saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 5721 hours ago

LATEST

රුසියාවට දරුණු සම්බාධක

calendar_today 2022 පෙබ 24 - 13:44 remove_red_eye - 1858  

රුසියානු ජනපති වැලැඩ්මීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය කිරීමත් සමග රුසියාවට එරෙහිව දරුණු සම්බාධක පැනවීමට ජාත්‍යන්තර සංවිධාන හා රටවල් තීරණය කර තිබේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. බන්දුල පද්මකුමාර මහතා ’මුල් පිටුව’ වැඩසටහනින් රූපවාහිනිය තුළ පත්තර කියවීමේ කලාව හඳුන්වාදුන්නේය.

Read More

රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ සේවක ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දෙයි.

Read More

15 හැවිරිදි දැරියක් හත් මසක ගැබිණියක් කල 15 හැවිරිදි පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගත් බව නවගමුව පොලීසිය සඳහන් කරයි.

Read More

වරකාපොල පාසලක මුරකරුවෙක් ලෙස සේවය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් මායින්නොලුව ප්‍ර දේශයේ පාලමක් යට තිබියදි සොයාගත් බව පොලීසිය පවසයි.

Read More

දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව විරෝධතාවක යෙදෙමින් සිටින බව ජනපති මාධ්‍ය අංශය කියයි. ඔවුන් ජනාධිපතිවරයා හමු වී සංදේශයක් භාර දීමට පැමිණ ඇති බව සඳහන් කළත්

Read More

යාපනය කෝවිලන් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02 ක සිටි ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු ඊයේ (23) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

රාජ්‍ය ආයතනවල හදිසි නිරීක්ෂණ චාරිකාවලට එක්වීමේ ජනපතිවරයාගේ වැඩ පිළිවෙළ යටතේ ඔහු මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන වැඩපොළේ නිරීක්ෂණ චාරිකාවට එක්ව තිබේ.

Read More

අද පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේදී විදුලි කප්පාදුවට විරෝධය දක්වමින් විපක්ෂය විදුලි පන්දම් (ටෝච්) රැගෙන සභා ගර්භයට පැමිණ තිබුණි.

Read More

ලෝකය වහා ක්‍රියාත්මක විය යුතුය. යුරෝපයේ සහ ලෝකයේ අනාගතය අනතුරේ. කළ යුතු ලැයිස්තුව: 1. SWIFT ඇතුළුව දැන් රුසියාවට විනාශකාරී සම්බාධක 2. සෑම ආකාරයකින්ම, සියලු ආකෘතිවලින් රුසියාව සම්පූර්ණයෙන්ම හුදකලා කරන්න 3. යුක්රේනය සඳහා ආයුධ, උපකරණ 4. මූල්‍ය ආධාර 5. මානුෂීය ආධාර

Read More

’පුටින් යුක්රේනයට පූර්ණ පරිමාණ ආක්‍රමණයක් දියත් කර ඇත. සාමකාමී යුක්රේන නගර වල පිපිරීම් ඇතිවෙනවා. මේක ආක්‍රමණික යුද්ධයක්. යුක්රේනය තමන්ව ආරක්ෂා කර ජය ගනු ඇත. ලෝකයට පුටින් නැවැත්විය හැකි අතර කළ යුතුය. දැන් ක්‍රියා කිරීමට කාලයයි.’ යැයි යුක්රේන විදේශ අමාත්‍යවරයා පවසයි.

Read More

2014 වසරෙන් පසුව ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරයක මිල පළමු වතාවට ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ. එ අනුව බ්‍රෙන්ට් බොරතෙල් දර්ශකය අනුව බොරතෙල් බැරයලක මිල ඇමෙරිකානු ඩොලර් 101. 5ක් දක්වා අද දිනයේදී ඉහළ ගොස් තිබේ.

Read More

ඊයේ (23දා) සිදුවූ මාරක රිය අනතුරු 8කින් පුද්ගලයන් 08ක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ හා සංවිධාන වන නායකයන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් ඊයේ (23දා) පවත්වා ඇති බව වාර්තා වේ.

Read More

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඩොන්බාස් කලාපයේ විශේෂ හමුදා මෙහෙයුමක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

රට තුළ විශාල විදුලි අර්බුදයක් ඇති වී තිබියදී සූර්ය කෝෂ හරහා විදුලිය නිෂ්පාදනය කිරීමට අවසර ඉල්ලා විදුලිබල අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන අයදුම් පත් 1,200ක පමණ ප්‍රමාණයෙන් කිසිදු අයදුම් පත්‍රයකට තවමත් අවසර ලබාදී නොමැති බව කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

බලාගාර සඳහා ඉන්ධන නොමැති වීම නිසා ඊයේ (23දා) දිනයේ A, B සහ C යන කලාපවලට පැය 4යි විනාඩි 40ක්ද, සෙසු කලාපවලට පැය 4යි විනාඩි 30ක්ද, විදුලිය විසන්ධි කිරීම සිදුවිය.

Read More

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් බදාදා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ගෙන් ඉල්ලා සිටියේ රුසියානු හමුදා යුක්රේනයට පහර දීම නතර කර සාමයට අවස්ථාවක් ලබාදෙන ලෙසයි.

Read More

අමාත්‍යාංශ කිහපයක විෂය පථය සංශෝධනය කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිින් අතිවිශේෂ ගැසට් නිිවේදනයක් නිකුත් කර තබේ.

Read More

යුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සංයමයෙන් ක්‍රියා කරන ලෙසත්, සියලු ජාතීන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම පිළිබඳ බීජිං හි ස්ථාවරය නැවත අවධාරණය කරන බවත් චීනය පවසයි.

Read More

කෘතහස්ත පුවත්පත් කතුවරයෙක් වූ සුනිිල් මාධව ප්‍රේමතිලක මහතා අද (23දා) සිය දිවි ගමනට සමු දුන්නේය.

Read More

යුක්රේනය විසින් පෙර දින ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය හේතුවෙන්, යුක්රේනයේ සිටින ප්‍රංශ ජාතිකයන් වහාම රට හැර යා යුතු බව යුරෝපීය සහ විදේශ කටයුතු පිළිබඳ ප්‍රංශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

Read More

පළාත්සභාවල නිල කාලය අවසන්වී වසර හතරකට අධික කාලයක් ගත වී තිබෙන හෙයින් එම මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

Read More

යුක්රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශ හැර අනෙකුත් සියලුම භූමි ප්‍රදේශවල හදිසි තත්ත්වයක් පැනවීමට කටයුතු කළ බව එරට ඉහළම ආරක්ෂක නිලධාරියා රට හමුවේ ප්‍රකාශ කළේය.

Read More

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ඔමික්‍රෝන් ආසාදිත නිරෝගී පුද්ගලයන්ගෙන් අධි අවදානම් සහිත පුද්ගලයන්ට වෛරසය බෝවන බැවින් පෙරට වඩා දැඩිව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

Read More

වර්ථමානයේ කොත්මලේ සහ වික්ටෝරියා බලාගාර වල ජලය භාවිතා කරන ආකාරය අනුව ඉදිරියේදී මෙම බලාගාර දෙකෙහි කඩා වැටීමක් සිදු වුනොත් සමස්ථ විදුලි පද්දතියම කඩා වැටීමේ අවධානම තිබෙන බවට වන අනතුරු ඇගවීම ආණ්ඩුවට සිදු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව හැඳල, තොටුපලවත්ත කැළණි ගං මෝය ආශ්‍රිත ප්‍රදේශයේ අද (23දා) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 400කට ආසන්න තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

2022 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් වන Raid Amazones - 2022 තරගාවලියේ නිල ගුවන් සේවා සහකරු ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය පත් කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය ප්‍රවෘත්ති නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටී .

Read More

ලෝක බාලදක්ෂ දින සැමරුම හා ජනාධිපති බාලදක්ෂ සහතිකපත් ප්‍රදානය අද (23දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

Read More

බද්දේගම මැතිවරණ කොට්ඨාසයේ යක්කලමුල්ල තෙල්ලඹුර මීගහවෙල මාර්ගය රුපියල් මිලියන 22.5 වියදමින් කාපට් කිරීම සිදුකර ඇති අතර එහි තත්වය ප්‍රමිතියෙන් තොර බව සඳහන් කරමින් යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ (පොදු පෙරමුණ) සභාපති ඇතුළු මන්ත්‍රීවරු සහ ප්‍රදේශවාසීන් අද (23දා) කොට්ටව මංසන්ධියේදී ගාල්ල - උඩුගම මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.