saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 5725 hours ago

LATEST

පිරවුම්හල් තුළ ඉන්ධන ප්‍රමාණයන් පරීක්ෂා කෙරේ

calendar_today 2022 පෙබ 23 - 17:46 remove_red_eye - 339  

පුත්තලම දිස්ත්‍රික්කයේ ඉන්ධන හල් තුළ පවතින ඉන්ධන ප්‍රමාණයන් පිළිබදව තොරතුරු ලබා ගැනිම පාරිභෝගික අධිකාරියේ පුත්තලම කාර්යාල නිළධාරින් විසින් කටයුතු කර තිබුණි.

මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර මහත්මිය ඝාතනය කොට ඇගේ ජංගම දුරකථනය කොල්ලකෑමේ චෝදනාවලට ‘පේන්ට් බාස්’ නමැත්තා වරදකරු කරමින් කොළඹ මහාධිකරණය ඔහුට මරණ දඬුවම නියම කිරීම අභියාචනාධිකරණය විසින්ද අනුමත කළේය.

Read More

ශ්‍රි ලංකා යුද හමුදා ගුවන් සංක්‍රමික (Air Mobile) පුහුණු පාසල වෙතින් ආරම්භ කරනු ලැබු පාඨමාලා අංක 24 හැදෑරු නිලධාරින් 06 දෙනෙකු සහ සෙසු නිලයින් 324 දෙනෙකු අද (23දා) නිකවැව ගුවන් සංක්‍රමික පුහුණු පාසලේදී ගුවන් සංක්‍රමික නිල ලාංඡන පැලදීමෙන් පසු විසිරයන ලදි.

Read More

රාජ්‍ය සේවය ඉතා විශාලයි. ජනතාවගේ සෑම අවශ්‍යතාවයකටම රාජ්‍ය සේවකයෙකුගේ මැදිහත් වීම සිදු වේ. එම නිසා සියලුම රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින් ජනතා සේවය ඉටුවනු දැකීමතම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් සිය අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන්ට චෝදනා කරමින් ප්‍රහාර එල්ල කළ බවත්,ඒවාට තමන් ලබාදෙන ප්‍රතිප්‍රහාර දරුණු විය හැකි යැයි ඔවුන්ට දන්වන බවත් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

Read More

අවුරුදු 15 මාස 9ක් වයසැති දැරියක් ගණිකාවක් ලෙස විවිධ පුද්ගලයන් වෙත අලෙවි කිරීම සම්බන්ධයෙන් අවුරුදු 36ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ජය ශ්‍රී සංගීත කණ්ඩායම ගායනා කරන ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම හා අන්තර්ජාලය තුළ පළකිරීම තහනම් කරමින් කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කර තිබූ වාරණ නියෝගය අද ඉවත් කරනු ලැබීය.

Read More

යාපනය කෝපායි පොලිස් වසමේ රාසාවින් ප්‍රදේශයේ පිහිටි නිවෙසක වයෝවෘද්ධ කාන්තාවක් ඝාතනය කොට තිබියදී මළ සිරුර ඊයේ (22දා) සවස සොයාගත් බවට පොලීසිය පවසයි.

Read More

තංගල්ල අවට ප්‍රදේශයේ මේ දිනවලදී ඩීසල් නොමැති වීම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාට සිය ජිප් රථයට අවශ්‍ය ඩීසල් නොමැති බව කියමින් තංගල්ල ධීවර වරායේ බෝට්ටුවකින් ඩීසල් ගෙන එය සිය රථයට පුරවා ගැනීමට අද(23දා) කටයුතු කළේය.

Read More

ඊයේ පාස්කු ප්‍රහාරයේ වෙළුම් ගණනාවක් පාර්ලිමේන්තුවට ලබා දුන්නා. මේ වෙළුම් දෙන්න තිබුණේ අවුරුද්දකට කලින්. දැන් වෙළුම් දීලා වැඩක් නෑ. ඒක දෙන්න ඕන නඩුව දෙන්න කලින්. දැන් නඩුවලින් විත්තිකාරයන් නිදහස් වෙනවා. දැන් වෙළුම් මොකටද? මේකේ වටිනාකම තිබෙන්නේ බෝතල් කාරයෙකුට විතරයි.

Read More

කොළඹ සිට බෝට්ටුවකින් යාපනයේ සංචාරයකට පැමිණි ඇමරිකානු ජාතිකයෙකු පැමිණි බෝට්ටුවේ තිබු උපකරණ සියල්ලක්ම සොරාගෙන ඇතැයි අදාල සංචාරකයා විසින් අද (23දා) යාපනය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

Read More

යහපාලන ආණ්ඩුව විසින් පිහිටවු දූෂණ මර්දන කමිටුව හා ලේකම් කාර්යාලය මගින් සිදුකරන ලදැයි පැවැසෙන අක්‍රමිකතා සොයා බැලීම සඳහා පත්කළ විශේෂ ජානාධපිත පරීක්ෂණ කොමිෂන් සභාව සාක්ෂි විමසීම ආරම්භ කිරීමට නියමිතය.

Read More

පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව පත්කළ ජනපති කොමිෂමේ පසුගියදා පර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව පිටු 69100කින් සමන්විත වෙයි. එයට වෙළුම් 88ක් ඇතුළත් වෙයි.

Read More

මාර්තු 04දා සඳෙහි ඈත පැත්තට කඩා වැටීමට නියමිත රොකට් බූස්ටරයක් ​​චීනයේ Chang’e-5 මෙහෙයුමේ කොටසක් නොවන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැංග් වෙන්බින් මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ පාලන මැදිරිය තුල සුරක්ෂිතව තබා තිබූ වෙළෙද පොළේ මිළ අධික වටිනාකමකින් යුත් මරාන්ට්ස් වර්ගයේ ජංගම පටිගත කිරීමේ යන්ත්‍රයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය කියයි.

Read More

විදුලි කප්පාදුව හේතුවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශාල ප්‍රශ්නයක් වන බවත් මෙම විදුලි කප්පාදුව උසස් පෙළ විභාගය අවසන් වන මාර්තු 05 වැනිදායින් පසුව සිදු කිරීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට සඳහන් කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් මාතෘ හා ළමා සායන මගින් ලබා දෙන ත්‍රිපෝෂ මෙවර ලබාදී ඇත්තේ දින නමයකින් කල් ඉකුත්වන ත්‍රිපෝෂ බව ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් හා කිරිදෙන මව්වරුන් චෝදනා කරති.

Read More

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මියට අද (23දා) පිලියන්දල පොලිසිය හමුවේ පෙනී සිටීමට දැනුම් දුන්නද ඇය ඒ සඳහා නොපැමිණි බව පිළියන්දල පොලිසිය කියයි.

Read More

කොළඹ සිට මාතර බලා ගමන් ගත් ශ්‍රීලංගම බස් රථයක් ඩීසල් නොමැතිව අද (23දා) උදෑසන කළුතර නගර මධ්‍යයේ නතරවීමෙන් එහි ගමන් ගත් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි පැවසේ.

Read More

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පී.සී.ආර්. පරීක්ෂණයකින් යළිත් කොවිඩ් ධනාත්මක වී තිබේ. මේ අනුව හෙටින් ආරම්භ වීමට නියමිත ඉන්දීය විස්සයි20 තරගාවලිය වනිඳු හසරංගට අහිමි වෙනු ඇති බව වාර්තා වෙයි.

Read More

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ස්වාභාවිකව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහුගේ ජීවිතය අනතුරේ බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

හොරණ කොළඹ මාර්ගයේ කෝරලඉම ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවකයන් ප්‍රවාහනය කරන බස් රථයක් අද (23දා) අලුයම එකිනෙක ගැටීමෙන් සේවක සේවිකාවන් 25ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය පවසයි.

Read More

ලෝකයේ තෙල් මිල අඩුම රටවල් අතරින් ලංකාව ඉන්නේ 22 ස්ථානයේ. අපිට වැඩිය ඉදිරියෙන් ඉන්න රටවල් 21කම තෙල් නිපදවන රටවල්. ලංකාව අපනයනයෙන් ඩොලර් මිලියන 1000ක් හොයන විට තෙල් වලට ඩොලර් මිලියන 500ක් ගෙවන්න වෙනවා. ඉන්ධන ආනයනය සඳහා මුදල් වෙන්කර ගැනීම අභියෝගයක්. මේ අවස්ථාවේදී තෙල් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.

Read More

හෙරොයින් ග්‍රෑම් 54කුත් මිලිග්‍රෑම් 730 සිය කළිසම් සාක්කුවේ තබාගෙන සිටි පුද්ගලයෙකු පුත්තලම රෝහල් පරිශ්‍රයේ දී කල්පිටිය පොලිසිය විසින් ඊයේ (22දා) රාත්‍රියේ දී අත් අඩංගුවට ගෙන ඇත. ඉන්පසු කරන ලද පරීක්ෂාවේ දී අණාවරණය වී ඇත්තේ,මෙම පුද්ගලයා රාජකාරිය නිමවා සිය ඥාතියෙකු බැලීමට රෝහලට පැමිණි සිටි,පුත්තලම කොට්ඨාශයට අයත් නොරොච්චෝල පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු බවයි.

Read More

පෙබරවාරි 26 වැනිදා ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය සපායා දිනය වෙනුවෙන් වෙන්වන අතර එහි දී මෙරට ප්‍රධාන මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෝ 11 දෙනෙක් මෙරට ඉතා වටිනා මැණික් ගල් 25ක් එහි ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

Read More

(EXCLUSIVE)ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ඩොලර් අර්බුදය සහ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට ලබාදෙන පුහුණුව තාවකාලිකව නවතා දැමීමට එංගලන්තයේ රාජකීය කායික රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (Royal College of Physicians) තීරණය කිරීම කොළඹ විශ්ව විද්‍යාලයයේ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයද නිල වශයෙන් පිළිගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ අරමුණින් ආරම්භ කෙරෙන ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන සදහා මේ වසරේ දෙවන කාර්තුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක් ලබාදීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා එකඟත්වය පල කරයි. සංචාරක කර්මාන්තය පිලිබදව පසුගියදා (21) මුදල් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පල වූ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ඩීසල් මෙට්‍රික් ටොන් 35000ක් රැගත් ඉන්ධන නැවට ඊයේ (22දා) රාත්‍රියේ ඩොලර් මිලියන 35.3ක මුදල ගෙවීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව එම නැවෙන් ඉන්ධන ගොඩ බෑම ඉතාමත් ඉක්මනින් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

උතුරු, උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත්වලත් මාතලේ හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට අද (23දා) දිනයේදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

වර්තමානයේ ජනතාව මුහුණදෙන ප්‍රශ්න පිළිබඳ සලකා බලා, දැනට පවතින ඉන්ධන මිල ඒ ආකාරයෙන්ම ඉදිරියටත් පවත්වාගෙන යෑමට ඊයේ(22දා) පැවැති විශේෂ කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.