වික්ටෝරියාවේ ස්වයංක්රීය වාන් දොරටු දෙකක් විවෘත වෙයි
කඳුකර ප්රදේශවලට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ වික්ටෝරියා ජලාශයේ ස්වයංක්රීය වාන් දොරටු දෙකක් අද (01) අළුයම 04.00 ට විවෘත වී පැය හතරක කාලයක් ජලය මුදා හැර නැවතත් වැසී ගිය බව මහවැලි අධිකාරිය කියයි.
කියුබික් ඝන මීටර මිලියන 722 ක උපරිම ජල ධාරිතාවයකින් යුතු වික්ටෝරියා ජලාශයේ විවෘත වූ ස්වයංක්රීය දොරටු දෙකෙන් තත්පරයට ඝනමීටර් 160 ක ජල ධාරිතාවක් රන්දෙණිගල ජලාශය වෙත මුදා හැරුන බව කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පැවසීය.
රන්දෙණිගල ජලාශයේ මේ වන විට ජල ධාරිතාව සියයට අසූවක් දක්වා ඉහළ ගොස් ඇති බව මහවැලි අධිකාරිය සඳහන් කරයි.
ෂේන් සෙනෙවිරත්න


popular news
-
Kumar Wednesday, 02 November 2022 01:28 AM
Victoriawa asalin samada wagey wartha una boohoomi chalana nawathilaada.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

