ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ එක් වෘත්තීයක සේවක සංගමයක් වත්මන් පාලන අධිකාරිය සමඟ එකඟතාවයෙන් සාමාජිකයන්ගේ වැටුප 400%කින් වැඩිකර ගැනීමට කටයුතු කර ඇති බවට සෙසු සේවක සංගම් චෝදනා කරති.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවක සංගම් තම වැටුප 25%කින් අඩුකර ගැනීමට එකඟ වෙමින් සිටින අවස්ථාවක මෙම වැටුප් වැඩි කර ගැනීමට කටයුතු කර ඇති බවයි.
අවසන් වරට ඔක්තෝබර් මස පැවැති ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ පත්‍රිකාවක් මගින් එම සේවක සංගමය නියෝජනය කරන සේවකයන්ට පමණක් 400%ක වැටුප් වැඩිවීමක් අනුමත කර ඇති බවයි.
ඒ අනුව මේ වන විට ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ වෙනත් සේවක සංගම් දැඩිව අවධාරණය කරන්නේ ගුවන් ගමන් පාලනයේදී ඉතාමත් සංවේදී වෙනත් වෘත්තීන්ද මෙම වැටුප් වැඩිවීම සිදුකළ සැනින් තම සේවක සංගම්ද දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එලඹෙන බවයි. මෙය වර්ජන රැල්ලක මූලාරම්භය වීම අනිවාර්ය සහ නොවැලැක්විය තත්වයක් බවද ඔවුහු අවධාරණය කරති.
ඊට අමතරව මේ වන විටත් ජාතික ආර්ථික දේහයේ සංවේදී මර්මස්ථාන නියෝජනය කරන වෘත්තීය සමිති ගුවන් ගමන් පාලකවරුන්ට 400%ක වැටුප් වැඩිවීමක් ලබාදීමට කටයුතු කරන්නේ නම් ඔවුනටද ඊට සමාන්තරව වැටුප් වැඩිවීමක් අවශ්‍යය බවට රජයට බල කිරීමට කටයුතු කිරීමට අනිවාර්ය ඉඩක් නිර්මානය වන බවද පෙන්වා දෙයි.