සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක සඟවා තිබූ පෙට්‍රල් ලීටර් 1,220 ඊයේ (27) ඇතිමලේ පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
මොනරාගල නියෝජ්‍ය පොලිස්පති එස්.ඩී.එස්.පී සන්දනායක මහතාට ලද තොරතුරක් මත මෙලෙස අත්අඩංගුවටගෙන ඇති පෙට්‍රල් වල වටිනාකම රුපියල් ලක්ෂ පහකට අධික වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් පෙට්‍රල් තොගය සිය නිවසේ සඟවාගෙන සිටි ව්‍යාපාරිකයා අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු නඩුභාණ්ඩ සමඟ සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයුතු යොදා ඇත.
ඇතිමලේ පොලිස් ස්ථානාධිපති එම්.එම් සංජය ධර්මදාස මහතා පරීක්ෂණ පවත්වයි.