මිරිහාන පැඟිරිවත්ත ආසන්නයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් ඊයේ (31) රාත්‍රියේ සිදුවූ ප්‍රචණ්ඩකාරී සිද්ධියෙන් රුපියල් මිලියන 39ක පොදු දේපලවලට හානි සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
ඊයේ (31) රාත්‍රියේ ඇතිවූ සිද්ධිය සහ පැනවූ ඇඳිරිනීතය හමුවේ නැවත ඇඳිරිනීතය පැනවීමේ කිසිදු තීරණයක් මේ දක්වා ගෙන නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
Read Moreමඩ සෝදා ගත් කල රජ කමට සුදුසු ගොවියා මේ මොහොතේ හිඟනුන් බවට පත් කර තිබෙන බව පවසමින් සහ, ගොයම බාලවී අස්වැන්න අඩුවීම හේතුවෙන් ණය වලට මැදිවී සිටින තමන් ඇතුළු මහවිලච්චියේ ගොවි ජනතාවට සිංහල අවුරුද්දට පෙර වහා සහනයක් ලබා දෙන ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා ගොවි සංවිධානයක සභාපතිවරයෙකු ඊයේ (31දා) විරෝධතාවයක නිරත විය.
Read Moreජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ සිදුක විරෝධතාව යම් යම් පක්ෂ ක්‍රියාකරුවන් විසින් සිදුකල දෙයක් බවත් ඔවුන් සීමාව ඉක්මවා යාමේදී ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත අවම බලය යොදමින් උද්ඝෝෂකයන් විසිරුවා හරින ලෙස උපදෙස් දුන් බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.
Read Moreඩීසල් නොමැති වීම, ගෑස් මිල ඉහල දැමීම සහ අයිස් මිල ඉහල යෑම ඇතුළු ධීවරයින්ට බලපා ඇති ගැටලු වලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් ගාල්ලේ ධීවර ප්‍රජාව අද (01දා) දහවල් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය බස් නැවතුම්පල ඉදිරිපිටින් අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.
Read Moreතමා පදිංචි ඉඩම සහ නිවස උකස් කර ලබා ගත් ලක්ෂ 8 ක මුදලකින් නිධන් වස්තු තොගයක් මිලදී ගැනීමට ගිය යුද හමුදා සෙබළකුගේ එම මුදල් වංචා කර පලා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (31දා) විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.
Read Moreසිමින්ති කොට්ටයක මිල රුපියල් 500කින් මිල ඉහල දැමීමට තීරණය කර තිබේ
Read Moreනුවරඑලිය මහ නගර සභාව විසින් අද (01දා) සිට මේ මස (30දා) දින දක්වා පවත්වන වසන්ත උදානය නතර කරන ලෙස බල කරමින් ප්‍රදේශවාසින් පිරිසක් වසන්ත උදාන සමාරම්භ උත්සව භුමියට කඩා වදි.
Read Moreතම වාහන සදහා ඩීසල් ලබා දෙන ලෙස ඉල්ලමින් පිරිසක් අද (1දා) උදෑසන සිට පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයෙන් මාර්ගය සම්පුර්ණයෙන් වසා දමා ඇති බව මදුරන්කුලිය පොලිසිය පවසයි.
Read Moreමෙරටුව වඩු කාරිමිකයන් පිරිසක් විල්ලෝරාවත්ත දැව සංස්ථාව ආසන්නයේ සිට පාගමනින් විරෝධතාවයකින් මොරටුව මහනගර සභාව දෙසට පැමිණ ඇත.
Read Moreමෙරට පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රජයට රටපුරා මතුව ඇති විරෝදය හමුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව ඔහු දරමින් සිටින මුදල් ඇමතිධූරයෙන් ඉවත් කිරීමට බොහෝ පාර්ශවයන් රජයයට ඉල්ලීම් ලැබෙන බව වාර්තා වෙයි.
Read Moreනුවරඑළිය කාල්ටන් පෙරපාසලේ පැවැත්වීමට සැලසුම් කර ඇති අවුරුදු උත්සවය නැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.
Read MoreUPDATE නුගේගොඩ මිරිහාන ඇඹුල්දෙණියෙහි පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස ආසන්නයේ ඊයේ රාත්‍රියේ පැවති විරෝධතාව අතරතුර බස් රථ සහ වාහන රැසකට ගිනි තැබූ බව කියන පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreමඩකලපුව එරාවුර් පොලිස් වසමේ අයියන්කේනි ප්‍රදේශයේ අපරාධ ක්‍රියාවන්වලට සම්බන්ධ සිව්දෙනෙකු අද (01දා) උදෑසන අත්අඩංගුවට ගත් බව මඩකලපුව දිස්ත්‍රික්ක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පි එස් බණ්ඩාර පැවසිය.
Read Moreරට තුළ භාණ්ඩ මිල ඉහළ යාම සහ උද්ධමනයට එරෙහිව රට පුරා විරෝධතා මතුව ඇති අතර, මෙහි කූඨප්‍රාප්තියක් ලෙස ජනපතිට එරෙහි විශ්වාසභංගය කරළියට පැමිණ ඇත.
Read Moreඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වූ දුම්රිය මැදිරි 120ක් ධාවනයට එක් කිරීමට නොහැකිව තිබියදී නැවතත් එම වර්ගයේම මැදිරි 40ක් මෙරට ගෙන්වා තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreපූටින්ව ඔහුගේ හමුදාව විසින්ම නොමග යවන බවට වූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ක්‍රෙම්ලීනය කියා සිටියේ රුසියාව ක්‍රියා කරන ආකාරය එක්සත් ජනපදයට නොතේරෙන බවයි.
Read Moreනිශ්චිත වැඩපිළිවෙළක් නෑනේ. ලබන සඳුදා වෙනවා කියනවා, සමහර ඇමතිවරු ඇවිත් කියනවා අවුරුදු වෙනකොට කරන්ට් එකත් නෑ කියලා. කරන්න බැරි නම් කියන්න. එහෙම නැතිනම් කරන විදිය කියන්න. බැරිනම් කරන්න බැරිවුන් පැත්තකට වෙලා කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න
Read Moreරුසියානු හමුදා යුක්රේන ආරක්ෂක කර්මාන්තය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ කර ඇති බව බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ උදේශකයෙකු වන ඇලෙක්සි ආර්ස්ටොවිච් පවසයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසට යන මාර්ගය හරස් කරමින් මේ මොහොත වන විට විරෝධතාවක් පැවතෙන බව වාර්තා වෙයි.
Read More’’අප්‍රේල් 1 සිට මිත්‍රශීලී නොවන රටවල් රුබල්වලින් නොගෙවන්නේ නම්, අපි මෙය ගෑස් කොන්ත්‍රාත්තුවේ පැහැර හැරීමක් ලෙස සලකනවා. එසේ වුවහොත් පවතින කොන්ත්‍රාත්තු අවලංගු වනු ඇති’’ ජනාධිප පූටින් පවසයි.
Read Moreබලශක්ති, සංචාරක, විදේශ රැකියා සහ තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ප්‍රවර්ධනයට බ්‍රිතාන්‍ය, දකුණු කොරියාව සහ ඊජිප්තුව යන රටවල සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන බව අද (31දා) ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවීම් වලදී සඳහන් කෙරිණි.
Read Moreරුසියානු - යුක්රේන අර්බුදය සමග ඉහළ ගොස් ඇති බලශක්ති මිල පාලනය කිරීමේ උත්සාහයක් ලෙස එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මාස හයක් සඳහා එරට උපායමාර්ගික ඛනිජ තෙල් සංචිතයෙන් දිනකට තෙල් බැරල් මිලියනයක් මුදා හැරීමට නියෝග කරන බව ධවල මන්දිරය පවසයි.
Read Moreමහනුවර ඇතුළු ප්‍රදේශ වලට පසුගිය කාලයේ බලපෑ වැසි රහිත කාලගුණය නිමා කරමින් අද (31දා) සවස ධාරානිපාත වර්ෂාවක් ඇද වැටීමත් සමග මහනුවර නගරයේ ස්ථාන කීපයකටම අයිස් වර්ෂාවක් පතිත වී තිබේ .
Read Moreබලාගාර සඳහා ඉන්ධන තොග නොමැති වීම හේතුවෙන් හෙට (01දා) දිනයේදී පැය 12ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
Read Moreසුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් වූ රුපියල් කෝටි දහයක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (31දා) මීගමුව කලපුව අසලදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.
Read Moreශ්‍රී ලංකාව සිය ඉතිහාසය තුළ බරපතළම ආර්ථික අර්බුදයට පත්ව ඇති මේ මොහොතේ එමඟින් සමාජයේ සෑම ජන කොටසක්ම දැඩි පීඩාවට පත්ව තිබේ. එම අර්බුදයෙන් රට ගොඩගැනීම ඉලක්ක කරගත් ’’මුළු රටම හරිමගට’’ ජාතික වැඩපිළිවෙළ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු ආණ්ඩුව නියෝජනය කරනු ලබන පක්ෂ එකොළහ විසින් කඩිනමින් ඉදිරිපත් කරනු ලැබුවේ ඒ කෙරෙහි අප බලවත් සේ සවිඥානක නිසාය.
Read Moreතංගල්ල රන්න නගරයේ ටයර් වෙලඳසැලක් කඩා බස් ටයර් සොරකම් කරන ලද ප්‍රධාන සැකකරු හා සොරකම් කරන ලද ටයර් ප්‍රවාහනය කල කුඩා ලොරි රථය සමඟ එහි රියදුරුද තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිළධාරින් මගින් අද (31දා) අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreපළාත් පාලන ආයතනවල දැනට සිටින කාන්තා මන්ත්‍රී ධුර සංඛ්‍යාව අඩුකරමින් කාන්තා නියෝජනය 25% සිට 16% දක්වා පහත හෙලීමට රජය පිඹුරුපත් සකස්කරන්නේ යැයි පවසමින් බදුල්ල දිස්ත්‍රික්කයේ මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජනය කරන සියළුම මන්ත්‍රීවරියන් ඊයේ (30දා) බදුල්ල හෙරිටේජ් හෝටලයට රැස්වි එම තීරණ පිළිබදව දැඩි විරෝධය පලකළහ .
Read Moreශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව යාපනය, කොවිලන් ප්‍රදීපාගාරයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ අද (31දා) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 66 ග්‍රෑම් 600 කට ආසන්න තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
Read More