිලධාරීන් අද (22දා) ගාල්ලේ සංවිධානය කළ උද්ඝෝෂණය පොලීසිය- උද්ඝෝෂණකරුවන් අතර ඉතා උණුසුම් විය.කළමනාකරණ සේවා රාජකාරි වෙනත් සේවාවන්ට පැවරීම නතර කරන ලෙස ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් මෙම විරෝධය සංවිධානය කර තිබුණි.
Read Moreපුද්ගලික රෝහලක නාමය භාවිත කර විදේශ ගත වන පුද්ගලයින් සඳහා අවශ්‍ය පී.සී.ආර්. පරීක්සණ වාර්තා ව්‍යාජ ලෙස සකස් කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreදේශපාලනික වශයෙන් අතරමංවී සිටි සමහර හවුල්කාර පක්ෂ මහමැතිවරණයේදී තම පක්ෂය සමග එකතු වී අඟේ සිට කන කමින් සිටින බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
Read Moreමේ රටේ පංච මහා බලවේගය ජීවත්වීමේ අයිතිය ඉල්ලා මහ පාරේ සටන් කරද්දී , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් එහි ප්‍රතිපත්ති අමතක කොට දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් කටයුතු කිරීම නිසා තම හෘද සාක්ෂියට එකඟව තවදුරටත් එහි රැඳී සිටීමට නොහැකි බැවින් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව , එහි උප සභාපති හා කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක , හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා පැවසීය .
Read Moreඌරගස්මන්හන්දිය කොරකින ප්‍රදේශයේ රැදී සිටි කාන්තාවන් දෙදෙනෙකු ලග තිබී හෙරොයින් මිලිග්‍රෑම් 12600 ක් සමග අද (22දා) සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව ඌරගස්මන්හන්දිය පොලිසිය පවසයි.
Read More