දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහත්වරුන්ට උපදෙස් දුන්නේය. නාරාහේන්පිට මිල්කෝ කර්මාන්ත ශාලාව අ
බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් පරිවර්තනය කළ ත්‍රිපිටක ග්‍රන්ථ 07ක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීම ඊයේ (24දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.
Read Moreඅනුමත නැති උපකරණ පාර්ලිමේන්තුවට ගෙන ඒම පිළිබඳ පාර්ලිමේන්තුවේ දී ඊයේ (24දා) මතු වූ තත්ත්වය සම්බන්ධයෙන් ලැබී ඇති වාර්තාව අනුව හදිසි පක්ෂ නායක රැස්වීමක් හෝ කැඳවා කඩිනමින් පියවරක් ගන්නා ලෙස, සභානායක, දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (25දා) කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
Read Moreප්‍රසිද්ධ දේශපාලනඥයකු ලෙස පෙනී සිටිමින් මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ඇමතුමක් ලබා දී මරණීය තර්ජනය කළ දුරකථන අංකයට අදාල පුද්ගලයාගේ සම්පූර්ණ නම, ලිපිනය සහ හැඳුනුම්පත් අංකය මිනුවන්ගොඩ පොලිසියට ලබා දෙන ලෙස අදාළ ජංගම දුරකථන සමාගම් දෙකකට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සි ඒ සමරදිවාකර මහතා අද (25දා) නියම කළේය .
Read Moreආරක්ෂිත මුහුදු ජිවියෙකු වශයෙන් නම් කර ඇති පනා කැස්බෑවන් පස් දෙනෙකු මන්නාරම නගරයේ නිවසක සගවා තබා තිබිය දි ඊයේ (24දා) සොයා ගත හැකිවු බව මන්නාරම කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය කියයි.
Read Moreශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මහවැලි බී කලාපයේ විජයබාහුපුර කොට්ඨාසයේ කුඩාඔය අමුණේ වැලි ඉවත් කිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර තිබූ වැලි කැණීම් බලපත්‍රය වහාම තාවකාලිකව අත්හිටුවන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ උපදෙස් දුන්නේය.
Read Moreබලාගාර සඳහා ඉන්ධන නොමැති වීම නිසා ඊයේ (24දා) සහ පෙරේදා (23දා) දිනවල A, B සහ C යන කලාපවලට පැය 4යි විනාඩි 40ක්ද, සෙසු කලාපවලට පැය 4යි විනාඩි 30ක්ද, විදුලිය විසන්ධි කිරීම සිදුවිය.
Read Moreරුසියාවේ නීත්‍යානුකූල ආරක්‍ෂාව පිළිබඳව චීනය අවබෝධ කරගෙන සිටින බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ට පවසයි.
Read Moreසංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 62කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැත පළමු විිස්සය20 තරගයෙන් ඉන්දිය කණ්ඩායම ජයගත්තේය.
Read Moreසාමාන්‍ය මාත්‍රාවෙන් තුනෙන් එකකට සමාන එන්නත් දෙකක් සති තුනක කාල පරතරයකින් ලබාදිය යුතු බව දකුණු කොරියානු ආහාර හා ඖෂධ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.
Read Moreවන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියැවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වනජීවි හා වන සංරක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟත්වය පසුගියදා (22) හිමිවිය.
Read Moreහයිටියේ පෝට් ඕ ප්‍රින්ස් හි කර්මාන්තශාලා කම්කරුවන්ගේ විරෝධතා අතරතුර පොලිසිය වෙඩි තැබීමෙන් මාධ්‍යවේදියෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
Read Moreමතුගම ප්‍රදේශයේ පසුගිය 15 වෙනි දින වෙඩි තබා ඝාතනය කල තිදරු මවගේ මරණය සම්බන්ධයෙන් එම ඝාතනය සැලසුම් කලා යැයි සැකපිට කාන්තාවක් පොලීසිය විසින් අද (24) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඇයගේ සහභාගීත්වය සැලසුම් කර තිබූ අතථ්‍ය රැස්වීම් පවා අවලංගු කිරීමට සිදුව ඇති බව එම ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය පවසයි.
Read Moreමේ අවස්ථාවේ තිබෙන්නේ පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රතිරෝධ නිර්මාණය කරගැනීම නොවෙන බවත් ජනතාව විශාල පීඩනයකට අසහනයකට පත්වී සිටින බැවින් සියලු වාමවාදී දේශප්‍රේමීන් ඊට මැදිහත් මැදිහත්ව කටයුතු කිරීම අවශ්‍ය බවශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
Read Moreඒ අනුව 2016 වර්ෂයේ සිට 2021 දක්වා කාලය තුළ කාර්යාංශය තුළ එකතු වූ රාජ්‍යභාග ප්‍රමාණය රුපියල් 16,591,075,088ක් වන අතර රාජ්‍ය භාණ්ඩාගාරයට සම්ප්‍රේෂණය කොට ඇත්තේ රුපියල් 8,520,235,812ක් පමණි. මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා දන්වා සිටියේ රාජ්‍යභාග නිසි පරිදි රාජ්‍යට ලැබිය යුතු බවයි.
Read Moreකෝවිඩ් 19 වෛරසයේ බූස්ටර් මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ට අතුරු ආබාධ ඇති වන බවට කටකතා පැතිර යාම පිළිබඳ අතිශය කණගාටු වන බවත් වර්ථමානයේ අනාවරණය වී ඇති පරිදි කිසිදු අතුරු අබාධයක් බූස්ටර් මාත්‍රාව සමග ඍජු සම්බන්ධතාවයක් නොමැති බව විද්‍යාත්මක පසුබිම බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
Read Moreබලපත්‍ර නොමැති බව සඳහන් කරමින් මීට වසර 06කට පෙර අත්අඩංගුවට ගෙන වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි ’දෙව්මිණි’ සහ ’වස්තු’ යන අලි පැටවුන් දෙදෙනා ඔවුන්ගේ හිමිකරුවන්ට මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (24දා) නියම කළේය.
Read Moreභූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින් රාජ්‍ය භාණ්ඩාගාරයට අය විය යුතු රාජ්‍යභාග පසුගිය වසර ගණනාව පුරාම නිසි පරිදි සම්ප්‍රේෂණය වී නොමැති බවත්, එය නිසි පරිදි සිදු කිරීමට ක්‍රියාමාර්ග ගතයුතු බවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
Read Moreසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ රුවන් නමැත්තාට අයත් බව පැවසෙන මීගමුව, දකුණු පිටිපන මුහුදු වෙරළට මායිම්ව පිහිටි ලක්‍ෂ 3,000ක් පමණ වටිනා ඉඩමක් සහ වැඩ අවසන් නොකළ සුඛෝපභෝගී නිවස විශේෂ කාර්ය බළකාය සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගේ විසින් අද (24දා) දින වටලන ලදී.
Read More2015 වසරේ පැවැති ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයෙකු මරා දැමීම සම්බන්ධයෙන් තමන්ට නියම කළ මරණීය දණ්ඩනයෙන් නිදහස් කරන්නැයි ඉල්ලා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ’චොකා මල්ලී’ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනයේ තීන්දුව ලබන මාර්තු 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (24දා) දැනුම් දුන්නේය
Read Moreසේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයන්ට මරණයකදී හෝ පූර්ණ බෙලහීනතාවකදී දැනට ගෙවන උපරිම වන්දි ප්‍රමාණය වන රු 550,000 ක මුදල, රු 2,000,000 (විසි ලක්ෂය) දක්වා වැඩි කිරීම මෙමගින් සිදුවේ.
Read Moreඅසම්පූර්ණ නිල ඇඳුමින් සැරසී එනම් සෙරෙප්පු දෙකක් පැළඳ රථවවාහන රාජකාරියක නිරතවීම සම්බන්‍ධයෙන් විනය පරීක්‍ෂණයක් පවත්වා තීරණයක් ගන්නා තෙක් ඇඹිලිපිටිය පොලීසියේ රථවාහන රාජකාරීයේ යෙදුන පොලිස් සැරයන්වරයෙකුගේ සේවය තාවකාලිකව තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේය.
Read Moreවර්ථමානයේ පෙට්‍රල් 92 දින 10ට, පෙට්‍රල් 95 දින 40ට, ලංකා ඔටෝ ඩීසල් දින 08ට සහ සුපර් ඩීසල් දින 08 රජය සතුව තොග පවතින බවත් එමෙන්ම ඉදිරියේදී ඉන්ධන තොග ලැබීමට නියමිත බවත් ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසීය.
Read Moreසෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කිරුළපන සරණ පාරේ පිහිටි නිවසේ හිඟ විදුලි බිල වන රුපියල් 12,056,803.38 (එක්කෝටි විසි ලක්ෂ පනස් හය දහස් අටසිය තුනයි සත තිස් අටක) මුදල ගෙවා දමන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
Read Moreහික්කඩුව සංචාරක අවන්හලකට අනවසරයෙන් ඇතුලු වී පහරදීමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහාධිකරණය විසින් නියෝග කර තිබේ.
Read Moreඉදිරි මාස හය ඇතුළත වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රටට හැකිවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. රට තුළ ඇති සියලු ප්‍රශ්න වලට විසදුම් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවත්, මේ රට පවතින අර්බුදයෙන් ගොඩ ගත හැක්කේ වත්මන් ආණ්ඩුවට පමණක් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
Read Moreපාර්ලිමේන්තුව තුළට ගෙන ඒමට අනුමත උපකරණ ලේඛණයෙන් පරිභාහිර උපකරණ ගෙන ඒම මුළු පාර්ලිමේන්තුවේම ආරක්ෂාවට තර්ජනයක් මතුවන බව සභානායක සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
Read Moreකොළඹ ඇතුළු රටපුරා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ජාතික සැලැස්මට අදාළව ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට ඊයේ (23) පස්වරුවේ උපදෙස් දුන්නේය.
Read More