කොළඹ පැවති උද්ඝෝෂණයේදි උද්ඝෝෂණයට සහභාගි වු පිරිසට සහ මාධ්‍යවේදින්ට පහර දිම තරයේ හෙලා දකින බවත්, තමන් රජයට තවදුරටත් සහය දක්වනවාද නැද්ද යන්න පිලිබදව ඉදිරියේදි දැඩි තිරණයක් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසයි.
ලබන සඳුදා සිට අත්‍යාවශ්‍යම සිසුන් පමණක් පාසල්වලට කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ
Read Moreඋද්ඝෝෂණ මුවාවෙන් පොදු දේපලවලට හානි සිදු කරයි නම්, වෙළඳසැල් කඩනවා නම්, නිවාසවලට අලාභ හානි කරනවා නම්, ඔවුන්ට විරුද්ධව පොලීසිය දැඩි නිතිමය පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
Read Moreමිරිහානේ පැවැති විරෝධතාවයේදී කළහකාරී ලෙස හැසුරුණ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් සැකකරුවන් 26ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
Read Moreඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවැරී ඇති බල තල අනුව අද (02දා) පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 තෙක් ඇඳිරි නීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ලියාපදිංචි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කර තිබේ.
Read Moreඅනුරාධපුර දහයියාගමින් හා යාපනය හංදිය ප්‍රදේශවලින් මාර්ග අවහිර කරමින් ජනතාව මේ වන විට විරෝධතාවක් ආරම්භ කර තිබේ.
Read Moreකැන්ඩි ක්‍රීඩා සමාජය හා සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම අතර හෙට පැවැත්වීමට නියමිත තරගය ප්‍රේක්ෂකයන්ට විවෘත නොකිරීමට තීරණය කර තිබේ.
Read Moreමෝදර පොලීසියේ යැයි කියමින් ගම්පොලදී අත්අඩංගුවට ගත් තිසර අනුරුද්ධ බණ්ඩාර නම් තරුණයා මෝදර පොලීසියේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.
Read Moreරට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත්කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.
Read Moreමුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් ලංකාවේ රැදී සිටියි. මුදල් අමාත්‍යවරයා ලංකාවෙන් පිටව ගොස් ඇති බවට සමාජය තුළ කථා බහක් නිර්මාණය වී තිබේ. මේ පිළිබඳව ’අද’ සිදුකළ විමසා බැලීමකදි වාර්තා වූයේ ඊයේ රාත්‍රියේ සිට ඔහු තවදුරටත් ලංකාවේ රැදී සිටින බවයි.
Read Moreවොෂින්ටන්, ඩීසී හි නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් 2013 වසරේදී මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයට ඩොලර් 332,027 ක් මුදලක් (රුපියල් කෝටි 10ක් පමණ) වංචා කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙක් වන ජාලිය වික්‍රමසූරිය වරද පිළිගෙන තිබේ.මේ පිළිබඳව පැවැත්වූ නඩු විභාගයකදී ඔහු මෙසේ වරද පිළිගෙන තිබේ.
Read Moreපළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිිබේ. තමා මැයි 01 දා සිට බලපැවැත්වෙන පරිදි සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.
Read Moreසිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ, දේශබන්දු ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා අද (2) උදෑසන අභාවප්‍රාප්ත විය. 85 වැනි වියේ පසුවූ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.
Read Moreසාමකාමීව විරෝධතා දැක්වීමට ශ්රීත ලාංකිකයන්ට අයිතියක් ඇති බව ශ්රීක ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය පවසයි. සිය ට්විටර් ගිනුමට ප්රිකාශයක් කරමින් ඇය පවසන්නේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ඉදිරි දිනවලදී ආර්ථික ස්ථාවරත්වය හා දුක් විදින අයට සහාය දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන අභියොගාත්මක කාලසීමාව පිළිබඳව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් වන රොෂාන් මහානාම හා සනත් ජයසූරිය සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළින් අදහස් දක්වා තිබේ.
Read Moreරට තුළ ක්‍රමයෙන් වර්ධනය වන නොසන්සුන්තාව හේතුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. පහතින් දැක්වෙන්නේ මේ හදසි අවස්ථා තත්ත්වයකදී කටයුතු කෙරෙන ආකාරය පිළිබඳව විග්‍රහයකි.
Read Moreමෙම නීතිඥයින් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ ගාස්තු අයකිරීමකින් තොරව වෙයි. එසේම පොලීසිය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිම වෙනුවෙන් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේදී සැකකරුවන්ව අත්පොළසන් දී නීතිඥවරු විසින් පිළිගත් අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ සැකකරුවන් පිරිසක් අත්පොළසන් දී නීතිඥවරු විසින් පිළිගත් පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයත් සමග ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය හමුවේ ආණ්ඩුවට එරෙහිව ජනතා විරෝධය ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි අවධානනයක් යොමුකර තිබේ. මෙම සිදුවීම් ජාත්‍යන්තරයේ ප්‍රධාන මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අතිරේක ලේකම්වරු හා සහකාර ලේකම්වරු 12ක් පත්කර තිබේ. මේ අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයෙක් මෙන්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු දෙදෙනෙක්ද වෙයි.
Read Moreතමන්ව ඉවත් නොකළහොත් පකිස්ථානයට ප්‍රතිවිපාක අත්විඳිය හැකි බවට විදෙස් රාජ්‍යයක් තර්ජනය කරන බවට ඉම්රාන් ඛාන් ප්‍රකාශ කිරීමෙන් පසුව, අගමැති ඝාතන සැලැස්ම හෙළිදරව් වී ඇතැයි එරට තොරතුර අමාත්‍යවරයා කියයි.
Read Moreයුක්රේනය විසින් එරට දේශසීමාවට නුදුරු රුසියානු තෙල් පර්යන්තයනට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරය අනාගත සාකච්ඡා සඳහා යහපත් නොවන බව මොස්කව් අවධාරණය කරයි.
Read Moreරටේ උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් විරෝධය පළකරමින් ගාල්ලේ නීතිඥවරු අද (01දා) දහවල් උද්ඝෝෂණයක නිරතවූහ.
Read Moreඑක්සත් ජනපදය ප්‍රමුඛ කණ්ඩායම සීතල යුද්ධයේ යල්පැන ගිය නිෂ්පාදනයක් බව බීජිං අවධාරණය කළේය.
Read Moreපාර්ලිමේන්තුවට බලය පවරා ජනාධිපතිවරයා වහාම තම මව් රටට යා යුතු බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. රට තුළ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.
Read Moreරුසියානු ජනාධිපතිවරයා පැවසුවේ ගෝලීය ආහාර අර්බුදයක් සමග අනිවාර්යයෙන්ම සංක්‍රමණ රැල්ලක් ඇති වන බවයි.
Read Moreදිනෙන් දින ඉහළ යන ජීවන වියදම ඉන්ධන සහ ගෑස් ගැටලුව හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කොට ඇති බව පවසමින් මොරටු මහනගරසභා පරිශ්‍රයේ සිට පවතින රජයට සහ නගරාධිපති ඇතුලු කණ්ඩායමට බැන වැදුන ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම අද(1දා) පැවති මොරටු මහ සභාව නීතියානුකුල නොවන බව පවසමින් නාගරික කොමසාරිස් වරයාට ලිපියක් භාර දෙනු ලැබීය.
Read Moreලන්ඩනය සහ වොෂිංටනය හොංකොංහි දේශපාලන නිදහස පිළිබඳ වාර්තා ප්‍රකාශයට පත්කිරීමත් සමග, හොංකොං එක්සත් ජනපදයට සහ එක්සත් රාජධානියට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය, අප්‍රේල් 08 සිකුරාදා පැවැත්වීමට අද (01දා) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී තීරණය කෙරුණු බව, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read More